ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය By None // 2011 සැප් 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය. ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී. සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත. සර්පයාගේ ප‍්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප‍්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප‍්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප‍්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ. මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත