'නේවි සම්පත්' අත්අඩංගුවට


නිමන්ති රණසිංහ
 
 
2007  වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව සිටි  හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නේවී සම්පත්' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


දොම්පේ ප්‍රදේශයේ දී ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තගේ ගාල්ලගේ අශෝක නමින් ජාතික හැඳුම්පතක් සකස් කර ගනිමින් සැඟව සිටි ඇත්තේ අධීකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වලින් සැඟව සිටිම සඳහාය.