තනතුරු වන ආරක්ෂක, ස්වදේශ හා පුළුල් කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරත් පත්කිරීමේ බලය හමුදාව නතුකරගෙන සිටිය ද එරටේ ආදරණීය නායිකාව ලෙස අවුන් සාන් සුකී මියන්මාරය පුරා පැතිරී වැජඹෙන්නීය. මෙවර ‘දියත’ වෙන් වන්නේ ඇය වෙනුවෙනි.
පසුගිය 2016 මහ මැතිවරණයේ දී රටේ මුළුමහත් ආසන සංඛ්‍යාවෙන් සියයට 77ක් ජයග්‍රහණය කළ ද, එරටේ ජනතාව විසින් ‘සුකී අම්මා’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම නායිකාවට ජනාධිපති ධුරය හිමි නොවූයේ ඇගේ පුතුන් දෙදෙනා මියන්මාරයේ නොව බි්‍රතාන්‍යයේ පුරවැසියන් වීම හේතුකොටගෙන ව්‍යවස්ථා සංශෝධන මගින් එම අයිතිය ඇගෙන් පැහැරගෙන ඇති හෙයිනි.
සටන ආරම්භයේ සිටම ඇය සතුව තිබෙන විකල්පයත් ඉතා අල්ප විය. එරටේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද සමස්ත මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75කගේ කැමැත්ත අවශ්‍ය වන නිසා ආසන සියයට 25කට හිමිකම් කියන හමුදාවේ සහයෝගය නොමැතිව එවැනි අරමුණක් ඉටුකරගත නොහැකි වේ. මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම දරුවන්ගෙන් වෙන්වන්න යෝජනා කිරීමට පවා සමහරු ඉදිරිපත්වී සිටිති. එක් පුතෙකු ඇගෙන් වෙන්වී සිටිය ද ඇයට එබඳු යෝජනාවක් ඉදිරිපත් කිරීම දැඩි ලෙස කෲර සාහසික ක්‍රියාවක් වන්නේ දේශපාලන සටනේ දී ලැබුණ ත්‍යාගයක් ලෙස රටින් පිටුවහල් වී ජීවත්වනවාට වඩා තම රට තුළදීම සිරකාරියක් බවට පත්ව සිටීමට ඇය ක්‍රියා කළ හෙයිනි. අනෙක් විකල්පය වන ඇගේ පුතුන් දෙදෙනා මියන්මාරයේ පුරවැසියන් බවට පත් කිරීම ද එබඳුම අසීරු කාර්යයක් වන්නේ ඔවුන් එතර දී හැදී වැඩූ වයස්ගත පිරිමින් වන හෙයිනි.
ඇය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇත්තේ වුව ද අනාගතයේ දී ඇය ගමන් කළයුතු මාර්ගය ද අතීතයේ මෙන් අභියෝගවලින් යුත් අර්බුද සමග ගමන් කළ යුතු එකක් වෙයි. ඇය සිර භාරයට ගත් අය බලයට පත්වීම ඊර්ෂ්‍යාවෙන් ප්‍රමාද කළ කොටස් මියන්මාරයේ පාලන බලය හිමිකරගෙන සිටී. ඇමරිකා එක්සත් ජනපදයේ වාචික විරෝධය නොතකා ජෙනරාල් මයින්ට් සුවී උපජනාධිපති ධුරයට පත්කර බල ව්‍යූහයට එක් කිරීමෙන් හමුදා අධිකාරිය පෙන්නුම් කරනු ලැබුවේ මෙම අවසන් යුගයේ දී පවා බලය අත්හැර දැමීමට එම අධිකාරිය සූදානම් නොවන බවයි.
ජනවාර්ගික හා ආගමික වෙනස්කම් සමථයකට පත් කිරීමට යෑමේදී දශක ගණනාවක් තිස්සේ පසුබැස තිබුණ ආර්ථිකය සංවර්ධනය කිරීමේ අභියෝගයන්ට මුහුණ දීමට ද සුකීගේ රජයට සිදුවනු ඇත. මියන්මාරය, ආසියාවේ දිළිඳුම රටවල්වලින් එකකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2013 දී ප්‍රකාශයට පත්කරන ලද මානව සංවර්ධන වාර්තා අනුව එම රට ඇත්තේ රටවල් 186ක් අතර 169 වන ස්ථානයේ ය. එහි වන සම්පත අවසන් අඩියට වැටී ඇති අතර, නගරවලින් බැහැරව කාර්මීකරණය හෝ යටිතල පහසුකම් සංවර්ධනය සිදුව ඇත්තේ ඉතා සුළු වශයෙනි.
මෙබඳු ප්‍රශ්න තිබුණ ද බලය හුවමාරු කරගෙන පාලනය කිරීමේ රටාව අනුගමනය කිරීමට සිදුවූ එකම දකුණු ආසියානු නායිකාව ඇය නොවන්නීය. සාර්ථක පාලනයක අති දුර්ලභ අවස්ථාව ලබා ගැනීමට නම් අර්ධ මහාද්වීපයේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගැනීමට ඇයට සිදුවෙනු ඇත.
“ඔටුන්න හොබවන හිස අසහනයෙන් පිරේ” යැයි හෙන්රි »¼ නාටකයට නඟමින් ෂේක්ස්පියර් ලීවේය. “ගැටලු විසඳීමට මෙහෙයවන දෙඅත් ද අපහසුවට ලක්වෙනු ඇතැ”යි යනුවෙන් එම කියමනට නව එක් කිරීමක් කිරීමට මියන්මාරයේ ඔටුනු නොපලන් රැජන එරට ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඉකුත් 10 වැනිදා ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග ඇය ගැන නැවත වතාවක් ලෝකයා කතා කරන්නට වූයේය. එරට රොහින්යා වැසියන් සම්බන්ධ සිදු කෙරෙන අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් ඇයට ජාත්‍යන්තරයෙන් දොස් නැගෙන්නට විය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනවූයේ 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ දීය. සම්බාධක පැනැවීමේ අරමුණ වූයේ මියන්මාරය ලොවෙන් හුදෙකලා කිරීමය. විපක්ෂ නායිකාව මෙන්ම මියන්මාරයේ ප්‍රජාතන්ත්‍ර නායිකාව ද වන අවුන්සාන් සූ කී වසර 15ක් නිවාස අඩස්සියේ තැබුවේ ද එම හමුදා රජයයි. මියන්මාරයේ හමුදා පාලනය 2009 වසරේ දී අවසන් විය.
මියන්මාරයේ අනාගත නායිකාව ලෙස අවුන්සාන් සුකී පිළිගන්නා බව එරට පැවතියා වූ හමුදාව ප්‍රකාශ කර තිබේ. පසුගියදා පැවති මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේය. හමුදා පාලනය යටතේ පැවති මියන්මාරයේ වසර 25කට පසුව පවත්වනු ලැබූ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය එයයි. අවුන්සාන් සුකීට මියන්මාරයේ ජනාධිපති ධුරය හිමිකර ගත නොහැකි නීතියක් හමුදා පාලන සමය තුළ සම්මත කරගනු ලැබීය. ඒ, විදේශිකයන් හා විවාහ වී සිටින පුද්ගලයන්ට රටේ ප්‍රධානත්වය දැරිය නොහැකි බව පවසමිනි. අවුන්සාන් සුකීගේ සැමියා ද බි්‍රතාන්‍ය ජාතිකයෙකි.
කෙසේ නමුත්, අවුන්සාන් සුකී සහ මියන්මාර හමුදා පාලක ජෙනරාල් තාන් ශ්වේගේ මුනුබුරෙකු සමඟ පැවති සාකච්ඡාවක දී ඇයට සහය පළ කිරීමට හමුදාව එකඟත්වය පළ කර තිබේ. තාන් ශ්වේගේ මුනුබුරා සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ 80 හැවිරිදි හමුදා නායකයා වෙනුවෙනි. 2011 වසරේ දී මියන්මාර මිලිටරි ජුන්ටාවේ නායකත්වයෙන් තාන් ශ්වේ ඉවත්වූයේ එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉඩ සලසමිනි.
තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි