ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහල් තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න පත්කර තිබේ. පානදුර රාජකීය විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක මාධව නිමේෂ් උප නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලද නියෝජනය කළ වේග පන්දු යවන ප‍්‍රවේගකාරි පිතිකරුවකු වන චාමික කරුණාරත්න ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අමතරව බැඞ්මින්ටන් සහ මලල කී‍්‍රඩාවේ විසිකිරීමේ ඉසව්වල සමස්ත ලංකා වයස් කාණ්ඩ ශූරයෙකි. ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නගේ බාල සොහොයුරා ද වේ.
පානදුර රාජකීය විදුහලේ ප‍්‍රබල පිතිකරු මාධව නිමේෂ් 2010 වසරේ ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළේය.