2014 වසර අවසන් වෙලා 2015 වසර ආරම්භ වුණා. ඒ ඡුන්ද උණුසුමත් සමඟ. මේ දවස්වල බොහෝ කතා ඇසෙනවා. ඇතැම් පිරිස් කාන්තා අතවර, ළමා අපයෝජන ඡුන්දයට වාසි කරගෙන කතා කරනවා. ඒත් ආදරණීය අම්මලා තාත්තලා සිතිය යුතු දෙයක් තියනවා. රටක කුමන ආණ්ඩුවක් ආවත් ගෙදර ආරක්ෂාව සපයාගත යුත්තේ තමන්ම බව. දරුවෝ අනාරක්ෂිත කරලා, කාන්තාවන් තාක්ෂණයේ හෝ ආදරයේ අතරමන්වෙලා ජීවිත විනාශ කරගන්නවාට වඩා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම කාලීනයි. අපයෝජන අඩුවෙන රටක වෙනසක් හොය හොයා ඔබ ගෙදර ආරක්ෂාව නොසලකා හැරියොත් පසුතැවිලිවෙන්න වෙන්නේ ඔබටමයි.
අදත් මා අකුරු කරන්නේ තාක්ෂණය භාවිතයේ පැවතිය යුතු අරපරෙස්සම් බව නැති නිසා අතරමන් වූ තවත් එක් යුවතියකගේ කතාවක්.
ඇය ගංගා. හම්බන්තොට ප‍්‍රදේශයේ දිළිඳු පවුලක යුවතියක්. අම්මයි තාත්තයි කුලී වැඩ කරලා හරිහම්බකරගත් මුදල් ගංගාගේ අධ්‍යාපනයට වියදම් කළේ, කුසගින්නට වතුර බීලා. ගංගා මව්පියන්ගේ දහඩිය මහන්සිය අපතේ ඇරියේ නැහැ. හොඳින් උසස් පෙළ පාස්වුණා. ගමෙන් සරසවි වරම් ලැබූ එකම ශිෂ්‍යාවත් ඇය වුණා. ඒ නිසාම ගමේ බොහෝදෙනා ඇයට සරසවි යාමට උදව් කළා.
ගංගා සරසවි අධ්‍යාපනයත් හොඳින් නිම කළා. අධ්‍යාපනය ලබන කාලයේදීම හොඳ ටියුෂන් ගුරුවරියකුත් වුණා. ඒ නිසා ඇගේ අධ්‍යාපනයටත්, මව්පියන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍ය මුදල් හොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණේ නැහැ.
රජයෙන් උපාධි පත්වීම් දෙනතුරු ඇය ඇගේ ටියුෂන් පංති සාර්ථකව පවත්වාගෙන ගියා. ඉන් ලැබුණු මුදල් ටික ටික එකතු කරලා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත්තේ එය ටියුට් සැකසීම සඳහා ඇයට බොහෝ ප‍්‍රයෝජනවත් වන බැවින්.
ගංගා ඇතැම් දරුවන්ට අවශ්‍ය පාඩම් මාලා යවන්න ඉන්ටනෙට් එකත් භාවිත කළා. දවසක් ගංගාට අපූරු ඊමේල් පණිවිඩයක් ලැබී තිබුණා. එහි සඳහන් වෙලා තිබුණේ මේ වගේ දෙයක්.
”ඔයාට ලොතරැයි දිනුම් ඇදීමක් වැටිලා තියෙනවා. එතන කෝටි දෙකක ලොකු මුදලක් තියනවා. ඒ මුදල් එවීමට ඔයාගේ පෞද්ගලික තොරතුරු එවන්න. ඒත් මේ
ගැන කාටවත් කියන්න එපා. මේ දිනුමෙන් ඔයාට ලොකු මුදලක් වැටී ඇති බව දැනගත්තොත් ඔයාට අනිත් අයගෙන් කරදර එයි.”
ගංගා ඇත්තටම පුදුම වුණා. වේලක් ඇර වේලක් කාලා ජීවත්වෙච්ච ඒ අඳුරු යුගය ටික ටික නිමාවෙමින් තිබුණා. සරසවි අධ්‍යාපනයෙන් පසු ටියුෂන් කිරීම ඒ දුෂ්කර ජීවිතයට සමුදෙන්න රුකුලක් වුණා.
”අම්මේ අප දුක් විඳපු කාලය ඉවරයි අම්මේ” ගංගා සතුටින් කෑගැසුවා. කිසිවක් තේරුම්ගත නොහැකි ගංගාගේ මහලූ අම්මයි තාත්තයි දියණිය මෙපමණ සතුටින් කෑගැසීමට කරුණු කුමක්දැයි විමසුවා.
”අපට ලොකු දිනුමක් වැටිලා අම්මේ. පොඩි ගාණක් නෙවෙයි කෝටි දෙකක්. අපට ලස්සන ගෙදරක් හදාගෙන, අපේම කියලා වාහනයක් අරගෙන සතුටින් ඉන්න පුළුවන් අම්මේ”
ගංගා ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් කියවාගෙන ගියා.
”කෑ ගහගහ කියවන්න එපා දුවේ. කාටහරි ඇහෙයි. ඔය දිනුම ගැන කාටවත් කියන්න එපා. ගමේ උන් දැන්ම ඉඳලම ණයට ඉල්ලන්න එයි.” ගංගාගේ අම්මා ගංගා ළඟට විත් හෙමිහිට කෙඳිරුවා. ”මගේ දුවට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි” ගංගාගේ තාත්තා ඇගේ හිස අතගෑවා.
ගංගාත් ඊxතැපැල් පණිවිඩයේ තිබූ ආකාරයටම කටයුතු කළා. කිසිවකුටත් මේ දිනුම පිළිබඳ නොකියූ අතර ඇගේ සියලූ විස්තර ඔවුන්ට ලැබීමට සැලැස්සුවා.
ඊට පසු ඇයට යළිත් මෙවැනි ඊ-ලිපියක් ලැබී තිබුණා.
”ඔබේ සියලූ තොරතුරු අපි ලොතරැුයි සමාගමට දී අවසන්. ඔබේ මුදල ලැබීමට පෙර අපි එවන ගිණුම් අංකයට රුපියල් ලක්ෂයක් දමන්න. ඔබ තහවුරු කරන සත්‍ය කරුණු මත ඉක්මනටම ඔබේ දිනුම ඔබ අතට ලැබේවි.”
ගංගා ගොඩක් දුර කල්පනා කළේ නෑ. ඇය උගුර ලේ රහ වෙනකම් කෑගසමින් දරුවන්ගේ නෙත් පාදා හරිහම්බ කරගත් මුදල් එකතු කර එම ගිණුම් අංකයට යැව්වා.
ඊට දවස් දෙකකට පසු යළිත් ඇයට මෙවැනි පණිවිඩයක් එනවා.
”ඔබේ මුදල ලැබුණා. මේ ඔබේ ගිණුම් අංකය මේ බැංකුවෙන් ඔබේ දිනුම ලබා ගන්න”
ගංගා අසීමිතව සතුටට පත්වුණා. ලිපියේ සඳහන් ආකාරයටම සිය මව්පියන් සමඟ ආරක්ෂාකාරීව බැංකුවට යන්නේ තෑගි මුදල ලබා ගැනීමට. එම ගිණුම් අංකය දී තෑගි මුදල පිළිබඳ කතාව ඇය බැංකුවේ කළමනාකාරතුමාට පවසනවා. ඒත් එවැනි ගිණුම් අංකයක්වත් එවැනි තෑගි මුදලක්වත් බැංකුවට ලැබී නැති බව ඔවුන් පවසනවා.
ගංගාගේ හිස කැරකෙන්නට වෙනවා. තමා රැවටිලිකාරයෙකුට හසුවූවාදැයි සිහිවෙනවා.
”ඔයා මොනාහරි දිනුම් ඇදීමකට සම්බන්ධ වුනාද?”
බැංකු කළමනාකරු ගංගාගෙන් අසනවා.
”නෑ” ගංගා පිළිතුරු දෙනවා.
”එහෙනන් කොහොමද මේ ලොතරැුයි කතාවයි දිනුමයි පිළිබඳ කතාවට ඔයා සම්බන්ධ වුණේ”
”මට ලොතරැුයි දිනුමක් ඇදිලා කියලා ඊxතැපැල් ලියුමක් ආවා.”
”ඉතින් ඔය ළමයා දිනුම් ඇදීමකට දැම්මේ නැත්නම් කොහොමද මේ නොදාපු දිනුමක් ආවේ කියලා හිතුවේ නැද්ද? කළමනාකාරතුමාගේ ප‍්‍රශ්නවලට ගංගාට පිළිතුරු දිය නොහැකි වුණා. ඇය කාට හෝ හොඳටම රැවටී ඇති බව නම් තේරුම් ගත්තා. තමාට උපාධියක් තිබුණට, ටියුෂන් කළාට, තාක්ෂණය පිළිබඳව හා සමාජය පිළිබඳ ලබා ඇති දැනුම මදි බව ඇය තේරුම් ගත්තා.
කවුරුන් හෝ වංචාකාරයකු ලස්සන හීනයක් ඇයට පෙන්නා ඇය එම හීනයේ අතරමන් කර ඇගේ මූල්‍යමය දේපල කොල්ලකා ඇති බව ඇය තේරුම් ගත්තා.
ඒ වගේම එම නොදන්න වංචාකාරයාට තමන්ගේ සියලූ පෞද්ගලික තොරතුරුත් දී අවසන් බව සිහි වූ ඇය තව තවත් කලබලයට පත්වුණා. ඒ නිසයි ඇය පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ පිහිට පතා ගියේ. ඇතැම්විට ගංගාට සේ ඔබටත් මෙවැනි ඊ-තැපැල් පණිවිඩ ආ හැකිය. එම පණිවිඩ මත කොතරම් සුන්දර සිහින තිබුණත් ඒවාට ඔබ නොරැවටී සිටිය යුතුය.





