13 සංශෝධනය පරණ පාන් කෑල්ලක් වගෙයි


13වෙනි ව්‍යවස්ථා සංශෝධනය  නැමති පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමා බලය රැක ගැනීමට රජය ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියයි.

‘මේ මතවාදය යල්පැන ගියපු පැරණි මතවාදයක්. හරියට පරණ පාන් කනවා වගේ. ඉන්දියාව අපේ රටේ  ජාතික සමගිය නැති කරමින් අපේ රටට මේ දේ බලෙන් පටවපු දවසේ ඉදලා මේ දේශපාලන මතවාදය තිබුණා. පාලක පක්ෂ සුළු දේශපාලන පක්ෂය හරහා තම බලය රැකගන්න 13වැනි සංශෝධනය කියන පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමනවා. අද මේ රජය කරන්නෙත් ඒ ටිකම තමයි. අරක ඕනෑ මේක ඕනෑ අරක එපා මේක ගේන්න කියලා කවුරුන් මොන විදියට කෑ ගෑහෑවුවත් ඉන්දියාව ඈඟිල්ල දික් කර ගමන් චණ්ඩි ටික සීරුවෙන් හිටගන්නවා. ජනාධිපතිතුමාගේ සොහොයුරා පසුගියදා ඉන්දියාවට ගියා. එතනදි ඉන්දියාව ඈගිල්ල දික් කරලා පුංචි තරවටුවක් දැම්මා. දැන් කට්ටිය සීරුවේන් කෝ කෑ ගහපු චන්ඩි? මොනවද අයින් කලේ? හෑබෑයි 13වෙනි සංශෝධනයෙන් පළාත් සභා වලට තියෙන දෙටත් වඩා එහාට ගිය එවා දෙන්න මේ අය පොරොන්දු වෙලා. එවා මොනවද කියලා කවුද දන්නේ? මෙ පළාත් සභා රටට බරක්. රටට කිසිම වෑඩක් නොකරන පළාත් මහා ඇමතිවරු නම දෙනෙක් ඇමතිවරු මන්ත්‍රිවරු නඩත්තු කරන්න මොනතරම් මුදලක් නිකරුනේ වැය වෙනවද? පළාත් සභා අහෝසි කරන්න ඕනි කියලයි අපි කියන්නේ.  ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒක එදත් කිවුවා අදත් හෙටත් කියනවා.

 2009 මැයි 19 වැනිදා යුද්ධය ඉවරකළ ගමන්ම අපි ජනාධිපතිට කිව්වේ බෙදුම්වාදි යුද්ධය ඉවර කළත් බෙදුවාදී දේශපාලන මතවාද කරලියට එනවා එවා නවත්වන්න දෑන් ක්‍රියා කල යුතුයි කියලා. නමුත් එතුමා කළේ තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය එළි පෙහෙළි කරගන්න එක විතරයි. අද මොකද වෙලා තියෙන්නේ?.

රටේත් ඉන් පිටතත් බෙදුම්වාදය ශක්තිමත් වෙලා. ඉන්දියාව ඇතුළු බටහිර රටවල් එවාට උල් පන්දම් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර සමාජ සංහිදීව සහෝදරත්වය ඇති කළොත් පළාත් ඉන්දියාව තියා මොන ජගතටවත් අපේ රටට අත පොවන්න බැහැ. හැබැයි ඒ රටවල මිනිස්සුන්ට වඩා ඉහළ නිදහසක් ඉහළ අයිතිවාසිකම් අපි ලබා දෙන්න ඕනෑ.

එහෙම නෑතිව ජාතික ආරක්ෂාව කියලා විදුහල්පති වරුන් නර්නල්ලා බ්‍රිගේඩියර්ලා කරලා ගමක් ගමක් ගානේ හමුදා කදවුරු පෑටව් ගස්සලා මෙවා කොරන්න බෑහෑ.

 අපි ඉන්දියාවට කියන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගෑන කතාකරන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගෑන හොයලා බලන්න කියලා කන්න අදින්න දෙන්න කියලා. ලොකේ වැඩිම දුප්පතුන් ඉන්න රට ඉන්දියාව.  පළාත් සභා වලට විරුද්දත්වය දක්වන ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා මැතිවරණ වලට ඉදිරිපත්ව මන්ත්‍රිධුර ලබාගන්නේ ඇයිදැයි එසෑණ කල විමසුමට පිලිතුරු දුන් සෝමවංශ මහතා මෙසේ පැවසීය. පළාත් සභා වලට අපි සුජාත භාවය ලබා දෙන්නේ නෑහෑ. මෙයින් ජනතාවට කිසිදු දෙයක් කළ නොහැකියි බව අපි ඇතුලේදීත් සිටත් ඉන් පිටදීත් නොබියව පවසනවා.