රජිව් ගාන්ධි ඝාතනය කළදා ප්‍රභාකරන් දැඩි ලෙස සතුටු උනා



 

 

 ප‍්‍රභාකරන්ගෙන් ඉවත්වීමෙන් පසු ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සටන් කළාද?
නැහැ. මම ඔවුන් සමඟ සටන් කිරීමට සූදානම් වූයේ නැහැ. දරුණු සටන්කාමී කාඩර්වරු 6000ක් පමණ මා සමඟ සිටියා. ඔවුන් සියලූ දෙනාම නැගෙනහිර තරුණයන්. එ් වන විට ප‍්‍රභාකරන් සතුව විශාල කාඩර්වරු සංඛ්‍යාවක් සිටියා. ඉන්දියානු හමුදාව පිටත්ව ගිය පසු එල්.ටී.ටී.ඊ.ය අනෙකුත් සියලූ සංවිධාන හා සටන් කොට සියලූ දෙනා විනාශ කළා. මෙහිදී අප සටන් කළේ අපේම ඥතීන් සමඟ. 12,000 වැඩි තරුණ පිරිසක් මෙහිදී මරණයට පත් වුණා. මේ කාලයේ ඉන්දියානු හමුදාව ටී. එන්. එ්. නොහොත් දෙමළ ජාතික හමුදාව නමින් කණ්ඩායමක් නිර්මාණය කොට තිබුණා එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් කිරීමට.  එල්.ටී.ටී.ඊ.ය මෙම හමුදාව සහමුලින්ම විනාශ කළා. මොවුන් වැඩි පිරිසක් අපේ ඥති සහෝදරවරු. මා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වීමෙන් පසු මේ සිදුවීම මගේ මතකයට නැඟුණා. ඇයි අපි අපේම ඥතීන් මරාගන්නේ කියා මා සිතුවා. එහෙයින් මා එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් කරන්න ගියේ නැහැ. මගේ කාඩර්වරු සියලූ දෙනාටම හමුදාවට ආයුධ බාර දී තම ගම්බිම්වලට යන ලෙස මා ඉල්ලා සිටියා. ඇතැම් හමුදා නිලධාරීන් ආයුධ භාර ගැනීමට පැමිණියේ නැහැ. එ් නිසා අප සියලූ අවි ආයුධ ඉවත දමා නිවෙස් කරා ගියා.

 


පිල්ලෙයාන් හා ඔබ අතර කිසියම් ගැටුමක් නිර්මාණය වූවාද?
නැහැ. මා සංවිධානයේ යුද අංශ නායකයා ලෙසින් කටයුතු කරන කාලයේ ඔහු එහි සාමාන්‍ය කාඩර්වරයෙක්. මම යාපනයට ගිය අවස්ථාවන්හි ඔහු හමු වී තිබෙනවා. මා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වූ අවස්ථාවේ කාඩර්වරුන් පිරිසක් මා සමඟ පැමිණියා. එ් අතර පිල්ලෙයාන් ද සිටියා. ඔහු මා යටතේ කාඩර්වරයකු ලෙස කටයුතු කළා. ශී‍්‍ර ලංකාවේ  ඕනෑම පුරවැසියකුට තමන් කැමති නම් දේශපාලනය කළ හැකියි. ඇතැම් අය අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන වැරදි මඟකට යොමු කළා. උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අතර සම්බන්ධය ගොඩ නැෙඟනවාට අකමැති පිරිස් සිටිනවා. ඔවුන් කැමති බෙදී වෙන්වී සිටිමින් විවිධ ලාභ ප‍්‍රයෝජන ගැනීමටයි. උතුරු පළාත හා නැගෙනහිර පළාත අතර කිසියම් ගැටළුවක් තිබෙනවා. අතීතයේ පටන් සියලූම දෙමළ නායකයන් බිහි වුණේ උතුරු පළාතෙන්. නැගෙනහිර පළාතේ කිසිවකුට නායකත්වයට එන්න හැකි වූයේ නැහැ. රාජෙදාරෙයි මහතා කිසියම් බලපෑමක් කළ හැකි හොඳ දේශපාලනඥයෙක්. එහෙත් ඔහු නැගෙනහිර වැසියෙක් වූ බැවින් ඔහුට උතුරේ පිළිගැනීමක් තිබුණේ නැහැ. පසුගිය වසරේ චෙල්වනායගම් සැමරුම් උළෙලට රාජෙදාරෙයි ගිය අවස්ථාවේ සිවාජිලිංගම් ඔහු ද්‍රෝහියෙක් කියා පරිභව කොට තිබුණා. එ්ත් සිවාජිලිංගම් ඉන්දියානු හමුදාව සමඟ එක්ව ප‍්‍රභාකරන් ඝාතනය කරන්නට කි‍්‍රයා කළ පුද්ගලයෙක්. දැන් ඔහු ප‍්‍රභාකරන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලමින් ප‍්‍රභාකරන් අළෙවි කරනවා. ටී.එන්. එ්. සංවිධානයේ වැඩි දෙනෙක් එකල ප‍්‍රභාකරන්ට කැමති පිරිස නොවෙයි. ඔවුන්ගේ බොහෝ ඥතීන් ප‍්‍රභාකරන් විසින් මරා දැමුවා. දැන් මේ පිරිස බලය ලබා ගැනීම සඳහා ප‍්‍රභාකරන් භාවිත කරනවා.

 


එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීමෙන් පසු සියලූ නායකයන් මිය ගිය බැව් පැවසෙනවා. ඔබ දන්නා පමණින් එය සත්‍යයක්ද? නැතිනම් ඇතැම් නායකයන් දිවි ගලවාගෙන විදේශයකට පලා ගියාද?
සියලූම නායකයන් මිය ගිය බව සහතික වශයෙන්ම මට පැවසිය හැකියි. ඇතැම් අය කියනවා පොට්ටු අම්මාන් වැනි නායකයන් තවමත් ජීවත් වනවා කියා. එ්වා කටකතා පමණයි. දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රධාන පෙළේ කිසිදු එල්.ටී.ටී.ඊ නායකයකු නැහැ. එහි සිටින්නේ එවක සිටි සුළු නායකයන් කිහිප දෙනෙක් පමණයි. ඔවුන් කැපී පෙනෙන චරිත නොවෙයි. ඔවුන්ට කිසිදු සංවිධාන ශක්තියක් නැහැ. එ් නිසා නැවත එල්.ටී.ටී.ඊ නැගිටීමක්් අපේක්ෂා කළ නොහැකියි. ටී. එන්. එ්. පක්ෂය තුළ ජාතිවාදී පුද්ගලයන් පිරිසක් ද සිටිනවා. මේ පිරිස විවිධාකාරයේ ප‍්‍රචාර ගෙන යනවා. ඔවුන් කිසියම් ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. මගේ මතයට අනුව ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් අතර සංවිධාන ශක්තියෙන් යුතු කිසිදු පුද්ගලයකු නැහැ. දෙමළ ඩයස්පෝරාවේ බොහෝ සාමාජිකයන් එල්.ටී.ටී.ඊයක් නැවත බිහිවනු දැකීමට  කැමති නැහැ. ඔවුන් එල්.ටී.ටී.ඊය භාවිත කරන්නේ ඔවුන්ගේ ගැලවීම සඳහායි. විදේශවල ජීවත්වීමට සහ යුරෝපීය රටවලින් බොහෝ ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට ශී‍්‍ර ලංකාවේ කිසියම් ගැටළුවක් නිර්මාණය වී තිබීම අත්‍යවශ්‍යයි. බොහෝ අවස්ථාවන්හිදී එල්.ටී.ටී.ඊය මුදල් ලබා ගත්තේ බිය වැද්දීමෙන් හෝ තර්ජනය කිරීමෙන්. දැනට විදේශගතව සිටින පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් එල්.ටී.ටී.ඊයට මුදල් පරිත්‍යාග කිරීමට සතුටු නැහැ. වර්තමානයේ එල්.ටී.ටී.ඊයක් නොමැති හෙයින් බොහෝ අය මේ වන විට එල්.ටී.ටී.ඊයට මුදල් දීම නවතා දමලා. දැන් ටී.එන්.එ්. පක්ෂය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. ඔවුන්ට අවශ්‍ය යාපනයේ ජනතාව එදා සිටි මානසිකත්වයේම රැුඳවීමටයි. කුමන රජයක් පත් වුවත් මොවුන් මේ කි‍්‍රයාව අත්හරින්නේ නැහැ. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා වැනි දේශපාලනඥයින් වසර 40 වඩා වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටින අය. එදා සිට අද දක්වා ඔවුන් පවසන්නේ එකම දෙයක්. ලෝකය වෙනස් වෙලා. මින්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා. එ්ත් මේ අය කිසි දිනෙක වෙනස් වන්නේ නැහැ. දෙමළ ජනතාව මොවුන්ගේ මතවාදය අනුගමනය කළහොත්  ඔවුන්ගේ ගැටලූ කිසි දිනක නිරාකරණය කරගත හැකි වන්නේ නැහැ.

 


එල්.ටී.ටී.ඊය සතුව තිබූ සියලූ  අවි ආයුධ හමුදා භාරයට පත් වූවාද?
ඔව්. වැඩි ප‍්‍රමාණයක් හමුදාව අත්පත් කර ගත්තා. හමුදාව විශේෂ මෙහෙයුම් මගින් සඟවා තිබූ ආයුධ විශාල ප‍්‍රමාණයක්ද සොයා ගෙන තිබුණා.

 


රජීව් ගාන්ධි ඝාතනය වූ පුවත ඇසූ පසු ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු එකක් වූවාද?
ඔහු දැඩි ලෙස සතුටට පත් වුණා. ඔහු පළිගැනීමට කැමති නායකයෙක්. ඉන්දියානු හමුදාව ශී‍්‍ර ලංකාවට එවීම පිළිබඳවත්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශාල පිරිසක් ඔවුන් අතින් ඝාතනය වීමත්, සාම සාකච්ඡුා පැවති සමයේ එල්.ටී.ටී.ඊ.ය සතුව තිබූ නෞකාවක් ඉන්දියානු සාම සාධක හමුදාව විසින් විනාශ කිරීමත්, එහිි ගමන් ගත් කිට්ටු ඇතුළු නායකයන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් යන කරුණු සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් දැඩි ලෙස රජිව් ගාන්ධිට වෛර කළා. එ් අනුවයි ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට තීරණය කළේ .

 


ප‍්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු ඔහුගේ සිරුර හඳුනා ගැනීමට ඔබ මුල්ලවෙල්ලිවයික්කාල් ප‍්‍රදේශයට ගියා. ප‍්‍රභාකරන්ගේ සිරුර දුටු විට ඔබේ සිතට නැඟුණේ සතුටක්ද ශෝකයක්ද?
මට අති විශාල සතුටක් හෝ අති විශාල වේදනාවක් හෝ ඇති වුයේ නැහැ. මගේ මනසට එක්වරම හැඟුණේ ”මෙම පුද්ගලයා නිසා මිනිසුන් කී දෙනෙක් මිය ගියාද” යන්නයි. ප‍්‍රභාකරන් යනු පොල්පොට් හට සමාන කළහැකි කුරිරු පුද්ගලයෙක්. එක් මිනිසකු නිසා අපේ රටේ බොහෝ ජීවිත විනාශ වුණා. එක්තරා මාධ්‍යකින් මගෙන් විමසුවා ඔහුගේ මරණය පිළිබඳව ඔබගේ හැඟීම කෙබඳුද කියා. මා ඔහුට පැවසුවේ මට සතුටක් හෝ වේදනාවක් නැහැ. දැන් අපට නව ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟිය හැකියි යන්නයි. ලොව සියලූ එ්කාධිපතියන් මිය ගිියේ මේ අයුරින්. අවසන් මොහොතේ ප‍්‍රභාකරන් පලා යෑමට උත්සාහ කළා. ඔහු සැබෑ විමුක්තිකාමියෙක් නම් ජනතාව සමඟ මිය යා යුතුව තිබුණා. ප‍්‍රභාකරන්ගේ මරණය පිළිබඳව මට කිසිදු කම්පාවක් නැහැ. මා සංවිධානයෙන් ඉවත් වූ පසු මගෙන් පළිගැනීමට නොහැකි වූ නිසා ඔහු මගේ එකම සොහොයුරා මරා දැමුවා.

 


වර්තමානයේ ශී‍්‍ර ලංකා රජයේ ඇමතිවරයකු ලෙස කටයුතු කරන ඔබ යුද අපරාධකරුවකු යැයිද එහෙයින් අත්අඩංගුවට ගෙන ඔබට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු යැයිද ඇතැම් පිරිස්  ප‍්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?
මෙවැනි කතා පවසන පිරිස අතීතය පිළිබඳ මදක් සිතා බැලිය යුතුයි. මේ රටේ යුද්ධයක් තිබුණා. සියල්ල සිදු වූයේ එම යුද්ධය තුළයි. එ් නිසා මා මේ පිළිබඳ වාදයකට එන්න සූදානම් නැහැ. මගේ කතාව වෙනස්. මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන්වී ආවේ යුද්ධය නිමාවීමට බොහෝ කලකට පෙරයි. ඇතැම් අය යුද්ධයේ අවසන් කාලයේ රජයට එක් වුණා. ඇයි ඔවුනට කලින් එවැනි පියවරක් ගත නොහැකි වූයේ? මා රජයට එක් වූයේ සැමට සාමය ගෙන එ්ම සඳහායි. යුද්ධය පැවති සමයේ මා මෙරටට සාමය ළඟා කර ගැනීම සඳහා තිරය පිටුපස සිට කටයුතු කළා. බලන්න ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් දෙවරක් රජයට එරෙහිව නැඟී සිටියා. ඔවුන් විශාල පිරිසක් ඝාතනය කළා. ඔවුන් අද මෙරට දේශපාලන ප‍්‍රවාහයට එක්වී සිටිනවා. ටී.එන්.එ්. පක්ෂය ගෙන බලන්න. එහි කොතරම් සටන්කාමීන් සිටිනවාද? රටට වැඩදායි පුද්ගලයකු වන්නට  ඕනෑම කෙනෙකුට හැකියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාව නිවැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත්තා. යුද්ධය විසින් බොහෝ ජීවිත බිලිගනු ලැබුවා. එයින් මියගිය අයගේ මව්පියන්ට මගේ කනගාටුව ප‍්‍රකාශ කිරීමට කැමතියි. අපට නැවත ඔවුන්ට ජිවිතය ලබා දිය නොහැකියි. එහෙත් නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම අපේ යුතුකමක්. අතීතය යනු අතීතයයි.

 


ඔබට චෝදනාවක් තිබෙනවා අරන්තලාව භික්ෂු ඝාතනයට හා මඩකළපුවේ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියා
ඇතැම් අය ප‍්‍රකාශ කරනවා මා අරන්තලාව භික්ෂු ඝාතනයට හා පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධයි කියා. මා මේවාට සම්බන්ධ වූයේ නැහැ. එය සිදුවූයේ 1987 වගේ කාලයේ. ඒ වකවානුවේ මා  සිටියේ යාපනයේ. මෙම ඝාතන මෙහෙය වූයේ   කුමරප්පා සහ පොට්ටු අම්මාන් ඇතුළු පිරිසක්. මෙම ඝාතනයෙන් මඳ කලකට පසු එයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් මිය ගියා. දෙවියන් ඔවුන්ට දඬුවම් කරන්න ඇතැයි මා සිතනවා. ඉතිරිව සිටියේ පොට්ටු අම්මාන් පමණයි. අද ඔහුත් මෙලොව නැහැ. 1990 මඩකළපුව පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර එල්.ටී.ටී.ඊ.ය පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත්තා. එ් අවස්ථාවේ මා එහි සිටියා. මට මේ කිසිවකු ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඇතැම් නිලධාරින්ව මම ඔවුන්ගේ නිවෙස්වලට යැව්වා. ප‍්‍රභාකරන්හට අවශ්‍යව තිබුණේ මේ පිරිස යුද සිරකරුවන් ලෙස රඳවා ගනිමින් රජයට බලපෑම් කිරීමටයි. මේ පිරිස නැගෙනහිර රඳවා තබා ගත නොහැකි බැව් මා ප‍්‍රභාකරන්හට කියා සිටියා, එවිට ප‍්‍රභාකරන් සියලූ නිලධාරීන් උතුරට රැුගෙන එන ලෙස අණ කළා. මෙසේ රැුගෙන යන අතරතුරයි ති‍්‍රකුණාමලයේ මූතූර් ප‍්‍රදේශයේදී මොවුන් සියලූ දෙනා ඝාතනය කෙරුණේ. එසේ කළේ ඇයිද යන්න මා අදටත් දන්නේ නැහැ.

 

කිලිනොච්චියේ පැවැති ප‍්‍රභාකරන්ගේ ප‍්‍රථම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කරුණා අම්මාන් සහ ඇන්ටන් බාලසිංහම්


අතීතයේ එල්.ටී.ටී.ඊ නායකයකු වූ ඔබ වර්තමානයේ රජයේ ඇමතිවරයෙක්. ආපසු හැරී බැලීමේදී ඔබට හැෙ`ගන්නේ කුමක්ද?
මහජනයාට සේවය කිරීමට ඉතා  හොඳ අවස්ථාවක් මට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාවට. මට ලැබී තිබෙන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය. එය ඉතා වැදගත් අමාත්‍යංශයක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බොහෝ සංවර්ධන වැඩ මට මෙම අමාත්‍යංශය තුළින් ඉටු කළ හැකියි. මේ වන විට අපේ කාර්යභාරය වන නැවත පදිංචි කිරීමේ කටයුතුවලින් 98% අවසන් කර තිබෙනවා. අනෙකුත් අමාත්‍යංශ සම්බන්ධ කරගෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් ලබා දී තිබෙනවා. දැන් කිසිවෙකුට අපට ඇඟිල්ල දිගු කරන්න බැහැ.

 


දෙමළ ජනතාවගේ අනාගතය ඔබ දකින්නේ කෙලෙසකද?
මා ඔවුන්ට ආයාචනා කරනවා ජාතිවාදි දේශපාලනයෙන් මිදෙන්න කියා. ඔවුන් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගත යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම්  දිනාගත හැක්කේ එමඟින් පමණයි. ඔවුන් ජාතිවාදි පක්ෂයකට එක් වුවහොත් කිසිවක් හිමි වන්නේ නැහැ. මේ බැව් ඔවුන් වටහා ගත යුතුයි. දැන් දැන් බොහෝ පිරිස් මෙය වටහා ගනිමින් සිටිනවා. ටී.එන්.එ් පක්ෂය තුළත් මධ්‍යස්ථ පිරිස් දැකිය හැකියි. උතුරු නැගෙනහිර ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා එවැනි පුද්ගලයෙත්. ඔහු නීතිය හොඳින් දන්නවා. එහෙයින් නීතියට එරෙහි වන කිසිවක් ඔහු නොකරන බැව් මට විශ්වාසයි. එහෙත් ටී.එන්.එ්. නායකත්වය ඔහු කිසියම් පාලනයකට නතුකරගෙන සිටින බව පෙනී යනවා. විදේශවල සිටින දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට ශී‍්‍ර ලංකාවේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. ශී‍්‍ර ලංකාව තුළ ගැටළුවක් නිර්මාණ වී තිබීම ඔවුන්ගේ පැවැත්මට වාසි සහගත බැවින් ඔවුන් එහි සිට විවිධ දේ සිදුකරනවා. ඔවුන් මෙහි පැමිණ රට තුළ සිදුවන්නේ කුමක්දැයි වටහා ගත යුතුයි.  ඔවුන් සාදරයෙන් පිළිගන්නට අප සූදානම්.

 


එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කිරීමට ශී‍්‍ර ලංකා රජයට ඔබගෙන් විශාල සහායක් ලද බව පැවසෙනවා. එය සත්‍යයක්ද?
මෙය පිළිතුරු දීමට මඳක් අපහසු ප‍්‍රශ්නයක්. මා මෙහෙම කියන්නම්. මමත් එහි කොටස්කරුවෙක්. එ් පිළිබඳව මා සතුටු වෙනවා. ජනාධිපතිතුමා දක්ෂ, ශක්තිමත් නායකයෙක්. ඔහුට පෙර සිටි බොහෝ ජනාධිපතිවරු එල්.ටී.ටී.ඊය සමඟ සටන් කළා. එහෙත් ඔවුන් නිවැරදි තීරණ ගැනීමට පසුබට වුණා. ඇතැම් අය එල්.ටී.ටී.ඊයට මුදල්, අවි ආයුධ පවා දුන්නා. විශේෂයෙන්ම ඔවුන් පසුබෑමට ලක්වූ අවස්ථාවන්හිදි නැවත සංවිධානය වීමට අවශ්‍ය කාලය ලබා දුන්නා. ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙතැයි ඔවුන් බියවුණා. ජාත්‍යන්තරය අප අගය කරනවා. එහෙත් රටේ අභ්‍යන්තර සිදුවීම්වලට ඔවුන්ට අතපොවන්නට බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊයට කිසිදු අවස්ථාවක් ලබා නොදී ඔවුන් සහමුලින්ම විනාශ කළ යුතුය යන මතයේ සිටියා. ඔහු හමුදාවට එම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය නිදහස ලබා දුන්නා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නා ඔහුගේ අරමුණ යථාවක් කිරීම සඳහා. යුද මෙහෙයුමකදී ඉතා වැදගත් අංශ තුනක් තිබෙනවා. පළමුවැන්න නිවැරැුදි තීන්දු ගැනීම. දෙවැන්න යුද මෙහෙයුමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම. තෙවැන්න එම කාර්යය සපුරාලීම. මෙම කරුණු තුන නිවැරැදි ලෙස යොදා නොගතහොත් යුද ජයග‍්‍රහණයක් ලැබීම දුෂ්කරයි. රජය යුද්ධය ජයග‍්‍රහණය කළේ මේ අංශ තුනම නිවැරැුදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.