1970 වසරේදී, බි්‍රතාන්‍යයන්ගේ සහාය සහිතව ලේ වැගිරීමකින් තොරව, ඉතා දැඩි මතධාරියෙක්වූ තම පියාගෙන් බලය ලබාගන්නා විට, ඔහුගේ රටේ තිබුණේ පාසල් තුනක් හා කිලෝමීටර 10ක් පමණවූ මාර්ග පද්ධතියක් පමණකි. එවිට ඔහුගේ වයස අවුරුදු 29 කි. ඒ කාලයේ ඔහුගේ රටේ මිනිසුන්ට ගුවන් විදුලියට සවන්දීම, අව් කණ්නාඩි පැලඳීම, තම විවාහ සහකරුවා තෝරාගැනීම, අධ්‍යාපනය ලැබීම, රටින් පිටවීම වැනි මූලික අයිතිවාසිකම් අහිමිවී තිබූ යුගයක් වී තිබිණ. සිහසුනේ හිඳගත් වහාම ඔහුගේ මූලිකම කර්තව්‍යය වූයේ, ගෝත්‍රික නීති සංශෝධනය කර උපයන තෙල් ආදායමින් තම රටේ යටිතල පහසුකම් දියුණු කිරීමය.
ඔහු එදා පටන්ගත් ඒ රට නැංවීමේ සංග්‍රාමයේ සතුටුදායක ප්‍රතිඵල, අද ඒ රට උඩින් පියාසර කරන ගුවන් මගියෙකුට වුවද පහසුවෙන් දැකගත හැකිය. අද දියතෙන් කියැවෙන්නේ අරාබි ලෝකයෙන් හුදකලාව සිටි රාජ්‍යයක් පසුකලෙක දශක පහක පමණ කාලයක් දූරදර්ශී පාලනයක් ගෙනගිය ඉකුත්දා අභාවප්‍රාප්ත වූ ඕමාන් සුල්තාන්වරයා වූ (රජු) කබූස් බින් සෙයිද් අල් සෙයිද් ගැනය.
අවුරුදු 50 ක් පමණ එලෙස තම රාජ්‍යය පාලනය කරමින්, එය නව ලෝකයට උචිත අන්දමින් සකසා, ඕමාන ජනයාගේත්, විදේශික ශ්‍රමික ජනතාවගේත් මහත්වූ ප්‍රසාදයට ලක්වූ හෙතෙම නමින් සුල්තාන් කබූස් බින් සෙයිද් අල් සෙයිද් නම් විය. ලොව පුරා ඔහු ප්‍රසිද්ධ වූයේ සුල්තාන් කබූස් යනුවෙනි. ඕමානය ඔහුගේ රාජ්‍යයයි. අරාබිකරයේ වැඩිම කලක් රටක් පාලනය කළ රාජ්‍ය නායකයා වීමේ ගෞරවයද ඔහු සතුවේ.
ඕමාන් සුල්තාන් රාජ්‍යය (ීමකඒබ්එැ දf ධප්බ) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිනිකොනදිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිතදිගට යේමනයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ. වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසානදිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති “මුසන්ඩම්” (ඵ්මි්බා්ප) යන ප්‍රදේශය ද මෙරටට අයත් වේ.
හැත්තෑව දශකයේදී එවකට යාබදව තිබූ මාක්ස්වාදී යේමනයෙන් ඇතිවූ ආක්‍රමණයෙන්ද, තම මිතුරු බි්‍රතාන්‍යයන්ගේ ආධාරයෙන් සාර්ථකව මැඩලීමටද සමත්වූයේ, ඔහුගේ උපක්‍රමශීලීභාවය මොනවට පිළිබිඹු කරමිණි.
මොහුගේ කැපී පෙනෙන දක්ෂතාවක් වූයේ සමබරවූ විදේශ සම්බන්ධතාවයි. එනිසාම, අරාබිකරයේ මොහුට වඩා ධනවත්, බලවත් රාජ්‍ය නායකයින් අතරින්, ලෝකයේ රාජ්‍ය නායකයින් අතර ජනප්‍රිය පුද්ගලයෙක් වූයේ මේ අපූරු නායකයාය. ඒ සමබර විදේශ සම්බන්ධතාවයේ අග්‍රඵලයක් ලෙස 2015 දී අත්සන් කරන ලද, ඉරාන - ඇමෙරිකා න්‍යෂ්ටික ගිවිසුම හඳුන්වාදිය හැකිය. මොහු නොසිටින්නට එය යථාර්ථයක් නොවන්නට බොහෝ සේ ඉඩ තිබිණ. (ඒ ගිවිසුමට වර්තමානයේ උද්ගතවී ඇති අවුල්සහගත තත්ත්වයට, මොහුගේ සම්බන්ධකමක් නැති බව පැහැදිලිය.)
සදාකාලිකවම අවුල් ජාලයක් වන මැද පෙරදිග, සිදුවූ කිසියම්ම වූ හෝ අර්බුදයකට සම්බන්ධ නොවීමට ඔහුගේ දූරදර්ශී නායකත්වය සමත්විය. මැදිහත්කරුවා වන්නැයි, ඒ සියලුම පස මිතුරන් දුව ආවේ ඔහු ළඟටය. ඒ සියලුම අවස්ථාවලදී, තමන්ගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකත්වය ඉතා උසස් අන්දමින් ප්‍රදර්ශනය කර ගිනි ඇවිළීමට නියමිතව තිබූ බොහෝ උද්වේගකර අවස්ථාවන් නිවා දැමූයේය. ඒ මගින් ඔහු විනාශ වීමට ඉඩ නොදී බේරාගත් මිනිස් ජීවිත ගණන, පහසුවෙන්ම ලක්ෂ ගණනක් විය හැකිය. ඒ නිසා නොවේ නම් අරාබිකරය අද තිබෙන්නාවූ ආකාරයට නොව, වෙනස් වූ අයුරකින් පැවතීමටද බොහෝසේ ඉඩකඩ තිබිණි.
අරාබි වසන්තය අනිත් රටවල් හරහා මෙන්ම ඔහුගේ රට හරහාද හමාගියේය. ඔහුගේ ජනයාද, අන් ජනයා මෙන්, වඩා හොඳ වැටුප්, රැකියා අවස්ථා ලබාදෙන්නැයිද, දූෂණය නවත්වන්නැයි කියමින් මහා මාර්ගවල උද්ඝෝෂණයේ නිරතවන්නට වූහ. ආරම්භයේදී ඔහු ඒවා ඉවසා සිටියද අවසානයේ රාජකීය ඕමාන හමුදාව මගින් එය මැඩපැවැත්වීය.
මේ සිද්ධියෙන් දෙදෙනෙක් පමණක් ජීවිතක්ෂයට පත්වූ අතර සිය ගණනක් සිරභාරයට පත්වූහ. ඒ නිසාම තම රජයේ දූෂිත යැයි නම් කෙරුණු ඇමැතිවරුන් ඉවත් කර, වහාම ඒ වෙනුවෙන්වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමට පියවර ගත්තේය. එහෙයින් ටියුනීසියාව, ඊජිප්තුව හා ලිබියාව වැනි රටවල සිදුවූ බිහිසුණු ක්‍රියාදාමයන්ට, තම රට ගොදුරු නොකරවීමට ඔහු සමත්විය.
අවුරුදු 50 ක් පමණ එලෙස තම රාජ්‍ය පාලනය කරමින් සිටි ඔහු වසර කිහිපයක් තිස්සේ පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටියේය. ඊට සුල්තාන් කබූස් ප්‍රතිකාර ලබාගත්තේ ජර්මනියෙන් හා බෙල්ජියමෙනි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දිගුකලක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සුල්තාන්වරයා නැවත ඕමානය වෙත පැමිණ ඇත්තේ පසුගිය මාසයේදීයි. හෙතෙම ඉකුත් 11 වැනි දින තම ජීවිතය අත් හරිනවිට වයස 79 ක් වූයේය. ආගමික චාරිත්‍රානුකූලව එදිනම පස්වරුවේ රටේ සියලුම වැසියන්ගේ ගෞරවය මධ්‍යයේ ඉතාම චාම් අන්දමින් ඔහුගේ අවසන් කටයුතුද සිදුකෙරිණ.
“දවසේ ඕනෑම වෙලාවක, අරාබිකරයේ සිටින ඕනෑම රාජ්‍ය නායකයෙක්ව ඍජුව ඇමතීමට හැකි එකම පුද්ගලයා ලෙස නම් දරා සිටියේ සුල්තාන් කබූස් පමණකි. වෙන කිසිම කෙනෙකුට එම හැකියාව නොතිබිණි. එමගින් මේ අසහාය නායකයාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, පැසුණු බුද්ධිය, උපායශීලිත්වය මොනවට කියාපාන්නේ නොවේද?
සුල්තාන් කබූස් සැලකෙන්නේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිය කරා රැගෙන ගිය තැනැත්තෙක් ලෙස රටකරවූයේ අවිවාහකයෙකු ලෙසිනි. සුල්තාන්වරයා මියයන අවස්ථාව වන විට ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් නම්කිරීමටද කටයුතු කර නොතිබිණි.
මේ අතර නව අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීම සඳහා සංකීර්ණ ක්‍රියාවලියක නිරතවීමට පුරුෂයන් 50 දෙනෙකුගෙන් යුත් ඕමානයේ රාජකීය කවුන්සිලයට සිදු විය. එහිදී ඔවුන් එක්ව, තෙදිනක් තුළ රාජ්‍යත්වය සඳහා අනුප්‍රාප්තිකයෙක් තෝරාගැණේ. කෙසේ නමුත් එසේ තෝරාගන්නා තැනැත්තාට රජ පවුල අකමැත්තක් පළකළහොත්, සුල්තාන් කබූස් විසින් පෙර පටිගතකර සීල් තබා ඇති රහසිගත හඬපටවලට සවන්දීමට රාජකීය කවුන්සිලය කටයුතු කරනු ඇත.
නමුදු එවැනි රාජකීය රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොවිණි. ඒ සුල්තාන් කබූස් ජීවිතක්ෂයට පත්වූ ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක් පත්කර ඇත. ඒ, එරට හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ්ගේ අභාවයෙන් පසුවය. හයිතම් බින් ටරීක් ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස පත්වීමට පෙර එරට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි