පොසොන් උදාව සයිප්‍රසයේ ද හරසරින් සැමරූහ


 

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රධානතම හා ශ්‍රේෂ්ඨතම සංස්කෘතික පෙරළිය ඇති වූ දිනය  ලෙස සඳහන් ​ෙවන්නේ ක්‍රි.පූ. තුන්වැනි සියවසේ දී සිදු වූ මහින්දාගමනයයි. 


අපගේ ආදරණීය මාතෘ භුමියේ ජීවත් වූ හා ජීවත් ​ෙවන ජනතාව කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දඹදිව සිට වැඩම කළහ. ඒ අපගේ මාතෘ භූමිය පින්බිමක් කරනු පිණිස ය. එසේම ජීවත් ​ෙවන මිනිසුන්ගේ නැණ නුවණ මෙන්ම ගුණ නුවණ ද පෝෂණය කරනු පිණිස ය. 


මිස්සක පව්වේ අම්බස්තලයෙන් ගලා ආ සදහම් දිය දහර පළමුව මහ රජතුමාගේත් දෙවනුව රාජකීය පරම්පරාවේත් එතැන් සිට ලාංකීය පොදු මහ ජනතාවගේත් හදවත් නිවා සනහාලමින් ගලා ගියේය. 


දූත පිරිසේ ප්‍රධානියාණන් වූ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් රටේ ප්‍රධාන පුරවැසියා වූ දෙවන පෑතිස් මහ රජතුමාගේ දර්ශනය වෙනස් කළ සේක. හිංසන ආකල්ප අවිහිංසන ආකල්ප බවට පත් කළ සේක. මෙළොව මෙන්ම පරළොව ද සතුටින් ගෙවන පිළිවෙල කියා දුන් සේක. සසරේ බිහිසුණු බව පෙන්වා දී සසරින් මිදෙන මග වටහා දුන් සේක. 
රජු දැහැමි වෙ​​න විට රටක් දැහැමි ​ෙවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉතිහාසය පුරා අපට එය ඔප්පු කර දී තිබේ. මිහිඳු මහරහත් උතුමන් වහන්සේගේ ආගමික මාර්ගෝපදේශකත්වය තුළින් තෙරුවන් සරණ ගිය දෙවනපෑතිස් මහ රජාණන්ගේ රාජ්‍ය නායකත්වය ලක් දෙරණට ශාන්තියක් විය. මුළු රටම දැහැමි ​ෙවන්නට වැඩි කලක් ගතවූයේ නැත. රාජකීය පරපුරෙන්ම පළමු ලාංකීය භික්‍ෂුව පහල විය. රජ මැදුරේදීම පළමු මගඵල ලාභියා ද පහල විය. 


මාස කිහිපයකට පසු සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ වැඩමවීමත් එතුමිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත් ඒ දැහැමි මග තවත් අර්ථවත් කළේය. විමුක්තාකාමී මග කාන්තාවන්ට ද විවර වූයේ එතැන් සිටය. 


මේ ​ෙවන විට අප සිටින්නේ ඒ උත්තම මව් බිමේ නොවේ. එහෙත් පොසොන් පොහෝ දින උදා ​ෙවන විට මව් බිමේ උරුමය අපට ද දැනෙයි. 


සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය සහ කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක, පූජ්‍යපාද මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සයිප්‍රසයේ සේවයේ නියුතු සැදැහැ ඇත්තෝ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වූහ. 


ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනේ සහ ලිමාසෝල් 


සදහම් මැදුරේ දී පොසොන් පොහෝදා සීල-භාවනා වැඩසටහන් දෙකක් පැවැත්විණි. 


විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ සහ කුඩාරඹාවැවේ ධම්මගවේසී ස්වාමීන් වහන්සේ විසින් ආගමික වැඩසටහන් මෙහෙවයනු ලැබූහ. බොහෝ පිරිසක් සිල් සමාදන් වූහ. දන්පැන් පූජා කරමින් තවත් පිරිසක් ඔවුන්ට උපස්ථාන කළහ. 


නිකෝසිය තරුණ කැල විසින් විහාරස්ථානය අබියස පවත්වන ලද බත් දන්සල මගින් පන්සලට පැමිණි සියළු දෙනාගේ දිවා ආහාරය සම්පූර්ණ කළේය. 

 


පොසොන් පොහෝ දින රාත්‍රීයේදී ලංකාරාම මහ පන්සලේ බෝධීන් වහන්සේ අබියස ආශීර්වාද පූජාවක් පවත්වා අපගේ මාතෘ භූමියට හා එහි ජීවත්​ෙවන අහිංසක රට වැසියන්ට ආශීර්වාද කළහ. අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කළහ. අංග විකල බවට පත්වූ හා නෑසියන් අහිමි වී අසරණ වූ සැමට සෙත් පැතූහ. 


එහිදී අනුශාසනාවක් කළ මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේ විසින් පැමිණි පිරිසට මහින්දාගමනය පිළිබඳවත් ලාංකීය ඉතිහාසය පිළිබඳවත් සිතට දැනෙන සේ පැහැදිළි කර දුන්හ. බණ පොතේ කරුණු වලට අතිරේකව අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රකාශ ද හුවා දක්වමින්, වර්තමානයේ ඒ ප්‍රකාශ සියල්ල සත්‍ය වී ඇති අයුරු නිදර්ශන සහිතව පෙන්වා දුන්හ. එතුමා කී පරිදි රටේ නිදහස ඇති කිරීම පිණිස දියසෙන් කුමරෙකු බිහි​ෙවන තෙක් සිංහලයා බලා සිටිය ද, මව් කුසේදීම ඔවුන් මරා දමන්නට කටයුතු කරන බව ධර්මපාල තුමා එදා කීවේ අද සිදුවන ගර්භාෂ යුද්ධය එතුමා එදා දැක තිබූ නිසා නොවේදැයි ප්‍රශ්න කළේ ය. තව දුරටත් උන් වහන්සේ මෙසේ අදහස් දැක්වූහ. 


“පක්ෂ පාට වලට බෙදී සිංහලයෝ ගැටෙනව. තවත් මෝඩ පිරිසක් පිරිමිකමේ ජවය නැතුව ඒක හදාගන්න ගිනිවතුර බොනව. බීල තමන්ගෙම අභ්‍යන්තර ශෛල දුර්වල කරගෙන අංගවිකල දරුවන් ජාතක කරනව. තව කොටසක් කුඩු ගහල සිහින ලෝක වල පාවෙවී ඉන්නව. ඒ මුග්ධයන් කරන්නෙත් ජාතිය විනාශ කර ගන්න එකම තමයි. සුද්දා බිහි කළ කළු සුද්දෝ ජනතාවගේ කැමැත්තෙන් සිහසුන්වල වැජඹෙනව. ඔවුන්ට ජනතාව පැවරූ වගකීම මොකද්ද කියල උන් දන්නෙත් නෑ. ඊට පස්සෙ රටට බෝම්බ නෙවෙයි හෙන ගැහුවත් තමන්ගේ වගකීම අමතක කරල අනෙකාට බැණ බැණ ඇඟ බේර ගන්න හදනව. උන්ගේම වරදින් රට අනාරක්‍ෂිත උනාම තමන්ගෙ දුක මාධ්‍යවලින් රටට කියනව.​ එතකොට රටේ අහිංසක වැසියන්ට ප්‍රශ්නයක් එනව අපේ දුක කාටද කියන්නෙ කියල. 


ජනතා නියෝජිතයන් පාලකයන් වෙලා සියල්ල දත් එවුන් වගේ පන්සල පල්ලිය කෝවිල විතරක් නෙවෙයි බල ලොබීකම නිසා අන්තවාදින්ගෙ අතට සිංහල කාන්තාවන්ගෙ උත්තම වම් පදවිය පවා අහිමි කරන්න බලය දීල තියෙනව. ජනතාවගේ බදු මදලින් තමන්ගෙ පරම්පරා පෝෂණය කරන එක අංක එකට ගන්න ඒ පාලකයන් බලා ඉන්දෙද්දිම අහිංසක දරු පැටව් මන්ද පෝෂණයෙන් මැරෙනව. 


ජනතාව රට කරවීම පිණිස නියෝජිතයන් පත් කරනව. ඔවුන් නියෝජිතයන් බවට පත් වූ පසු ජනතාව අමතක කර පාලකයන් වෙනව. තාවකාලික භාරකරුවන් බව අමතක කරල අයිතිකරුවන් වෙනව. හිතෙන හිතෙන දේ කරන්න ඔවුන්ට අප බලය දුන්නෙ නැති උනාට, ඒ බලය ඔවුන් හදා ගන්නව. ඒත් ඊළඟ මැතිවරණය එන තෙක් අපට කරන්න දෙයක් නැහැ. ඒකට තියෙන එකම අවස්ථාව ​ෙවන මැතිවරණයත් කල් දා ගන්නව. 


බෞද්ධ රටක තියෙන සහජීවනය වෙන කිසිදු රටක නැති බව විවිධ රටවල සැරිසැරූ අපට හොඳින්ම පැහැදිළි වෙනව. ඒ බව මැල්කම් රංජිත් කාදිනල් තුමා පවා නිර්ලෝභීව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනව. ඒ ඇයි? මහ පොළවේ දකින සත්‍ය ඒක නිසා. එහෙත් බෞද්ධයන් යැයි කියාගන්න ඇතැම් අමන පාලකයන් බුදු දහමට මෙන්ම සිංහල ජාතියටත් වෛර කරනව. ඒ බව දැන් එළිපිටම පේන්න පටන් අරන්. 

 

 


ඔබ ලොව කොතැනක සිටියත් වීසා ඉවර උනාම නැවත මව් බිමට යන්න වෙනව. ඔබට වගේම ඔබේ දූ දරුවන්ටත් ඒ මව්බිමේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. කොටින්ම කිව්වොත් නුඹලාට ඉන්න රටක් තිබිය යුතුයි. ඒ බව තරයේ මතක තබා ගන්න. 


ශ්‍රී ලංකාවට ලෝකයේ වෙනත් රටකින් පැමිණි හා පැමිණෙන දූත පිරිස් අතර ශ්‍රේෂඨතම දූත පිරිස පැමිණියේ අද වැනි පොසොන් පොහෝ දිනයක. ඒ නිකෙලෙස් දූත පිරිස ලංකාවට රැගෙන එන ලද්දේ ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම පණිවුඩයයි. ඒ උත්තම මහින්දාගමනයෙන් අර්තාන්විත මහා සංස්කෘතික පරිවර්තනයක් සිදු වූ අද වැනි දිනයක රටේ ඉතිහාසය මතක් කළ යුතුම නිසයි මතක් කළේ. මීට දශක හතරකට කලින් ජේ.ආර්. ජයවර්ධන යුගයේ පාලකයන් විසින් විනාශ කළ, ඉතිහාස පොත නැවත කොහෙන්හරි හොයාගෙන කියවන්න.” ඔබේ ඉඩමෙ ඔප්පුව ඔබ රකිනව වගේ රටේ හැමෝටම පොදුවේ අයිති රටේ ඔප්පුව ආරක්ෂා කර ගැනීමේ වගකීමත් හැමෝටම 
තියෙන බව අමතක කරන්න එපා” යනුවෙන් උන් වහන්සේ අවවාදයක් ද කළහ. 

 

 


සටහන 
විමලා යාපා 
මාධ්‍ය ඒකකය ලංකාරාම බෞද්ධ සංගමය, සයිප්‍රස්