​හොංකොං දේශය වර්ණවත් කළ ශ්‍රී ලාංකික සංස්කෘතික පෙළහර


 

 

හොංකොංහි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ජාතීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන සංස්කෘතික පෙළහර ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය නොවැම්බර් මස 17 වැනි දින ඉරිදා පැවැත්විණි.   


ආසියානු ශාන්තිකර කලාපයේ රටවල් දහනවයක සහභාගීත්වයෙන් සිදුකරන්න යෙදුන සංස්කෘතික මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන ශිල්පීන් විසින් සංස්කෘතික උළෙල වර්ණවත් කළහ. 

 
එමෙන්ම ශ්‍රී ලංකා තේ, සිතුවම්, බතික්, හස්ත නිර්මාණ සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යන අංශ මුල් කොට ගනිමින් ප්‍රදර්ශනය කරන්නට යෙදුන නැරඹුම් කුටියද නරඹන්නන්ගෙන් පිරී තිබුණි.   


ශ්‍රී ලාංකීය සංස්කෘතිය ජාත්‍යන්තර වේදිකාවට ගෙන යමින් ලංකා මාතාවට අභිමානයක් එකතු කරමින් හොංකොං රාජ්‍ය තුළ ශ්‍රී ලාංකීය නාමය ඔසවා තබන්නට දරන වෑයම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කැපවීම අගය කළ යුතුම වේ.