18 වසරක් දුම්රිය පාර මුර කරයි


හබරණ පුවක්පිටිය අනාරක්ෂිත දුම්රිය හරස් පාරේ වසර දහ අටක් තිස්සේ ස්වේච්ඡා මුරකාරිය ලෙස අලුයම තුනේ සිට රාත්‍රී 11 වන තුරු සේවය කරන ගෙවිලියකි එස් සිරියාවතී මහත්මිය. ඇය තුන්දරු මවකි. ඇගේ එකම ඉල්ලීම උණ බම්මු දෙකක් හා අසළ විදුලි කණුවට විදුලි බල්බයක් සවි කැර දෙන ලෙසයි. තම සේවයෙන් ලොකු සතුටක් ලබන බව ඇය කියයි.