අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම


 
 
සකල සිරින් පිරි සිරි ලංකාවෙන් ඇවිදින් මෙහි සේවය කරනා  
සිරිලක් මෑණිගේ දරුවන් එක්වී නිදහස් උත්සවෙ සමරන්නා  
අමතක නොකරමු සිටියත් නොරටක සිහිපත් කර හද බැතියෙන්නා  
හැසිරෙමු ගරු කොට ලක්දීපයේ නම සාමය සමගිය රකිමින්නා  
 
එකමව් බිමකින් ඇවිදින් කතරට සේවය කරනා දරුවො අපී  
සාමෙන් සමගිව දුක හා සැප දෙක බෙදා හදාගෙන ඉඳිමු අපී  
මනුසත් කම පුරවා හදවත් තුළ වෛර ක්‍රෝධය නොවී කිපී  
පෙන්වමු ලෝකෙට ලක් අම්මාගේ හොඳ සුජාත දරුවන් ලෙසට අපී 
 
හැත්තෑ දෙවසර සපිරෙන ජාතික නිදහස් දින සමරන්න මෙදා  
මහ ගෙදරට මෙන් එක් රොක් වී අප සතුට ද සොම්නස ගන්න බෙදා  
කොන්සල් ජනරල් තුමන්ව හිත හොඳ අගයයි එකමුතු කම සැමදා  
ආසිරි ගෙන එමු මේ මහ ගෙදරට දියුණුව ලැබ බැබලෙන්න සදා  
 
 
විමලා යාපා - සයිප්‍රස්