අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හරියටම අද පස්වරු 7 ට සිය පිළිතුරු කථාව අවසන් කළේය. කථානායක චමල් රාජපක්ෂ මහතා දෙවැනි වර කියවීම ඉදිරිපත් කළේය.
මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම ඇරඹිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු කථාව කරමින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමට එදා සිට අද දක්වා ගත් ක්‍රියාමාර්ග විස්තර කළේය.
මෙම ක්‍රමය ඇති කළ ජේ.ආර්.ජයවර්ධන දවසක් තමා සමග පැවසූයේ ‘රනිල් මේ තනතුරට පත්වන කිසිම කෙනෙක් මේ බලතල ඉවත් කිරීමට කැමති වන්නේ නෑ. එයා පැරදුණොත් පමණයි බලතල නැතිවන්නේ‘ ජේ.ආර් එදා එසේ කීවත් එම තනතුරට පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනපති එම පදවියේ රැඳී සිටිමින්ම සිය අයිතිවාසිකම් කපා දැමීමට එකඟවී සිටිනවා. එය සුවිශේෂ සිද්ධියක්. 19 වැනි සංශෝධනයෙන් විධායක ජනපති ක්‍රමයේ සියලු දොස් නොනැසෙන නමුත් ලද දෙයින් සතුටුවීමට අපට සිදුවී තිබෙනවා. ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වූ වගන්ති අප ඉවත් කළා. පාර්ලිමේන්තුවට වගකියන ජනපතිවරයකු ඇතිකිරීම සඳහාවන සංශෝධන ඉදිරිපත් කළා. ගිය රජය අහෝසි කළ 17 වැනි සංශෝධනයේ අහිමි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවනවා. 18 වැනි සංශෝධනය ඉවත් කරනවා. ඉන් කියවුණේ දෙවරකට වඩා පුද්ගලයකුට ජනපති පදවිය දැරිය හැකි බවයි. මේ සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා. ඒ අනුව තරග කළ හැකි වාර ගණන දෙකයි.

