ඉතාලියේ කෝමෝ භාවනා මධ්‍යස්ථානයේ කඨින පිංකම


 

ඉතාලියේ කෝමෝ නගරයේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම මෙවරත් ඉතා උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට එම නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්​ විසින් දායකත්වය සපයන ලදී. 2019 නොවැම්බර් 1 දින පවත්වන ලද සාංඝික දානමය පුණ්‍යකර්මය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වංගියකුඹුරේ ඥානවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකරන ලද අතර ඒ සඳහා යුරෝපයේ විවිධ රටවල බෞද්ධ විහාරයන්හි විහාරාධිපතීන් වහන්සේලා වැඩම කරවන ලදී. දානමය පුණ්‍යකර්මය සඳහා වැඩම කළ ජර්මනියේ හැම්බර්ග් විහාරයේ විහාරාධිපති රත්මලේ පුන්‍යරතන, ස්විට්සර්ලන්තයේ සූරිච් බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති මහගම විපුලසිරි නාහිමි ඇතුළු සංඝරත්නය දර්ශනීය පෙරහරකින් ඉසිපතන බෞද්ධ මධ්‍යස්ථානය කරා වැඩම කරවන ලදී.