13 රකින්න රනිලුත් එයි


13 වන ව්‍යාවස්ථා සංශෝධනය ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමට බල කරමු, බලය බෙදා එක් වෙමු  යන තේමාව යටතේ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පෙත්සමකට අත්සන් එකතු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. එය ආරම්භ කරමින්  විපක්ෂනායකවරයා  ඊට තම අත්සන යොදු අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකනයින් ද  අත්සන් කෙරූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර,  එරාන්  වික්‍රමරත්න, තිස්ස අත්තනායක ඇතුළු එක්සත් ජාතික  පක්ෂ නියෝජිතයන් ද මනෝ ගනේෂණ්, වික්‍රමබාහු කරුණාරත්න, සිරිමසිරි හපුආරච්චි , සරත් මනේමෙන්ද්‍ර, සිරිතුංග ජයසූරිය යන විපක්ෂයේ නායකයින් ද මෙයට එක් ව සිටියහ.