2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත්


එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත. ආසියානු පැසිපික් විකාශන සංගමය විසින් ඔලිම්පික් තරග ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබ ඇත. එම සංගමයේ සාමාජිකත්වය හිමි එම්. ටී. වී. නාලිකාව ද ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.  විකාශන අයිතිය ලබා ගැනීම සඳහා රටක නාලිකාවක් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ නම් සංගමයේ නීති මාලාවට අනුව එම අවස්ථාව දියයුතු බව ආසියානු පැසිෆික් විකාශන සංගමය පෙන්වා දී තිබේ. එම්. ටී. වී. නාලිකාවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ සංජීව රණතුංග මහතා පවසන්නේ ඔලිම්පික් කී‍්‍රඩා විකාශය සම්බන්ධයෙන් විවිධ විවිධ අදහස් මතු කළද, ආසියානු පැසිෆික් විකාශන සංගමයේ අනුමැතියෙන් මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ උණුසුම උපරිමයෙන් ලබාදීමට සිරස නාලිකාව සුදානම් බවයි. මෙම අවස්ථාවට මහරාජා සමුහයේ සාමාන්‍යාධිකාරී මොහාන් බහරාරා, එහි අධ්‍යක්‍ෂවරුන් වන නීඞ්රා වීරසිංහ, ශාන්ති භාග්‍යරත්නම් සහ එම්. ටී. වී. නාලිකා ප‍්‍රධානී චෙවාන් ඩැනියල් යන මහත්ම මහත්මීහු සහභාගිවුහ.