ශ්‍රී ලාංකික මෘදුකාංග ඉන්ජිනේරුවා නවසීලන්තයේදී ඉහළ ඇගැයීමට


නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවකු වන දනුෂ්ක අබේසූරියගේ ඡායාරූපයක් නවසීලන්තයේ ජනප්‍රිය (M2) එම්ටූ සඟරාවේ 2019 අගොස්තු කලාපයෙහි පළවූයේ මෙසේයි.   


මෘදුකාංග පරිගණක ඉන්ජිනේරුවකු වන දනුෂ්ක අබේසූරිය ව්‍යපාර පරිපාලනය සම්බන්ධ ඉහළ පෙළේ සමුළුවකදී නවසීලන්තයේන් ගෝලීය විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව උත්පාදන හා තාක්‍ෂණික සීමාවන් පුළුල් කරන්නේ කෙසේද? (How to pash the boundaries of ihnovahons and technology to create global solution's from Newzeland) යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළ දේශනය ඉතා ඉහළ අගැයීමකට ලක් විය. ඒ නිමිත්තෙන් ඔහුගේ ඡායාරූපය M2 සඟරාවේ මුල් පිටුවෙහිත් දේශනය ඇතුල් පිටුවලත් පළවුණි. මෙම සමුළුව (Lexus) ලෙක්සස් රතවාහන ආයකනය මගින් මෙහෙයවන ලදී.  


දනුෂ්ක අබේසූරිය රෂ් ඩිජිටල් (Rush digital) සමාගමෙහි නිර්මාතෘවරයා වෙත අතර ප්‍රධාන තාක්‍ෂණික නිලධාරියා (CTO) ද වේ. ඔහුගේ මෙම සමාගමෙහි ඉන්ජිනේරුවන් 100 කට වැඩි ගණනක් සේවයේ යෙදී සිටී. ඔහු 2016 දී නවසීලන්ත Young high tech achiever සම්මානයද දිනාගනු ලැබුවේය. ඔහු නවසීලන්තයේ ඔක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේදී ඉන්ජිනේරු උපාධියක් ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැසචුසෙට් (Massachusetts) M.I.T විශ්වවිද්‍යලයේදී ව්‍යාපාර පරිපාලනය හදාරා ඇත.