ජනපතිගේ විධායක බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳුදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයෝ අද (19) එකඟත්වය පළ කළහ.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේදී අද මේ රැස්වීම පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ අගමැතිද ඊට සහභාගි විය.
සඳුදා සහ අඟහරුවාදා විවාදය පැවැත්වීමට නියමිතය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ 20 වැනි සංශෝධනය සමග 19 හා 20 යන සංශෝධන දෙකම මැයි මාසය මුලදී සම්මත කරගැනීම රජයේ අදහසයි.

