195 හපනෙක් ගිරිඋල්ලෙත්


(හේමලතා ඩී හේවගේ)

මෙවර  පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ගිරිඋල්ල  කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව් කිසිඳු ගෙත්මිර වීරසූරිය සිසුවා ලකුණු 195 ක් ලබාගැනීමට සමත් විය.

මෙම විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් 65 ක් පෙනීසිට ඇති අතර ඉන් 25 ක් ඉහලින් සමත්වී ඇත

කඩහපොල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් ඩී සී වීරසූරිය සහ ආර් එම් වී කරුණාරත්න යන මව්පිය දෙපලට දාව උපන් කිසිඳු ගෙත්මිර පවුලේ එකම දරුවාද වන අතර විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායමේ සහ අපරදිග තූර්ය්‍ය වාදක කණ්ඩායමේ ද සමාජිකයකු වෙයි