සුනාමියට ගහගෙන ගියත් ඉරුණු ඇඳුමින්ම වැඩට ආ මාතර මහ දිසාපති



 

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ දරුණු සුනාමි ඛේදවාචකයට වසර 10ක් සම්පූර්ණ වීමට මාස කිහිපයක් තිබිය දී වුවද ඔහු අපගේ මතකයේ රැුඳී තිබෙන්නේ කළ සේවාව නිසාය. ඒ මාතර හිටපු මහ දිසාපති ගාමිණී ජයසේකර මහතාය.

සිය කාර්යාලය ද සම්පූර්ණයෙන් සුනාමියට හසුවී තිබිය දී ඔහු ද සුනාමියට හසුව ගසාගෙන ගොස් තිබිය දී ඉතිරි වූ ඇඳි වතේ මඩපිටින් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට පැමිණ ඩෙස් එකක් හා පුටුවක් තබා ගෙන රාජකාරි ආරම්භ කළ නිහතමානී හා දක්ෂ රාජ්‍ය නිලධාරියකු ලෙස ඔහු ප‍්‍රකටය.

තිහගොඩ බටුවිට කනිෂ්ඨ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරා 05 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගාමිණී ජයසේකර මහතාගේ මුල්ගම බෙන්තරය. හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී කලා උපාධිධාරියෙකි.

1974 දී ඔහු රාජ්‍ය සේවයට එක්වූයේ අම්බලන්තොට ප‍්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙසයි. වසර තුනකින් පසු කඹුරුපිටිය ප‍්‍රාදේශීය උපදිසාපති තනතුරට පත්වූ ඔහු 1988 දී මාතර කච්චේරියේ මූලස්ථාන උපදිසාපතිවරයා ලෙස උසස් වීම් ලබා ඇත. 1989 දී එහි අතිරේක දිසාපති II තනතුරට පත්වූ ඒ මහතා ප‍්‍රාදේශීය ලේකම් ක‍්‍රමය ඇති වූ පසු තිහගොඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කර ඇත.

1995 වසරේ සිට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ධුරයට පත්වූ ජයසේකර මහතා 2004 අගෝස්තු මාසයේ සිට මාතර මහ දිසාපතිවරයා බවට පත්විය.

තිදරු පියකු වූ ඔහුගේ ආදරණීය බිරිඳ චාලට් ජයසේකර (63) මහත්මිය විශ‍්‍රාමික ගුරු උපදේශිකාවකි. වැඩිමහල් පුතු පැතුම් ජයසේකර (37) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවය කරන අතර දෙවැනි පුතු අමිල ජයසේකර (34) කවුරුත් හඳුනන ජාතික රූපවාහිනියේ දක්ෂ ප‍්‍රවෘත්ති නිවේදකයෙකි. ඔහු රැුකියාව ලෙස හැටන් නැෂනල් බැංකුවේ සේවය කරයි. බාල දියණිය පවිත‍්‍රා ජයසේකර (26) මාතර සම්පත් බැංකුවේ රැුකියාව කරන්නීය.

වසර 34ක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වූ ගාමිණී ජයසේකර මහතා අද වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. එදා මෙන්ම අදත් සෑම ඉරු දිනකම මාතර මහජන පොළ වෙත ගොස් නිවසට අවශ්‍ය එළවළු ආදී බඩු මුට්ටු රැුගෙන ඒම ඔහුගේ සිරිතකි. එහිදී හමුවන වැඩිදෙනකු සමග කතාබහ කිරීම ඔහුගේ නිහතමානී බවේ ලක්ෂණයකි. ගාමිණී ජයසේකර මහතා සුනාමි ව්‍යසනයට හසුවන්නේ ද බඩු මිලදී ගැනීමට මාතර මහජන පොළට ගිය අවස්ථාවකදීය.

සිය ජීවිතයේ අමිහිරිතම හා භයානකම අත්දැකීම පිළිබඳව යළි සිහිපත් කරමින් අදහස් දැක්වූ ඔහු එය මෙසේ විස්තර කළේය.

බොහෝ වෙලාවට මම ඉරිදාට පොළේ යනවා. 2004 දෙසැම්බර් 26 වැනිදා මාතර පරෙවිදුව උපෝසථාගාරයේ බෝ පැළයක් රෝපනය කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඊට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න හිටියේ වැඩබලන ස්ථානාධිපති හා එවකට අගමැතිව සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. උදෑසන 9.30 පවත්වන්න තිබූ උත්සවය හවසට කල් දාන්න කියලා ඊට පෙර දින ඔහු අපට උපදෙස් ලබාදී තිබුණා. ඒ නිසා මා එදා උදෙන්ම පොළට ගියා. නිවසේ සිට නිල කැබ් රථය පදවාගෙන ගියේ මායි.

කැබ් රථය වෙරළ පාරේ නවතා පොළට ගිහින් හෙමින් සීරුවේ බඩු මිලදී ගත්තා. ඒ අතරතුර දී මා දන්නා හඳුනන කිහිපදෙනකු සමග කතා බහ කළා. අවසානයේ මා බෑගය ද රැුගෙන කැබ් රථය ළඟට එන්න ආවා. මම පොළට යන්න එන අතරතුරේ දී මගේ දුව නූපේ පන්තිය අසල බස්සවලයි ආවේ.
වෙරළ පාරට එනවිටම ඒ අවට සිටි කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා අන්න මුහුදෙන් ලොකු රැුල්ලක් එනවා කියලා. වෙනදත් මුහුද රළු වන නිසා මා එය ගණන් ගත්තේ නැහැ.

 

ගසාගෙන ගොස් පොඩිපට්ටම්වූ වාහනය.

 

ඒ සමගම අඩි 35ක් විතර උස රළ පහරක් ඈත එනවා දැක්කා. එවිට මම ගොඩබිම දෙසට දුවන්න පටන් ගත්තා. ඒ රළ පහරට පාරේ නවතා තිබූ ත‍්‍රිරෝද රථ, යතුරුපැදි ආදී වාහන සෙල්ලම් බඩු වගේ ගසාගෙන යනවා දැක්කා.

ඒ සමගම පැමිණි තවත් රළ පහරකට මා හසුවුණා. තත්පරයක්වත් ගියේ නැහැ. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. කොහෙද කඩයක යකඩ පොල්ලක් ඉබේටම වගේ මගේ අතට හසුවුණා. මම ඒක අල්ලගෙන ඉන්න කොට තවත් විශාල රළ පහරක් ආවා.

යකඩ පොල්ල ද කඩාගෙන මා වතුරට ගසාගෙන ගියා. අඩි 10 කට වඩා වැඩි වතුරේ හිස උඩට එන විට මා හුස්ම ගන්නවා. ආපසු යටට යනවා. යළි උඩට මතුවෙනවා. ඒ වෙලාවේ මට මරණ බිය දැනුනා. මගේ බිරිඳ හා දරුවන් අවසන් වශයෙන් සිහිවුණා. ඥාති හිතවතුන් මතක් වුණා. මොනවා වුණාද කියලා මා දන්නේ නැහැ. ඒත් වතුරට  ඕනෑ විදියට මා හිටියා.

ටික වේලාවක දී මම ගිහින් වැටිලා හිටියේ සාරි සෙන්ටර් එක අසල විජයගිරි හෝටලයේ පිටුපසටයි. ගොඩැල්ල වගේ උස් තැනක මා රැුඳුනා. එතැනට ආවේ කඩවල වහල උඩින්ද කඩ මැදින් ද කියලා මා දන්නේ නැහැ. මට හිතා ගන්න බැරිවුණා.

එතැන ලොකු අරලිය ගහක් තිබුණා. මම හෙමිහිට ගිිහින් අරලිය ගහ උඩට නැග්ගා. ඒ අසල ගොඩනැගිල්ලක උඩ සිටි අය කෑගහන්න ගත්තා ගහේ ඉන්න එපා ඊළඟ රැුල්ලට අහුවේවි කියලා.

මම හෙමිහිට ගහෙන් බැහැලා එන විට පුද්ගලයකුගේ අතක් කැපිලා ලේ විදිනවා දැක්කා. ලේ ඒම නවත්වන්න මොකක් හරි කරන්න කියලා ඔහු මගෙන් ඉල්ලා සිටියා. මගේ කලිසම් සාක්කුවේ තිබූ ලේන්සුව රැගෙන මම ඔහුගේ අතේ ගැට ගසා ලේ එන එක නතර කර ගත්තා.

වටේටම වතුර පිරිලා තිබුණා. මා ඉන්නේ කොතැනද කියලා අහගත්තෙත් ගොඩනැගිල්ලක උඩට වෙලා හිටපු අයගෙන්. ඒ වන විට මගේ එළවළු මල්ල ගසාගෙන ගොස් තිබුණා. කලිසම හා කමිසයත් බාගෙට ගැලවිලයි තිබුණේ. ඇඟ පුරාම මඩ. කණ්ණාඩි දෙකත් නැහැ. කාටවත් මාව හඳුනාගන්න බැරිවුණා.

සාරි සෙන්ටර් එක අසල ගොඩනැගිල්ලක සිටි අය මට උඩට එන්න කියලා කෑ ගැහුවා.

මා බොහොම අමාරුවෙන් තාප්පයක් අල්ලාගෙන ඒ දිගේ හෙමිහිට ඉස්සරහට ගියා. ඒ අසල ලොරියක් ද පෙරළී තිබුණා. මගේ පිටුපසින් ද කිහිප දෙනකු පැමිණියා. ලොරිය උඩ සිටි අයකු ඒකට ගොඩවෙන්න මට අත දුන්නා. පිටුපසින් පැමිණි අය මට උඩට නගින්න තල්ලූවක් දුන්නා. ලොරිය උඩට නැගලා ඒ අසල ගොඩනැගිල්ල මතට යන්න පුළුවන් වුණා.

ටික වේලාවක් එතැන ඉඳලා මා හෙමිහිට පාරට බැස්සා. ඒ වෙලාවේ හැම තැනම මළ මිනී, වාහන පෙරළිලා හරියට විශාලා මහනුවර වගේ. මේ මාතර ද කියලා මට හිතාගන්න බැරි වුණා. මා ක‍්‍රමයෙන් ප‍්‍රධාන බස් නැවතුම්පොළ පහු කරලා ඉස්සරහට ගියා.

මාතර යුද හමුදා කඳවුර ඉදිරිපිට එදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අද වන විට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ තුවාලකරුවන් රෝහල වෙත රැුගෙන යමින් සිටියා. මම එතැනට ගියත් චන්දන වික‍්‍රමරත්නට හෝ කිසිදු පොලිස් නිලධාරියකුට මාව හඳුනාගන්න බැරිවුණා. මා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ළඟට ගිහින් නිල ඇඳුමට තට්ටුවක් දැම්මා.

ඇඟට තට්ටු කළේ කවුද කියලා ඔහු හොඳින් බලන විට මේ අපේ දිසාපතිතුමානේ කියලා ඉබේටම කියවුණා. ඒ වන විට මගේ දකුණු අත හා දකුණු කකුල තුවාල වෙලයි තිබුණේ මම චන්දනට කීවා ගෙදර අය බය වෙලා ඇති මාව ගෙදරට ගෙනිහින් දාන්න කියලා. ඒත් පාර අවහිර වෙලා තිබූ නිසා ගෙදරට යන්න බැරිවුණා.

මම ඉක්මනින් පොලිසියට ගියා. එතැනට මහින්ද යාපා අබේවර්ධන ඇමතිතුමත් ඇවිත් හිටියා. මොකද දිසාපතිතුමා කියා ඔහු මගෙන් ඇහුවා. මම දුව ගැන හොයන්න  ඕනෑ කියා ඇමැතිතුමාට කීවා. එවිට ඔහුගේම වාහනයෙන් දුවගේ පන්තිය ළඟට ගියා. එතැන කවුරුවත් හිටියේ නැහැ. පසුව නගරය පුරා දුව සොයමින් ඇවිදින විට ඇය යහළුවන් පිරිසක් සමග ගබඩා වීදියේ ආරක්ෂිත ස්ථානයක සිටිය දී හමුවුණා. මගේ ඇෙඟ් ලේ දැකලා දුව හොඳටම බය වුණා.

අනතුරුව ඇමතිතුමයි මමයි මාතර මහ රෝහලට ආවා. එවිට හැම තැනම මළ මිනී තිබුණා.

පසුව රෝහල් අධ්‍යක්ෂක කේ.අයි. පද්මතිලක මහතා හමුවුණා. මගේ තුවාල හා කම්පන තත්ත්වය දැකලා ඔහු කීවා රෝහලේ නතර වෙන්න කියලා. මම බලමු කීවා. මාතර රෝහලේ පිටගැස්ම එන්නත් ඉවරවී තිබූ නිසා මහින්ද යාපා ඇමතිතුමා ඒ එන්නත් ගේන්න කඹුරුපිටිය රෝහලට පිටත්ව ගියා.
මා රෝහලෙන් එළියට ඇවිත් නැවතත් බෝධිය ළඟට ගියා. එහිදී ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තා. එවිට බිරිඳ හඬා වැළපෙන්න පටන්ගත්තා. මම කීවා අඬන්න එපා මා ජීවතුන් අතර ඉන්නවනේ කියලා. ලොකු පුතා අවසන් වශයෙන් දික්වැල්ලේ දී කතා කළ බවත් ඉන්පසුව ඔහු ගැන තොරතුරක් නොමැති බවත් බිරිඳ කීවා. අපි පුතා සොයාගමු. දුවත් හොඳින් ඉන්නවා කියා මා තවදුරටත් ඇයට කීවා.

 

කාර්යාලයේ දේපල විනාශ වී.

 

ඒ වන විට විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන් මාතරට එමින් සිටියා. මම මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය තිබූ තැනට ගියාම මේස පුටු පරිගණක සියල්ල වතුරට ගහගෙන ගිහින්. ඒ වෙලාවේ මගේ ඇස්වලින් කඳුළු වැටුණා. දැන් කරන්න දෙයක් නැති නිසා බෝධිය ළඟට ඇවිත් පුටුවක් හා බංකුවක් තබාගෙන මඩ ඇඳුම පිටින්ම සහන සේවා කටයුතු කරන්න පටන් ගත්තා. බෝධියේ ශබ්ද විකාශන යන්ත‍්‍ර පාවිච්චි කරලා රාජ්‍ය නිලධාරීන් එතැනට රැුස්කර ගත්තා.

මගේ නිල වාහනයට කුමක් වෙලාද කියා මම එතැනට රැුස්වූ කිහිප දෙනකුගෙන් ඇහුවා. එවිට ප‍්‍රාදේශීය ලේකම්වරයෙක් කීවා කොටුවේගොඩ තාප්පයක් උඩ වාහනය කුඩු පට්ටම් වෙලා තිබෙන බව. ඒක දැක්කම මට හිතුනා මම කැබ් රථයට ගොඩවෙලා හිටිය නම් මේ වනවිටත් මැරිලා කියලා.
මාතර දිස්ත‍්‍රික්කයේ මාතර, දෙවිනුවර, වැලිගම, දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් වසම්වල ග‍්‍රාම සේවා කොට්ඨාස 72ක් මේ විපතට හසුවෙලා තිබුණා. පවුල් 22,768 ක් අවතැන් වෙලා. නිවාස 8018ක් විනාශ වෙලා. පුද්ගලයින් 1840ක් මිය ගිහින්. ඒ අතර දරුවන් 385 දෙනකු සිටියා. දරුවන් 199 දෙනකුගේ මව්වරු මිය ගිහින්. දරුවන් 134 කගේ පියවරුන් මිය ගිහින්. මව හා පියා යන දෙදෙනාම මිය ගිය දරුවන් 52ක් හිටියා. මේ තත්ත්වය මත සියලූම දෙනාට සහන කඩිනමින් සලසන්න මා සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නා. අවශ්‍ය බඩු මුට්ටු කඩවලින් හරි ණයට ලබාගන්න මම  ඕනෑම දෙයකට අත්සන් කරන්නම් කීවා. ඒ අනුව මාතර බෝධිය ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය කරගෙන මා සහන සැලසීමේ කටයුතු ආරම්භ කළා.
එදින සවස මහින්ද රාජපක්ෂ මහතා ගුවනින් ව්‍යසනය නිරීක්ෂණය කර මාතරට ආවා. අපි මාතර පොලිසියේ සාකච්ඡාවක් පැවැත්වූවා. එතැනට රැුස්වූ අය මම සුනාමියට හසුවූ ආකාරයත් පුතා ගැන තොරතුරක් නොමැති බවත් කීවා. පසුව සමෘද්ධි නිලධාරී මහත්මයෙක් මට කමිසයක් ගෙනත් දුන්නා. කලිසම්වල ප‍්‍රමාණය නොදන්නා නිසා කලිසමක් ගෙනාවේ නැහැ කීවා.

මම මඩ තැවරුණු කමිසය ගලවලා ඒ කමිසය ඇඳගත්තා. සවස ඇඟපත හෝදා ගන්න පොඞ්ඩක් ගෙදරට ගියා. ඒ යන විට ගොඩක් දෙනෙක් ගෙදරට ඇවිත් සිටියා. ඔවුන් තැන තැන අඬමින් සිටියා. ගෙදර මළ ගෙයක් වගේ නිසා මා ඇඟ සේදීම පසෙක තබා නැවතත් මාතර බෝධිය ළඟට ආවා. එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඞී.ඩබ්ලිව්. ප‍්‍රතාපසිංහ මහතාට හා යුධ හමුදා කඳවුරේ කපිතාන් මදනායක මහතාට ලොකු පුතා අතුරුදන් බව කීවා.
ඔහු සොයා ගැනීම සඳහා රාත‍්‍රී අප දික්වැල්ල නගරයට ගියා. මුළු දික්වැල්ලම විනාශ වෙලා. වෙරළ අයිනේ ප‍්‍රධාන පාර අවහිරවී තිබූ නිසා කැකණදුර පැත්තෙන් ගියේ. යුධ හමුදාව පාර පිරිසුදු කරගෙන දික්වැල්ලට එන බව කීවා. අපි දික්වැල්ල බෙලිඅත්ත රෝහල්වලට ගොස් පුතාව තුවාලකරුවන් අතර සිටිනවද බැලූවා. අවතැන්ව සිටි ස්ථානවලට ගොස් පරික්ෂා කළා. ඒත් නැහැ. අවසානයේ තාත්ත කෙනකුට දකින්න බැරි දෙයක් වූ පුතාගේ මළ සිරුර මෘත ශරීරාගාරවලවත් තියේද කියා සොයා බැලූවා. ඒ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම අපරාධයක් වන නිසා අප නැවතත් මාතර දෙසට ආවා.
ඒ වන විට බෙලිදෙනිය හංදිය අසල බුදු පිළිමයක් මුහුද අයිනේ ඒ ආකාරයට තියෙනවා දැක්කා. අවට සියලූ දේ විනාශවෙලා. බුදු පිළිමයට කිසිම හානියක් වෙලා නැහැ. ඒක හරි ආශ්චර්යමත් දසුනක්.

නැවත මාතර බෝධිය ළඟට ඇවිත් සිරිත් පරිදි රාජකාරි වැඩ කළා. සුනාමියට හසුවෙලත් පුතා ගැන තොරතුරක් නැතිවත් මා රාජකාරි කරන බව මාධ්‍යවල විකාශය වුණා.

ඒක දැකපු ඇඹිලිපිටිය ඥාති පිරිසක් ඉතා ඉක්මනින් පුතා වාහනයක නග්ගා මාතරට පිටත් කර එවා තිබුණා. ඒ පහුවැනිදායි. සුනාමිය එනවාත් සමගම පුතා ආපස්සට ඇඹිලිපිටිය බලා යන බසයක නැගලා පිටත්ව ගිහින් තිබෙනවා.

එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ ව්‍යසනය බලන්න මාතරට පැමිණියා. මා කළ සේවාව පිළිබඳව ඇයත් අගය කළා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වෙලාවේ ක්ෂණික තීරණ දෙකක් ගත්තා. සියලූම දිසාපතිවරු  ඕනෑම තීරණයක් ගන්න පුළුවන් නිසි බලධාරීන් බවට පත් කළා. ඊට අමතරව සහන සලසන්න දිස්ත‍්‍රික්කයට මිලියන 10ක් ලබාදුන්නා.

සුනාමි ව්‍යසනය පිළිබඳ මතකය අද වන විට බොහෝදෙනකුට අමතක වී ඇත්දැයි ගාමිණී සේනානායක මහතාගෙන් විමසූ විට හේ මෙසේ කීය. මම සුනාමියට මැරිලා ඉපදුන කෙනෙක්. ඒ නිසා මටවත් සුනාමියට හසුවූ කිසි කෙනකුටවත් ඒ පවුල්වල අයටවත් කවදාවත් ඒ අත්දැකීම අමතක කරන්න බැහැ. ඒත් අද සමහරු වැරදි වැඩ කරන්නේ සදාකාලිකව ජීවත් වෙනවා වගේ. ඒත් අපි සංසාරේ හැටි අවබෝධ කරගත්තා. මැරෙනතෙක් ඒ ව්‍යසනය අමතක වෙන්නේ නැහැ.

අලූතින් රාජ්‍ය සේවයට එක්වන අයට ලබාදිය හැකි පණිවුඩය කුමක්දැයි ඇසූ විට ඔහු මෙසේ කීවේය.

”අපි කිසි වෙලාවක තනතුරු නාම පසුපස යන්න හොඳ නැහැ. අපේ අවසන් ඉලක්කය මහජනතාවට සේවය කිරීමයි. මේ තරම් දෙයක් වෙලත් මට තිබුණා රෝහල්ගත වෙලා ඉන්න. ඒත් මම එහෙම කළේ නැහැ. පුළුවන් හැටියට වැඩ පටන් ගත්තා. එසේ නොවුනා නම් මාතර දිස්ත‍්‍රික්කය තවත් අරාජික වෙන්න තිබුණා. හැම වෙලාවෙම තමන් ගැන විතරක් හිතන්නේ නැතිව වැඩ කරන්න  ඕනෑ. සාමූහිකව වැඩ කළොත්  ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන්.”

කෙසේ වෙතත් මේ තරම් විපතකට පත්ව සිටියදීත් මහජනතාවට සේවය කිරීමට කැපවූ මාතර හිටපු මහ දිසාපති ගාමිණී ජයසේකර මහතා සියලූ දෙනාටම ආදර්ශමත් චරිතයකි.

ඔහු ඒ කළ විශිෂ්ට සේවාව සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය. මුදල් පසුපස හඹා යන යුගයක ගාමිණී ජයසේකර වැනි මහජන හිතවාදී අවංක මිනිසුන් මේ රටට තවත් අවශ්‍ය වනු ඇත. එමනිසා ඔහුගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

මුහුද අයිනේ ඒ ආකාරයට තියෙනවා දැක්කා. අවට සියලූ දේ විනාශවෙලා. බුදු පිළිමයට කිසිම හානියක් වෙලා නැහැ. ඒක හරි ආශ්චර්යමත් දසුනක්. අපි ගොඩක් වෙලා ඒ දිහා බලන් හිටියා. එදා පෝය දවසක් නිසා හඳ එළියත් හොඳින් වැටිලා තිබුණා. මුහුදු වෙරළ ගස් කොලන් නොමැතිව ලස්සන පරිසරයක තිබුණා.

නැවත මාතර බෝධිය ළඟට ඇවිත් සිරිත් පරිදි රාජකාරි වැඩ කළා. සුනාමියට හසුවෙලත් පුතා ගැන තොරතුරක් නැතිවත් මා රාජකාරි කරන බව මාධ්‍යවල විකාශය වුණා.

ඒක දැකපු ඇඹිලිපිටිය ඥාති පිරිසක් ඉතා ඉක්මනින් පුතා වාහනයක නග්ගා මාතරට පිටත් කර එවා තිබුණා. ඒ පහුවැනිදායි. සුනාමිය එනවාත් සමගම පුතා ආපස්සට ඇඹිලිපිටිය බලා යන බසයක නැගලා පිටත්ව ගිහින් තිබෙනවා.

එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ ව්‍යසනය බලන්න මාතරට පැමිණියා. මා කළ සේවාව පිළිබඳව ඇයත් අගය කළා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වෙලාවේ ක්ෂණික තීරණ දෙකක් ගත්තා. සියලූම දිසාපතිවරු  ඕනෑම තීරණයක් ගන්න පුළුවන් නිසි බලධාරීන් බවට පත් කළා. ඊට අමතරව සහන සලසන්න දිස්ත‍්‍රික්කයට මිලියන 10ක් ලබාදුන්නා.

සුනාමි ව්‍යසනයෙන් මට විශාල අත්දැකීම් සමුදායක් ලැබුණා. ඊට අමතරව කළ සේවය වෙනුවෙන් වීර චූඩාමනී ජනාධිපති සම්මානයත් හිමිවුණා. ඉතා ඉක්මනින් මාතර නගා සිටුවන්න විශාල පිරිසක් මට උදව් කළා.

ඔහු ඒ කළ විශිෂ්ට සේවාව සියලූ දෙනාගේ ගෞරවයට පාත‍්‍ර විය. මුදල් පසුපස හඹා යන යුගයක ගාමිණී ජයසේකර වැනි මහජන හිතවාදී අවංක මිනිසුන් මේ රටට තවත් අවශ්‍ය වනු ඇත. එමනිසා ඔහුගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.