ජර්මන් ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ මරණය හදිසි අනතුරක් ද? සියදිවි නසා ගැනීමක් ද? නැතිනම් සැලසුම් සහගත සිද්ධියක් දැයි ආන්දෝලනයක් තවමත් ලොව පවතී.
ඊට හේතුව යුද්ධයේදී මළ බව කියන හිට්ලර් මියුනිච් නුවර මත්පැන් වෙළෙඳසලක මත්පැන් පානය කරමින් සිටි බව ඇතැමුන් දුටු නිසාය. හිට්ලර් ජීවත්ව සිටි කාලය තුළත් ඔහු දෙතුන් පලක සම්පූර්ණ සජීව රූපකායෙන් පෙනී සිටි නිසාය.
ඇමරිකානු ප්රවෘත්ති පත්‍ර මෙවන් පුවත් මැවීමෙන් රුසියන් වන අතර ”ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අත්භූත මරණය” ග්‍රන්ථය අනුව සැබෑ හිට්ලර් යුද්ධයේ මුල් කාලයේම මියගිය බවත් දැන් ජර්මනිය පාලනය කරන්නේ සකලාංගයෙන්ම හිට්ලර් මෙන්වූ මැක්සි මිලියන් බවර් නැමැත්තා බවත් කියයි.
මියුනිච් ගිවිසුමට පෙර රාති‍්‍රයේදී එනම් ”1938.09.20 දින අලූයම 2.15 ට හිට්ලර්ට වස දී මරා දමා තිබේ යැයි” ‘සන්ඬේ ඩිස්පැච්’ පුවත්පත වාර්තා කරයි.
”මේ දවසේ රාති‍්‍රයේ මහ සෙනෙවිවරුන් වූ ගෝරින්, ගොබල්ස්, වොන් රිබන් ට්රොප්, හෙස් සහ බවර් සමග හිට්ලර් භෝජන සංග්‍රහයට වාඩි වුණා. එහිදී හිට්ලර් වෙනුවෙන්ම තැනූ පුඩිමකට උග්‍ර වසක් දමා තිබුණා. එය වැල¥ ආඥාදායකයා විනාඩි කිහිපයකින් මිය ගියා.”
ඉන් පස්සේ පැවැති දීර්ඝ කතා බහකින් පසුව තමයි රහස වසා ගන්නට හිට්ලර්ගේ ප්‍රතිරූපයට බොහෝ සේ සමාන නිසා පක්ෂයේම ප්‍රධාන අය මිලියන් බවර් තෝරාගෙන ඔහු ලවා මියුනිච් ගිවිසුම අත්සන් කරවා ගත්තේ.
හිට්ලර් ගැන කිසිම පුවතක් ලෝකයාට හෙළි නොකරන ලෙස බවර්ට දිවුරන්ට සිදුවුණා.”
මෙම ග්‍රන්ථයේ අත් පිටපත් ඇමරිකාවටද ගිය බව පෙනේ.
ඇත්තෙන්ම හිට්ලර් ජීවතුන් අතරේ සිටියදී පවා ඔහුගේ ”අවතාර” රට පුරා හොල්මන් කළේය. දිනක් අලූත් වාහන දිවෙන මාවතක් විවෘත කළ අවස්ථාවක ජනතාවගේ ඔල්වරසන් හඬ මැද මුලින්ම එළියට ආවේ හිට්ලර්ගේ ප්‍රතිරූපය වූ බවර්ය.
එසේම ලෝක සංග්‍රාමයේ ප්‍රබල නායකයන් දෙදෙනකු වූ ඉතාලියේ මුසොලිනි හා රුසියාවේ ස්ටාලින් යන දෙදෙනාගේ ප්රතිරූප ද සමහර අවස්ථාවල ඉදිරිපත් කරන බව සැලකූ වරක් සතුරන් විසින් මුසෝලිනිගෙ හැඩරුවට ඇති ආරක්ෂක භටයකු මරා දමා තිබිණි. වරක් ස්ටාලින් දරුණු හෘදයාබාධයකට ලක්වූ අතර විශේෂඥ වෛද්‍ය පරික්ෂණයට ඔහු ලක් කෙරිණ. වෛද්‍යවරයා ඔහුගේ කාමරයට ගිය විට දක්නට ලැබුණු දර්ශනයෙන් මවිතයට පත්විය. ඒ ස්ටාලින්ගේ රුව ඇති සත් දෙනෙකු ඔහු බලාපොරොත්තුවෙන් සිටීමය.
”ඔබට ප්‍රශ්නයක් නෑ. ඔබට තියෙන්නෙ මෙයාලව වෙන වෙනම පරීක්ෂා කරන්නයි. ඊට පස්සේ අපි නියම ස්ටාලින්ට ප්‍රතිකාර අරඹමු.” නිලධාරීහු කීහ.
ස්ටාලින් හෝ මුසොලිනි හෝ හිට්ලර් ආඥාදායකයන් ලෙස කෙතරම් තේජස පැතිරුවාද තම තමන්ගෙ ජීවිතවලට ඇති බිය මින් හෙළිවේ. ඒ අතරින් මුසොලිනි පිළිබඳ කතා රැුසක් ඇත. දිනපතා මුසොලිනිගේ ආහාරවේල සඳහා යොදන මුද්දරප්පලම්වලට විෂ යොදා තිබේදැයි වෛද්‍යවරයක් පරීක්ෂා කරයි.
තම මැදුරේ සිට කාර්යාලයට යද්දී මුසොලිනිගේ දැවැන්ත කළු පැහැති මෝටර් රියට ඉදිරියෙන් ආයුධ සන්නද්ධව යතුරුපැදිවල නැගුණු කාන්තා භටයන් 12 දෙනෙක්ද පිටුපසින් 12 දෙනෙක් ද ගමන් කරති. වානේ ඇඳුමකින් සැරසුණු මුසෝලිනිගෙ සාක්කුව ස්වයංකී‍්‍රය පිස්තෝලයකින් සමන්විත අතර ආරක්ෂක භටයකු මුරට සිටී. රිය ඉතා වේගයෙන් ගමන් ගනී.
සිිහිවිකල් වූ මිනිසකු අතින් තමන් කෙදිනක හෝ මිය යතැයි මුසෝලිනි බිය වූ අතර එවැන්නක් මගදී හමුවූ විට ඝාතනය කිරීමට පියවර ගැනිණ. ඔහු මරා දැමීමේ කුමන්ත්‍රණය හෙළි වූයේ සැකකාර සිහිවිකල් පුද්ගලයෙකු මරා දින 03කට පසුව ලන්ඩන්හි පුවත්පත්වලිනි. එම පුද්ගලයා හමුවී ඇත්තේ රෝම සංචාරයේදීය.
සවස 2ට පමණ ඔහු මරන්නට එම තැනැත්තා උත්සාහ දැරුවා. සිවිල් ඇඳුමින් සැරසුණු නාසි යුද භටයෙක් මෙම තොරතුරු හෙළිකළේය.
1922න් පසු මුසොලිනි මරා දැමීමට තැත් කරන ලද වාර ගණන 09 කි. වරක් අහස් යාත්‍රාවක් ඔහුගේ විලාටෝලෝනියා නිවසට පාත්කර බෝම්බයක් වීසිකරන ලදී.
රෝම පුවත්පත්වල සැඟවුණු තැන්වල මෙම පුවත් පළ වූ අතර රෝමයේ අහස් නැව් පෙළපාළියකදී පුස් බෝම්බයක් ඔහු දෙසට විසිකළ පුවත එසේ පළවූවකි.
අහසින් පොළවෙන් පමණක් නොව මහ මුහුදින්ද ඔහුට තර්ජන එල්ල විය. මුසෝලිනි තනිව ස්නානය කරමින් සිිටියදී නාඳුනන මිනිසුන් දෙදෙනකු විසින් ඔහුට වධ දෙන්නට පටන්ගෙන ඇත. ආරක්ෂක භටයන් විසින් බේරා නොගන්නට ඔහු මිය යා හැකිව තිබිණ.
මුසෝලිනි වැනිෂියා මාලිගයේ සඳලූතලයේ දේශනයක් පවත්වන්නට ඔන්න මෙන්න කියා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් රහස් ඉලක්ක ගන්නා මැෂින් තුවක්කුවක් සවිකර තිබියදී පරීක්ෂා කිරීමෙහි සොයා ගැනිණ. එසේම ලාම්පුවක සවිකර තිබූ බෝම්බයක් ද හමුවිය.
මෙම තර්ජන නිසා ඔහුගේ නිවසට යන මාවතේ කළු ඇඳුමින් සැරසුණු ආරක්ෂක භටයෝ යන එන අය දෙස විපරමෙන් සිටියහ. මුසොලිනිගේ ටොලෝනියා නිවස අවට ජනතාවට හා සියලූ නිවැසියන්ට තහනම් කලාපයක් විය. ප්‍රදේශය හැර ගියවුන්ගේ ගෙවල්වල සෙබළු පදිංචි වූහ.
දිගින් දිගටම නාසි හමුදා පරාජය වීමත් තමන් ගිවිසුම් ගසා නවත්වාගන්නට උත්සාහ කළ සෝවියට් දේශය හා ඈත පෙරදිග රටවල හමුදා බලය තීව්ර වීමත් ජර්මානු රහස් ඔත්තු සේවය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීමත් තම සටන් සහායකයන් එකිනෙකා දිනපතාම මිය යාමත් නිසා හුදෙකලා වූ හිට්ලර් තම වාසස්ථාන තැනින් තැනට මාරු කළේය.
එපමණක් නොව ඔහුගේ සමීපතම ගැහැනු පිරිමි හිතෛෂින් මර බියෙන් තමන් හැර යද්දී හිට්ලර්ගේ යුද මෙන්ම පෞද්ගලික රහස් රැුකගෙන සිටි එකම නිලධාරියා වූ ඊවාබ්රෝන් සමග ආධ්‍යාත්මිකව බැඳෙන්නට හිට්ලර්ට සිදුවිය. අවසාන කාලයේ හිට්ලර් සැබෑ මානව හිතවාදියකු ලෙස හැසිරුණු බව පෙනේ.
”මා සිටින සාදවලට බිලිඳුන් දරුවන් රැුගෙන එන්න එපා. ඔවුන් මා නිසා මැරේවි”
පරාජය පිළිබඳ තොරතුරු අස අසා හිට්ලර් ඉතිරි නාසි මිතුරන් සමග සවස කෝපි පානය කළේය. ඊවාබ්රෝන් තම එකම හිතවතිය බව හැෙඟත්ම ඇයගේ ආරක්ෂාව හා ගෞරවය පිළිබඳ තම වගකීම හිට්ලර්ට ප්රත්යක්ෂ විය.
”මා නිසා ඇයට අසරණවන්න දෙන්නේ නෑ.”
මෙසේ සනිටුහන් කළ හිට්ලර් 1945 වසන්ත සමයේ දිනක නිත්‍යානුකූලව ඊවා බ්රෝන් තම සහකාරිය ලෙස ලියාපදිංචි කළේය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි