19 න් පහළ ක‍්‍රිකට් පිලේ නායකත්වය ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිතට
මැලේසියාවේදී මේ මස 23 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ද මෙල් නම් කර තිබේ. උප නායකත්වය මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඇන්ජලෝ ජයසිංහට හිමිවිය.
වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක නායක සනිත ද මෙල් පසුගිය වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී නැගී යන ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.
ආසියානු කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තාය, බංග්ලාදේශ සහ සත්කාරක මැලේසියාව සහභාගි වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම:
සනිත ද මෙල් (නායක - මොරටුව ශා. සෙබස්තියන්), ඇන්ජලෝ ජයසිංහ (උප නායක - මීගමුව මාරිස්ටෙලා), පබසර වඩුගේ (ගාල්ල රිච්මන්ඞ්), ෂෙහාන් ප‍්‍රනාන්දු සහ රනිත ලියනාරච්චි (බම්බලපිටිය ශා. පීතර), කසුන් විදුර (වෙන්නප්පුව ජෝශප් වාස්), ජේසන් පෙරේරා (කොටහේන ශා. බෙනඩික්), නිරෝෂන් දික්වැල්ල (මහනුවර ත‍්‍රිත්ව), සදුන් වීරක්කොඩි (මහනුවර ධර්මරාජ), පුලින තරංග (අම්බලන්ගොඩ දේවානන්ද), ළහිරු මධුසංඛ (මාතලේ ශා. තෝමස්), චමෝද් පතිරණ (ගල්කිස්ස සා. තෝමස්), අනුක් ප‍්‍රනාන්දු සහ අමිල අපෝන්සු (මොරටුව ශා. සෙබස්තියන්ස්) සහ තරි`දු කෞෂාල් (රත්ගම දේවපතිරාජ)

