ලෝක බලවතුන් නව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි


   24_MA_P_6 

 

ජාත්‍යන්තර නිරීක්ෂකයන් වැඩි පිරිසකගේ මතය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කොට සිය පවුල් පාලනය තවදුරටත් ශක්තිමත් කරගනු ඇතැයි යන්න ය. ජනාධිපති රාජපක්ෂ සියලූ රාජ්‍ය සම්පත් තම මැතිවරණ ව්‍යාපාරය උදෙසා භාවිත කළ අතර, තම ප‍්‍රචාරක රැලි ස`දහා ජනයා ප‍්‍රවාහනය කිරීමට බස් රථ දහස් ගණනින් යොදා ගත්තේය. රාජ්‍ය මාධ්‍ය සියල්ල ඒක පාක්ෂික මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් විරුද්ධ පක්ෂයට එරෙහි දැවැන්ත අසත්‍ය ප‍්‍රචාරයක් ගෙන ගියේ ය. මැතිවරණය පැවැත්වූ දිනයේ පවා මෙකී අසත්‍ය ප‍්‍රචාර විකාශය කිරීමට ඔවුහු කි‍්‍රයා කළහ.

 


දෙමළ ජනයා මැතිවරණය වර්ජනය කරන බව ස`දහන් ව්‍යාජ අත් පති‍්‍රකා බෙදා හැරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ දීර්ඝ කාලයක්  පැවැති යුද්ධය නිමා කළ නායකයා ලෙස සිංහල බහුතරය අතර ජනපි‍්‍රයත්වය දිනා සිටි මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔවුහු කියා සිටියහ. එහෙත් බොහෝ පිරිස් මට කො`දුරා කීවේ ‘‘කරුණාකර ම`දක් ඉවසා සිටින්න. විරුද්ධ පක්ෂයට ජයග‍්‍රහණය කිරීමට අවස්ථාවක් ඇත’’ යන්නයි.

 

dhh

 


ශ්‍රී ලංකාවේ ජයග‍්‍රහණය


මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය ශ්‍රී ලංකාව ලද සුවිශාල ජයග‍්‍රහණයක් විය. මින් ඉහත කිසි දිනෙක නොවූ අන්දමේ  දේශපාලන සන්ධානයක සහාය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට හිමි වූයේ ය. වාමවාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ද දක්ෂිණාංශික පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ද එයට ඇතුළත්ව තිබිණි. බෞද්ධ දැඩි මතධාරී පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ සහ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහාය ද මෙම සන්ධානයට හිමි වූයේ ය. චන්ද්‍රිකා කුමාරණතුංග සහ රනිල් වික‍්‍රමසිංහ යන ඓතිහාසික නායකයෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙය වූ ජනරාල් සරත් ෆොන්සේකා සමඟ අත්වැල් බැ`ද ගත්හ.


රාජ්‍ය සේවයේ නියුතු එඩිතර මිනිසුන් නොවන්නට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙම ජයග‍්‍රහණය අත්පත් කරගත නොහැකි වන්නට ඉඩ තිබිණි. හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි හෙයින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැවතියේ ඉතා අවම මට්ටමක ය. මැතිවරණ කොමසාරිස්වරයාට ජාතික රූපවාහිනී නාලිකාවට පෞද්ගලිකව ම ගොස් අසත්‍ය ප‍්‍රචාර නොනැවැත්වුව හොත් එම නාලිකාව වසා දැමීමට කි‍්‍රයා කරන බවට තර්ජනය කිරීමට පවා සිදු විය.


ලැබී තිබූ ආකාරයට ඡන්ද ගණනය කෙරිණි. ඉන්දියාවේ පවත්නා ආකාරයේ නිදහස් නිලධාරීන්ගෙන් සමන්විත පරිපූර්ණ ෆෙඩරල් ක‍්‍රමයට ශ්‍රී ලංකාව ද අනාගතයේ අවතීර්ණ විය යුතු ය.

3


ඉහළ දේශපාලන තලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එතරම් කැපී පෙනුණ චරිතයක් නොවූව ද ඉතා උසස් ගුණාංග රැසක් ඔහු සතු ය. ප‍්‍රධාන වශයෙන් ම ඔහු ඉතා අවංක, උත්සාහවන්ත මිනිසෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි පක්ෂපාතීත්වයක් දක්වන පුද්ගලයකු වන ඔහු රටට වැඩදායී සෞඛ්‍ය ඇමතිවරයකු විය. තම අග‍්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන මහතා පත් කර ගත්තේ දුරදක්නා දේශපාලන නුවණින් යුතු, මනා අත්දැකීම් සහිත රනිල් වික‍්‍රමසිංහ මහතා ය.


බැතිමත් බෞද්ධයකු වන සිරිසේන මහතා සිංහල හදබිමක් වූ පොළොන්නරුවෙන් බිහිවූයෙකි. ඔහුගේ ජීවන පසුබිම යටතේ මෙරට සිටින දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සැබෑ ලෙස හ`දුනාගෙන ඔවුනට සහන සැලසීමට නායකයකු ලෙස ඔහුට අසීරු නොවනු ඇත. සිය මැතිවරණ ජයග‍්‍රහණයට සුළු ජාතීන්ගෙන් සුවිශාල සහායක් ඔහුට හිමි විය. මහින්ද රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක්ක 160කින් 90ක්  ජයග‍්‍රහණය කරමින් බහුතර සිංහල ජනයා වාසය කරන ප‍්‍රදේශවලින් ඉහළ ම ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය. ඔහු ලද සිංහල ඡුන්ද ප‍්‍රතිශතය දළ වශයෙන් 55%කි. මෛති‍්‍රපාල සිරිසේන මහතා දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් 80% ලබා ගැනීමට සමත් විය. දැන් උදා වී ඇත්තේ ඔවුනට කෘතගුණ සැලකීමේ කාලයයි.


ගෙවුණු වසරේ මුස්ලිම් ජනයාට එරෙහිව කි‍්‍රයාත්මක වූ මැර ප‍්‍රහාරවලට මහින්ද රාජපක්ෂ මහතා එක්කෝ උඩගෙඩි දෙන්නට ඇත. කෙසේ වුව ද ඔහු ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ඉතා අවම වශයෙනි.

1


මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මැතිවරණය වර්ජනය කරන මෙන් ඉල්ලා සිටි දෙමළ ඩයස්පෝරාව සුවිශාල පසුබෑමකට ලක් කළේ ය. ඡන්දය පැවැත්වෙන අතරතුර ‘‘නොදන්නා දේවදූතයාට වඩා දන්නා යක්ෂයාට ඡන්දය දෙන මෙන්’’ රාජපක්ෂ ඉල්ලා සිටියේ ය. දන්නා යක්ෂයා ලෙස ඔහු අරමුණු කළේ තමා ය. එහෙත් දෙමළ ජනතාව තම දෙපයින් නැඟී සිටීමට අධිෂ්ඨාන කර ගත්හ. විශාල වශයෙන් ඡුන්ද මධ්‍යස්ථාන කරා ගිය ඔවුහු දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේවදූතයා මැනවැයි තීරණය කොට ඔහු වෙනුවෙන් තම ඡන්දය ප‍්‍රකාශ කළහ.


මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටු කළ හැකි ද? නව රජයේ ඉදිරි මාවත එතරම් සුඛනම්‍ය වූවක් නොවේ. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූව මතුවන්නේ පවත්නා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමේ දී ය. ජනාධිපතිවරයා යහපාලනය ස්ථාපිත කිරීම ස`දහා දින සියයක කාලසීමාවකට යටත්ව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. රාජපක්ෂට සහාය දෙන මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිටින පාර්ලිමේන්තුවක් සමඟ සිරිසේන පාලනය ඉදිරියට ගෙන යා නොහැකි බව හැඟී ගියහොත් මහා මැතිවරණයකට යාමට ඔවුන් පියවර ගනු ඇත. එමගින් මහත් කලබගෑනියක් හා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.


මෙවර උදා වී ඇත්තේ දිගු කාලීන සාමයක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ්‍රී ලංකාවේ නැවත ස්ථාපිත කිරීම ස`දහා බොහෝ කලකට පසු උදා වූ වැදගත් අවස්ථාවකි. සෑම  පාර්ශ්වයකට ම සම අවස්ථා ලබා දීමට කටයුතු කළ හැකි ය. සමාජ හා ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබ`දව සම්පූර්ණයෙන් වෙනස් මත දරන කොමියුනිස්ට්වාදීහු හා ලිබරල්වාදීහු ද මේ සන්ධානයේ සිටිති. සංහි`දියාව හා දෙමළ ජනයාගේ අභිලාස පිළිබ`ද කරුණුවල දී මෙම දේදුනු සන්ධානය ප‍්‍රතිවිරුද්ධ අයුරින් කටයුතු කරනු ඇත. මෙහි දී රජයට ප‍්‍රධාන කරුණු තුනක් පිළිබ`දව සැලකිලිමත් වීමට සිදුවනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, සෑම පාර්ශ්වයටම සම අවස්ථා ලබාදීම සහ දෙමළ ජාතික ගැටලූවට විස`දුම් සෙවීම එම කරුණු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම යන වගන්තිය මැතිවරණ ජයග‍්‍රහණයයේ සාර්ථකත්වයට විශේෂයෙන් ම බල පෑ සාධකය වූයේ ය. ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙතරම් ගැඹුරකට මුල් ඇද තිබුණේ ද යන්න මෙම මැතිවරණය මගින් මනාව සනාථ විය. නීතිය, මහා බැංකුව, හමුදාව සහ පොලිසිය වැනි ආයතන වර්තමාන දේශපාලකයන්ගේ ග‍්‍රහණයෙන් මුදාගෙන රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට නව ප‍්‍රතිසංස්කරණ මගින් හැකි වනු ඇත.

2


රාජපක්ෂට පක්ෂපාතීත්වය දැක්වීම මත තානාපතිවරුන් හා විනිශ්චයකාරවරුන් ලෙස පත්වීම් ලද සියලූ පුද්ගලයන් ඉවත් කොට ඒ ස`දහා සුදුසුකම් සහිත පුද්ගලයන් එම තනතුරුවලට පත් කළ යුතු ය. මාධ්‍ය වාරණය ඉවත් කොට අධිකාරීත්වයට අභියෝග කිරීමට හා දූෂණ වංචා හෙළිදරව් කිරීමට මාධ්‍යවේදීන්ට නිදහස දිය යුතු ය. වද ක`දවුරු සියල්ල වසා දැමිය යුතු ය. රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශ විසුරුවා හැරිය යුතු ය. ජනමාධ්‍යවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන් හා විශේෂයෙන් දෙමළ ජනයා රාති‍්‍ර කාලයේ අතුරුදන් කිරීම නවතා දැමිය යුතු ය. එවැනි කි‍්‍රයා නැවත කිසි දිනෙක සිදු නොවිය යුතු ය.


සම්පත්වලින් පොහොසත් දකුණු ආසියානු රටවලින් ශ්‍රී ලංකාව ද එකකි. මනා අධ්‍යාපනික පසුබිමකින් යුතු උත්සාහවන්ත ජනතාවක් එහි වාසය කරති.  සංචාරක ව්‍යාපාරය, ධීවර, නාවුක හා තොරතුරු තාක්ෂණය වැනි අංශයන්හී ආයෝජන අවස්ථා රැසක් එහි පවතී.  ආර්ථිකය 7%ක හෝ 8% හෝ ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇත. ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සහ අනෙකුත් ප‍්‍රතිලාභ සියලූ ජනකොටස් අතර බෙදී යාමට සැලැස්වීම විශාල අභියෝගයකි.


දැනට ශ්‍රී ලංකාවට ලැබෙන චීන ආයෝජනවලට සමාන අයුරින් ඉන්දියානු හා බටහිර ආයෝජන ද ශ්‍රී ලංකාවට ගලා ආ යුතු ය. දකුණු ආසියාවේ තායිලන්තය වෙත ගලා එන සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ද යොමු කර ගත යුතු ය. දැනට ලොව සිටින ආර්ථික වශයෙන් ඉතා සාර්ථක ඩයස්පෝරාව වනුයේ දෙමළ ඩයස්පෝරාව ය. එහි වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, තැරැුව්කරුවන් වැනි උගත් ව්‍යාපාරික ඥානයෙන් යුතු පුද්ගලයෝ සිටිති. ඔවුන් සමඟ ද සබ`දතා ගොඩ නඟා ගනිමින් ආයෝජන හා දැනුම ලබා ගත හැකි ය.


රජය මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ දෙමළ හා මුස්ලිම් ජනයා සමඟ සංහි`දියාව වර්ධනය කර ගැනීම ය. මෙයට විස`දුම් සෙවීමට, ජන ජීවිතය නඟා සිටුවීමට හා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සාමයක් ස්ථාපිත කිරීමට ජනාධිපති සිරිසේන මහතාට නව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි ය. මේ හැර තවත් බොහෝ දේ කළ හැකිව තිබේ. දෙමළ ජනයාගේ භාෂා අයිතිය නැවත ලබා දීම, හමුදාව අත්පත් කරගත් උතුරේ ඇතැම් බිම් නැවත නිදහස් කර දීම, දෙමළ ජනයාගේ නියෝජිතයන් වන දෙමළ ජාතික සන්ධානය සමඟ දේශපාලනික කතිකාවක් ආරම්භ කිරීම ඒ අතුරින් කිහිපයකි.


ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ, ජෝෂප් පරරාජසිංහම් වැනි දේශපාලනඥයන්ගේ මරණ පිළිබ`ද විමර්ශන ඇරඹිය යුතු ය. පසුගිය සමයේ සිදු වූ සාහසික අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබ`දව සොයා බැලිය යුතු ය. යුද්ධය පැවැති සමයේ ඝාතනය වූ සාමාන්‍ය සිවිල් ජනතාව පිළිබ`දව ද, ස්තී‍්‍ර දූෂණ හා මැර ප‍්‍රහාර පිළිබ`දව ද සොයා බැලිය යුතු ය. මේ ස`දහා ජාත්‍යන්තර ප‍්‍රජාව නිරතුරුව බලපෑම් කළ යුතු ය. ජාත්‍යන්තර මානව හිමිකම් කි‍්‍රයාකාරීන් හා දෙමළ ඩයස්පෝරාව මෙවැනි සිදුවීම් මතකයෙන් මැකී යා නොදීමට වගබලා ගත යුතු ය.


ලෝක බලවතුන් නව රජයට අවස්ථාවක් ලබා දිය යුතු ය. මෙකී වගකීම් සහිත කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ දී සිංහල මතය ද බැහැර කළ නොහැකි ය. චිලියේ සහ සර්බියාවේ සිදු වූ ඇතැම් සිදුවීම් අනුව බලන කල මෙවැනි කි‍්‍රයාදාමයකට කාලයක් ගත වනු ඇත. එහෙත් අවසානයේ එය සාර්ථක කරගත හැකි වනු ඇත.


ශ්‍රී ලංකාවේ නව න්‍යාය පත‍්‍රය අනුව සියල්ලට ම වැඩියෙන් එහි අභ්‍යන්තරික ගැටලූ ඉස්මතු වනු දැකිය හැකි ය. එහි නව විදේශ ප‍්‍රතිපත්තිය පිළිබ`ද ව ද අපගේ අවධානය යොමු කළ යුතු වේ. නැවත වරක් නවදිල්ලිය ‘කේන්දී‍්‍රය විදේශ අගනගරය’ බවට පත් වනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියටත් චීනය සමඟ සබ`දතා පවත්වාගෙන යාමට හා බලශක්ති හා යටිතල පහසුකම් ප‍්‍රවර්ධනය ස`දහා චීන ආයෝජකයන් ගෙන්වා ගැනීමට කි‍්‍රයා කරනු ඇත. එහෙත් මින් ඉදිරියට චීනය ශ්‍රී ලංකාවේ එකම මිතුරා නොවනු ඇත.


අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ප‍්‍රථම විදේශ රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාව බලා යනු ඇත. රාජපක්ෂ මෙන් අනාරාධිතව නොව මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධවල මන්දිරයේ හා යුරෝපා රාජ්‍යයන්හී සංචාරය කරනු ඇත.


ශ්‍රී ලාංකිකයෝ නොදන්නා දේවදූතයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දී ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්හ. අවසානයේ ශ්‍රී ලංකාවේ ඉරණම්කරුවා වූයේ මේ ‘‘නොදන්නා දේවදූතයාය’’.

 


එරික් සෝල්හයිම්


ප‍්‍රමුඛ පෙළේ නෝර්වීජියානු දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකාවේ දෙමළ ප‍්‍රශ්නයට විස`දුම් සෙවීම ස`දහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ මැදිහත්කරු වශයෙන් කටයුතු කළේ ඔහු ය. අසාර්ථක වූ එම ප‍්‍රයත්නයේ දී සෝල්හයිම්ගේ භූමිකාව  මතභේදයට තුඩුදුන් එකක් විය. 2000 සිට 2006 දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධ උපදේශකවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය. මෙම ලිපිය ඔහු ‘ද හින්දු’ පුවත්පතට සපයන ලද්දකි.

 

m