ලෝකයේ පස්වෙනි කුඩාම රට වන සැන් මැරිනෝ ඉතාලියට අයත් භූමි ප්‍රදේශයකින් වට වී ඇති අතර එය ඉතාලියේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ ටිටානෝ නම් කන්දේ පිහිටා ඇත.
යුරෝපයේ ධනවත් රටවල් අතරින් කුඩා ස්වාධීන ජනරජයක් වන සැන් මැරීනෝ රාජ්‍යය ක්‍රිස්තු පූර්ව 1600 වෙනි සියවසේදී නීති ගත වු ලොව පැරණිතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමිකම් කියයි.
හතරවෙනි සියවසේදී සොයා ගනු ලැබු මෙම රාජ්‍යය යුරෝපයේ පැරණිතම රාජ්‍යය බව කියනු ලැබේ.
එහි විශාලත්වය වර්ග සැතපුම් 24 කි. එහි පදිංචිව සිටින ජනගහනය තිස් දෙදහසක් පමණ වෙයි.
එහි ඒක පුද්ගල ආදායම රුපියල් හතලිස් නව ලක්ෂ තිස් අටදහසක් වන අතර වසරකට සංචාරකයින් ලක්ෂ තිස්පහක් පමණ පැමිණෙන අතර මෙය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
සැන්මැරීනෝ හි ප්‍රකට ලක්ෂණය වන්නේ ලොකු කුඩා කඳු වැටි ය.
රටේ ඉහළම කඳු මුදුන අඩි 2477 වන ටිටානෝ කඳු මුදුනය. පහළම ස්ථානය අඩි 180 ක් උසය.
ශ්‍රී ලංකාව හා සැන් මැරීනෝ අතර තානාපති සබඳතා ඉතා මෑතකදී ආරම්භ කෙරිණි.
සැන් මැරිනෝ පිහිටි ටිටානෝ කඳු මුදුන දැඩි ශීත කාලගුණයකින් යුක්ත වන අතර එහි මුදුනට නැග ගත් විට ඉතාලියේ පෙදෙස් ගනනාවක්ම දර්ශනය වේ.
ලොව සිටින ප්‍රධාන පෙළේ ධන කුවේරයන් තම ගිනුම් වල රහස්‍ය භාවය රැක ගැනීම සඳහා සැන් මැරීනෝහි තම ධනය තැන්පත්කොට ඇති බව වාර්ථා වෙයි.
සිනහවෙන් සංග්‍රහ කරන ඉතා මිත්‍රශීලී පොලිස් සේවාවක් මෙහි පවත්වාගෙන යන අතර කිසිම බාධාවකින් තොරව සැන්මැරීනෝ පාර්ලිමේන්තුව ඇතුළු වැදගත් ස්ථාන වලට යාම සඳහා ඔවුහු ක්ෂණිකව කටයුතු කරති.