කතානියාහි බෙල්පාස්සෝ එළිමහන් පාද නමස්කාරය


 

 

කතානියාහි වෙසෙන ශ්‍රී ලාංකික කිතුණු සංඝයා විසින් වර්ෂයක් පාසා පවත්වන මහා පාදනමස්කාරය මෙවරද 2019/03/31 වැනි දින බෙල්පාස්සෝ (Belpasso) නම් සුන්දර ගම්මානයේ සිදු කරනු ලැබීය. 


එදින හරවත් දේශනාවන්වලින් බැතිමතුන් දැනුවත් කළේ රෝමයේ සිට පැමිණි ගරු. ඉසංක පියතුමා වන අතර එතුමාට කතානියා කිතුණු සංඝයේ ගෞරවනීය ස්තුතිය ද මෙසේ පුද දෙමි. 


එමෙන්ම මෙම පාදනමස්කාරය සංවිධානය කළ කතානියා අාධ්‍යත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමාට සහ දේවස්ථාන සේවක මණ්ඩලයටද, සහභාගිත්වය දැක්වූ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ද ස්තුතිය පුද දෙමි. 

 


කාන්ති රතුගම 
කතානියා, ඉතාලිය 
ඡායාරූප - ජානක ප්‍රගීත්