ලෝක සංක්‍රමණික ස්මාරකය වතිකානුවේදී පාප්තුමන් අතින් නිරාවරණය වෙයි


 

 

ලෝක සංක්‍රමණකයන් හා සරණාගතයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් වතිකානුවේ සාන්ත පීතර චතුරශ්‍රයේදී නිරාවරණය කෙරේ.  


මෙම සැප්තැම්බර් 29 වැනි දින 105 වන ලෝක සංක්‍රමණික සහ සරණාගතයන්ගේ දිනයේදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමයේ වතිකානුවේ සාන්ත පීතර චතුශ්‍රයේ ලෝක සරණාගතයන් සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.  


කැනේඩියානු චිත්‍ර ශිල්පියකු වන Timothy P Schmalz ගේ "Angels Unaware" බෝට්ටුවේ දැක්වෙන්නේ යුදෙව් ජාතිකයකුගේ සිට නාසි ජර්මනියෙන් පලා ගිය සිරියානු ජාතිකයකු දක්වා, සිවිල් යුද්ධයෙන් පලා යන සංක්‍රමණිකයන් 140 දෙනෙකි.  


ලෝක සංක්‍රමණික දිනය දා විවෘත කරන ලද මෙම මූර්තියේ උස අඩි 20කි. ජේසුගේ දෙමව්පියන් වන මරියතුමියගේ සහ ජුසේතුමාගේ පින්තූරද මෙයට ඇතුළත් කර ඇත.  

 


කාන්ති රතුගම,  කතානියා.