අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකු මිය ගියේ පානදුරේ පිරිසක් අලුත් අවුරුද්දට දෙහිඅත්තකණ්ඩියේ නෑ ගෙදරක ගොස් සෙවනපිටියේ තවත් නෑ ගෙදරකට යද්දී ය.
ඔවුන් අත්ට්‍රැක්ටරයකින් ගමන් කළ බවත්, තවත් තුවාලකරුවන් අට දෙනකු අරලගංවිල රෝහලට ඇතුළත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මිය ගිය අය අතර කාන්තාවන් සිව් දෙනකු ද, පිරිමි ළමයින් දෙදෙනකු ද, කුඩා ගැහැණු ළමයකු ද සිටින බවත් සිරුරු අරලගංවිල රෝහලේ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

