2013 අයවැය ගුරුදා
ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ අටවැනි අයවැය බ්‍රහස්පතින්දා (08) පස්වරු 12.50ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය නිදහසින් පසු ඉදිරිපත්කරන 66 වැනි අයවැයයි. මුදල් ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරයි. අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය 09 දා ඇරඹෙන අතර එම විවාදය 17 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම 17 වැනි දින පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 19 දා ඇරඹෙන අයවැයි තුන්වැනිවර කියවීමේ විවාදය දෙසැම්බර් 08 දින දක්වා පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

