චමිල් රුපසිංහ
මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00 ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයා මහනුවර සිට බදුල්ල දක්වාත් මහනුවර සිට කොළඹ දක්වාත් ගමන් කළ හැකි දුම්රි ප්‍රවේශ පත්‍ර කලින් මිලට ගෙන දුම්රිය කවුන්ටරයේ ටිකට් පත් අවසන්වූ පසු ඒවා වැඩි මිලට විදේශිකයින් සඳහා අලෙවි කරන බව පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.
සිද්ධියෙන් පසු මහනුවර දුම්රිය ස්ථානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත.

