
වර්තමානයේ ශ්‍රී ලංකාවේද ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ මතට එරෙහි සටනයි. රජය හඳුන්වාදී ඇති “ඉවත්වෙනු“ වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය මර්දනයට ගෙන ඇති පියවර ගැන මෙරටදී නිරතුරුව සංවාදයට පාත්‍ර වේ. එහෙත් ලෝකය වැඩිපුර කතා කරන්නේ අැමෙරිකානු කලාපයේ එනම් උතුරු හා දකුණු ඇමෙරිකානු මහාද්වීප ආශ්‍රිතව පවතින අති බිහිසුණු මත් ජාවාරම් ව්‍යාපාරය, ඒ හා බැඳුණු සන්නද්ධ ක්‍රියාවලිය, ඒ නිසා කලාපයට සිදුව ඇති බලපෑම්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මර්දනය සදහා අවි අතට ගැනීම, කැනඩාවේ සුප්‍රකට ක්‍රීඩා තරුවක් අත් අඩංගුවට ගැනීම සඳහා අැමෙරිකාවෙන් වරෙන්තු නිකුත් කිරිම, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන රසායනික මත්ද්‍රව්‍ය ආදී කරුණු පිළිබඳවයි.
ඊට අමතරව මත්ද්‍රව්‍ය මර්දනය මුල්කරගනිමින් අැමෙරිකානු කලාපයේ දේශපාලනික මුහුණවර වෙනස් කිරීමේ ව්‍යාපෘතියක් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇද්ද යන්න ගැන ගෝලීය දේශපාලනික සංවාදයක් මතුවී ඇත්තේ ට්‍රම්ප් පාලනය දකුණු අත්ලාන්තික් සාගර කලාපයෙහි යුද බලය නැංවිමට උත්සුක වී ඇති නිසාය. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉලක්කය මත් කල්ලිද එසේත් නැත්තම් කලක සිට අැමෙරිකාවට හිසරදයක්ව පවතින වෙනිසියුලාවද යන්න ප්‍රශ්නයකි. ඒ අැමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බැලීමේදී මෑත කාලීනව වෙනිසියුලාව ආශ්‍රිත කලාපයේ අැමෙරිකානු හමුදා ප්‍රහාර ඉහළ යාම හා අැමෙරිකානු ප්‍රහාරක ඒකක එම කලාපයෙහි ක්‍රියාත්මක වීම යන කාරණා මෙහිදි සැලකිල්ලට ගැනේ.
මතට එරෙහි සටනේදී තුන්කොන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. එකක් මෙක්සිකෝව හා අැමෙරිකාව අතරයි. මේ වනවිට මෙක්සිකෝව අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර එයට ට්‍රම්ප්ගෙන් උත්තර ලැබුණේ මෙක්සිකෝවට පනවන ලද බද්දක් වශයෙනි. ට්‍රම්ප්ගේ පීඩනයට ගොදුරුව ඇත්තේ මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බුම්ය. මෙක්සිකෝව දෙසින් අැමෙරිකාවට ගලා එන මත්ද්‍රව්‍ය ප්‍රවාහය නතර කිරිමට වහා පියවර ගන්නැයි ට්‍රම්ප්, ක්ලෝඩියාට බලපෑම් කරයි.
තුන් කොන් සටන
මතට එරෙහි සටනේදී තුන්කොන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. එකක් මෙක්සිකෝව හා අැමෙරිකාව අතරයි. මේ වනවිට මෙක්සිකෝව අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර එයට ට්‍රම්ප්ගෙන් උත්තර ලැබුණේ මෙක්සිකෝවට පනවන ලද බද්දක් වශයෙනි. ට්‍රම්ප්ගේ පීඩනයට ගොදුරුව ඇත්තේ මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බුම්ය. මෙක්සිකෝව දෙසින් අැමෙරිකාවට ගලා එන මත්ද්‍රව්‍ය ප්‍රවාහය නතර කිරිමට වහා පියවර ගන්නැයි ට්‍රම්ප්, ක්ලෝඩියාට බලපෑම් කරයි. ට්‍රම්ප්ගේ චෝදනාව වන්නේ මෙක්සිකෝව දෙස මත්ද්‍රව්‍ය පාලනයට ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ට්‍රම්ප් පාලනය දැඩි අවධානයක් යොමු කරන්නේ මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව හා ඒ හරහා මත්ද්‍රව්‍ය හා අපරාධකල්ලි සාමාජිකයන් මෙක්සිකෝවේ සිට අැමෙරිකාවට ඇතුළු වීම වළක්වාලීමටයි. මෙක්සිකෝ අැමෙරිකා දේශසීමාව කිලෝමීටර 3145ක් පුරා විහිදී පවතී. එය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම මෙක්සිකෝවට තබා අැමෙරිකාවටත් කිරීමට අපහසු කාර්යභාරයකි. මේ දේශසීමාවේ ඇතැම් ස්ථානවල උසැති කොන්ක්‍රීට් බැමි ඉදිකර තිබේ. තවත් තැනක ඇත්තේ සාමාන්‍ය දේශසීමා වැටයි.

ලතින් අමෙරිකානු කලාපයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි හෙවත් කාටේල්ස් උත්සුක වෙන්නේ දේශසීමාව හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කණ්ඩායම් හා විවිධ අපරාධ කල්ලි හි සාමාජිකයන් ප්‍රවාහනය කිරීමටය. එමෙන්ම මිනිස් ජාවාරම තවත් ප්‍රධාන අපරාධ කල්ලි මෙහෙයුමකි. බොහෝ මත් කල්ලි ක්‍රියාත්මක වෙන්නේ කොලොම්බියාව වැනි දකුණු අැමෙරිකානු රටවල සිට වුවත් ඔවුන් අැමෙරිකා එක්සත් ජනපද භුමියට පිවිසීමට යොදාගන්නා මුවදොර හෙවත් ගේට්වේ එක මෙක්සිකෝවයි. මේ නිසා මෙක්සිකෝව දකුණෙන් එන උවදුරුවල ගොදුරක් වන අතර එම උවදුරු මැඩපැවැත්වීම සදහා උතුරේ සිටින මහ බලවතා එනම් අමෙරිකා එක්සත් ජනපදය ගන්නා දැඩි ක්‍රියාමාර්ගවලදී ඒවායෙහි වින්දිතයා බවට පත්වීමට ද සිදුව ඇත. වර්තමානයේ අැමෙරිකාවෙන් එල්ල වෙන බලපෑම වඩාත් බරපතළ වෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්ෂක අංශයෙන් පමණක් නොව ආර්ථික අංශයෙන්ද මෙක්සිකෝවට එල්ල කරන බලපෑම ඉතා ඉහළ මට්ටමක තිබීම නිසාය. අනෙක් අතට මෙක්සිකෝවේ නීතිය හා සාමයට එල්ල වෙන බලපෑම මෙන්ම සමාජමය වශයෙන් මුහුණපාන අර්බුද ද ඉතා බරපතළය. මෙක්සිකෝවේ විවිධ ප්‍රදේශ පාලනය කරන මත්ද්‍රව්‍ය කල්ලි ඇත. ඔවුන් සිනෝලා, දකුණුදිග කල්ලිය, උතුරුදිග කල්ලිය ආදී නම්වලින් හඳුන්වා ගනු ලබන අතර වාර්ෂිකව ඔවුන් උපයන ආදායම ඩොලර් බිලියන 13-49 අතර පරාසයක පවතී. ඒ නිසා අතිවිශාල මුදලක් මේ කල්ලි අතර ගැවසෙන අතර එය කලාපයේ ආණ්ඩුවලට පවා දැඩි තර්ජන එල්ල කිරීමටත්, කලාපයේ රටවල් හා ආණ්ඩු මෙන්ම ජනසමාජවල අල්ලස ප්‍රචණ්ඩත්වය, වංචා හා දූෂණ ප්‍රචලිත කිරීමටත් මුල්වී තිබේ.
කැනඩාවේ ආරවුල
කැනඩාවද ට්‍රම්ප් පාලනය සමග අර්බුදයකට ලක්ව ඇත. මූලික සිද්ධිය නම් බදු පැනවීමයි. මේ නිසා කැනඩාව හා අැමෙරිකාව අතර සබඳතා පවතින්නේ ඉතා අයහපත් වාතාවරණයකය. ට්‍රම්ප් සමග අර්බුදයකට මුහුණ දුන් හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉවත්ව යද්දී බලයට පැමිණි මාක් කානි ට්‍රම්ප් බලපෑම් නොසලකා හරින තත්ත්වයක සිට ක්‍රියා කරයි.
එවැනි තත්ත්වයක් යටතේ කැනඩා රජය හා ට්‍රම්ප් පාලනය මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන්ද අර්බුදයකට මුහුණ දී සිටී. අැමෙරිකාව කැනඩාවට දන්වා සිටින්නේ සිය උතුරු දේශසීමාවෙන් රට තුළට පිවිසෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහය පැමිණෙන්නේ කැනඩාව දෙසින් බවත් එය වැළැක්වීමට කැනඩා රජය නිසි පියවර නොගන්නා බවත්ය. එහෙක් කැනඩාවෙන් ඇමෙරිකාවට ඇතුළු වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය සියයට 1-2ක් තරම් අල්ප අගයකි. සියයට 97කට වැඩි ප්‍රමාණයක් අැමෙරිකාවට මත් ද්‍රව්‍ය ඇතුළු වෙන මාර්ගය වැටී ඇත්තේ කලින් සඳහන් කරනු ලැබූ මෙක්සිකෝ දේශසීමාව හරහායි. මේ නිසා කැනඩාවට අැමෙරිකාවෙන් එල්ල වෙන බලපෑම හා පනවා ඇති බද්ද පිළිබඳව ගෝලීය වශයෙන් පවතින්නේ ප්‍රශ්නකාරී තත්ත්වයකි. කෙසේ වෙතත් කැනඩාවෙහි පාතාලගත වෙන, ක්‍රියාත්මක වෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද අැමෙරිකාව යුද ප්‍රකාශ කරයි. කැනඩා ජාතිකයන් 7 දෙනෙකු ඉකුත් සතියෙහිදී අත් අඩංගුවට ගැනුණේ ඒ මත පදනම්වය. කැනඩා මත් ජාවාරම ගැන මාධ්‍යයට හෙළිකරනු ලැබුවේ අැමෙරිකානු නීතිපති පැමල් බොන්ඩායි හා එෆ් බී අයි හෙවත් අමෙරිකානු ෆෙඩරල් පරික්ෂණ ඒජන්සියේ ප්‍රධානි කෑෂ් පටෙල් ඒකාබද්ධවයි. එහිදී හෙළිකෙරුණු කරුණු අනුව කැනඩාවෙහි නිපදවෙන මත්ද්‍රව්‍ය හා ජාවාරම් ජාලය පිළිබඳව සවිස්තරාත්මක දැක්මක් එම මාධ්‍යහමුවේදී ඉදිරිපත් කෙරිණ. එහිදී හෙළි වූයේ කැනඩාවේ මුල්පෙළේ හිටපු ක්‍රීඩා තරුවක් එරට මත් ජාලය මෙහෙයවන බවකි.

ක්‍රීඩා තරුවේ අලකලංචිය
අැමෙරිකාව කැනඩා ජාතික ඔලිම්පික් ක්‍රිඩා තරුවක් වෙන රයන් වෙඩිං නමැත්තා වත්මන් මත් ජාවාරමේ නූතන “පැබ්ලෝ එස්කොබාර්“ හෙවත් ගෝඩ් ෆාදර් වන බව කියයි. ඔහු අතිශයින්ම ප්‍රචණ්ඩකාරී හා අතිශයින්ම ධනවත් බව මාධ්‍ය හමුවේදී හෙළි කෙරිණ. පැබ්ලෝ එස්කොබාර් යනු 1993 දක්වා ලතින් අැමෙරිකානු කලාපය හොල්ලාගෙන ජීවත් වූ මහා මැර මත් ජාවාරම් රජාය. ඔහුගේ මරණයෙන් පසු මේ දක්වා එස්කොබාර් තරම් තීක්ෂණ හා අපරාධාකාරී වූ මැර ලොක්කෙකු නැති තරම්ය. නූතන එස්කොබාර් එනම් කැනඩා ක්‍රීඩක රයන් වෙඩිං. අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි ඔත්තුවක් සපයන පුද්ගලයෙකුට ඩොලර් ලක්ෂ 150 තෑගි මුදලක් පිරිනමන බව අැමෙරිකාව නිවේදනය කළේය. එය මෑත කාලයේ නිවේදනය කරන ලද විශාලතම තෑගි මුදල් අතරින් එකකි. රයන් වෙඩිං 2002 වසරේ ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේදි ස්නෝ බෝඩිං ක්‍රීඩාවෙන් කැනඩාව නියෝජනය කළේය. දැනට කැනඩාවෙහි මත් ජාවාරම මෙහෙයවන බවට චෝදනා එල්ල වෙන මේ අවස්ථාවේදී රයන් සිටින්නේ පාතාලගතවය.
මේ අනුව පෙනී යන්නේ සෑම රටක්ම මත් ජාවාරම සම්බන්ධයෙන් විවිධ අභියෝගවලට මුහුණ දී ඇති බවය. රයන් වෙඩිං සිද්ධියෙන් අවබෝධ වන්නේ සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් තිරෙන් පිටුපස සිටින මත් ජාවාරම් කරුවන් බවට පත්ව සිටින බවය. එමෙන්ම දැන් අලුත් තර්ජනයක් එල්ල වෙමින් පවතී. ඒ මෙතෙක් ඉහළ තලයේ පැවති ශාකවලින් නිස්සාරණය කරන හෙරොයින්, කොකේන්, මරිජුවානා හා ගංජා වැනි මත්ද්‍රව්‍ය වෙනුවට, ඉතා පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි හා ප්‍රවාහනය කළ හැකි අයිස් (ක්‍රිස්ටල් මෙත්) හා ෆෙන්තයිල් වැනි රසායනික ආශ්‍රිතව නිෂ්පාදනය කරන අතිශයින් අවදානම්කාරී මත්ද්‍රව්‍ය නව පරම්පරාවේ මත් පරිණාමය නියෝජනය කරනු ලැබීමය. එය විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු තත්ත්වයකි.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

