යෝෆු අන්තර්ජාතික ළමා සංස්කෘතික උත්සව තරගාවලියේදී හොඳම සම්ප්‍රදායික ඇඳුම්වලට හිමි සම්මානය චීනයේ ශ්‍රී


 

යෝෆු අන්තර්ජාතික සංස්කෘතික අධ්‍යාපන කණ්ඩායම මගින් චීනයේ බෙයිජින් අගනුවර පැවැත් වූ 2019 යෝෆු අන්තර්ජාතික ළමා සංස්කෘතික උත්සව තරගාවලියේදී හොඳම සාම්ප්‍රද‌ායික ඇඳුම් අායිත්තම් අංශයට හිමි සම්මානය හිමිකර ගැනීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් විය.  


ළමයින් අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමටත් එක් එක් සංස්කෘතීන් පිළිබඳ වන අවබෝධය පුළුල් කිරීමත් අරමුණු කොට ගෙන පැවැති මේ තරගාවලිය සඳහා එක් එක් රටවල තානාපති අංශ නියෝජනය කරමින් වයස අවුරුදු 7-12 අතර ළමයි ඊට සහභාගී වූහ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් එහි සේවය කරන මහත්ම මහත්මීන්ගේ දූ දරුවෝ අංශ ගණනාවක් යටතේ පැවති තරගවලට තරග කළහ.  


එම උත්සවයට සමගාමීව පැවති මාධ්‍ය සාකච්ඡාවලදී චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනෝකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ එකිනෙකා අතර සහයෝගය හා මිත්‍රත්වය ගොඩනැගීම සඳහා ඇති පහසුම මාර්ගය සංස්කෘතික හුවමාරුව බවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාව නිරතුරුව ක්‍රියාකාරීව සහභාගී වන බවත්ය.  

 


උපුල් වික්‍රමසිංහ