1400කට ස්ථිර පත්වීම් ඉල්ලයි


දුම්රිය ආදේශක සේවකයන් 1400ක් සේවයේ ස්ථිර කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ජනාධිපති ලිපියක් යොමු කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවක සංඛ්‍යාව 23 652ක් වුවද නිත්‍ය සේවකයන් සිටින්නේ 14000ක් පමණක් යැයි සංගමයේ ප්‍රධාන ලේකම් සුමතිපාල මානවඩු මහතා කියයි. මෙම පුරප්පාඩු පියවීමට පසුගිය කාලයේ ආදේශක පදනමින් බඳවාගත් ‘උණ බම්බු ගේට්ටුකරුවන් ඇතුළු 1400ක පිරිස තවමත් සේවයෙහි ස්තිර කර නැතැයි ඔහු කියයි.