මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක


සියලු දෙන සතුටින් සිටි මොහොතක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ ජිවිත ගණනාවකට අනාගතය අහිමි කරමින්. ඒ 2017 අප්‍රේල් මාසේ 14 වනදා. අලුත් අවුරුද්ද උදා වූ දා හවස මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුණා. නිවාස 100කට අධිකව හානි සිදු වෙමින් ආදරණීයන් සිය පවුල් වලින් සදහටම වෙන් කළා. ඒ මතක ඔස්සේ තවමත් මිය දෙමින් ජිවත් වෙන පිරිස් අප අතර වනවා. මෙවන් දේ නැවත නොවන්න කුණු කසළ බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් තිබෙනවා ද යන්න  තවමත් ප්‍රශ්නාර්ථයකි.