ඉතාලියේ ලුක්කා සහ ෆිරෙන්සිහිදී 72 වැනි නිදහස මෙසේ සැමරූ වගයි


 

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම, ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එකට එක්වී, ඉතාලියේ ලුක්කා (Lucca) නගරයේදී පසුගියදා පවත්වනු ලැබීය. ලුක්කා සහ ෆිරෙන්සි නගරවල අාධ්‍යාත්මික එඬේරා වන ගරු ශිරාන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පුතෝ කිතුණු සංඝය සංවිධානය කළ එම නිදහස් සැමරුම් උත්සවයට ලුක්කා සහ ෆිරෙන්සි නගරවල ජීවත්වෙන 375කට නොඅඩු කතෝලික, බෞද්ධ ලාංකික ජනතාවක් සහභාගි විය. 


පළමුව දිව්‍ය පූජා යාගය ද, ගරු ස්වාමීන් වහන්සේගේ හරවත් දේශනාවක් සහ ගරු පියතුමාගේ ගීත භාවනාවකින් ද සමන්විත වූ මෙම උත්සවය දහවල් කෑමෙන් පසු පැය 4ක පමණ විවිධ ප්‍රසංගයකින් සමන්විත විය. ශ්‍රී ලාංකික කලාවට මුල් තැන දෙමින්, සංස්කෘතික අංගවලින් ඔපවත් වූ මෙයට, දේශාභිමානී ගී, සිංහබාහු, මනමේ, කාලගෝල යන නාට්‍යයන් ද ඇතුළත් විය. 


ලොව කොතැනක සිටියත් අපේ සංස්කෘතිය රැකගැනීම, එය අනාගත පරම්පරාවට උරුම කරදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ වගකීමයි. 


මේ එහි අවස්ථාවන් කිහිපයකි. 


කාන්ති රතුගම, 
කතානියා