13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත දමන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමි ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පළාත් සභා අනුමැතිය සඳහා යොමු කරනවාද? නැද්ද යන්න පිළිබඳ තීරණය මෙම මස 12 වැනි දිනට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන්ට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කෙළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නිවේදනය කළේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මූලික අයිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය. අග විනිසුරු මොහාන් පීරිස්, චන්ද්‍ර ඒකනායක සහ සත්‍යා හෙට්ටිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. පළාත් සභා අනුමැතියකින් තොරව රතන හිමියන්ගේ කෙටුම්පත වැරැදි සහගත ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අතුළු කර ඇතැයි ද එය නිවැරදි කරන්නැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලයි