මේ ජනාධිපතිවරණ සමයේදී වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් හැඳින්විය හැක. උන්වහන්සේගේ සෘජු මැදිහත්වීම මේ ජනාධිපතිවරණය තුළ තීරණාත්මක සාධකයක් ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙවර ඉරිදා ලංකාදීපය සමඟ සාකච්ඡාවක් සඳහා සෝභිත හිමියෝ මෙසේ එක්වෙති.
|
|
මේ ජනාධිපතිවරණය පිළිබඳ මුල්ම කතාබහ පටන් ගන්න කාලෙ ඉඳලා ඔබ වහන්සේ ප‍්‍රබල චරිතයක්. ඒත් දැන් ඒ තරම් පේන්න නෑ කියලා සමහරු කියනවා.
එහෙම එකක් නෑ. මේ දැනුත් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක ඉඳලා ආවා විතරයි. මේ දවස් ටිකේම එක එක තැන්වල රැස්වීම්වල කතා කරන්න ගියා. එදා මං විතරයිනේ මේකෙ හිටියේ. අද මේ වටා විශාල පිරිසක් එකතුවෙලා. ඒක නිසා අද මම මේකේ කොටස් කාරයෙක් විතරයි. අද මේක ජනතාව අතරට විශාල වශයෙන් පුළුල් වෙච්ච වැඩ පිළිවෙලක්. උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, විවිධ වෘත්තිකයින්, විවිධ කොටස් මේ බලවේගය වටා අද එකතුවෙලා ඉන්නවා. ඒක නිසා අද මං පේන්නෙ පොඩියට වෙන්න ඇති. ඒකයි මම පේන්නෙ නෑ කියලා සමහරු කියන්නේ. නමුත් මම මේ ව්‍යාපාරය තුළ එදා වගේම සකි‍්‍රයව ඉන්නවා.
ඒත් සමහරු කිව්වෙ ඔබ දැන් වැඩෙන් මග අරින්න වගේ රෝහල් ගතවෙලා ඉන්නවා කියලා. ඇත්ත මොකක්ද?
එක එක්කෙනා නොයෙකුත් දේවල් කියනවා. ඒවයි ඇත්තක් නෑ. දැන් මම මළත් කියයි මේක මගඅරින්න තමයි මළේ කියලා. මළත් හොඳක් කියන්නෙ නැති රටක්නේ මේක.
ඔබ වහන්සේට එල්ලපු අලූත්ම ලේබල් එක තමයි එන්.ජී. ඕ. ලේබල් එක
ඒකත් අලූත් කතාවක් නෙවෙයි. කාලෙන් කාලෙට කාගෙ හරි කරේ එල්ලන බෝඞ් එකක් ඕක. ඒ වගේම තමයි ඔය ඡන්දෙ කාලෙටම සුද්ධ පවිත‍්‍ර කරලා ගන්න පුටුවකුත් මේ ගොල්ලන්ට තියෙනවා. විදුලි පුටුව කියලා. ඔන්න මේ දවස්වල ඒක එළියට අරගෙන. රැස්වීම් ගානෙ කර තියාගෙන යනවා. ලබන ඡන්දෙටත් ආපහු ගනීවි. ඕවා කබල් වෙච්ච සටන් පාඨ. දැන් මේ අය එන්.ජී. ඕ. ලේබල් එක නොගහන කෙනෙක් නෑ.
මේ ජනාධිපතිවරණයේ ඔබ ප‍්‍රබල චරිතයක් නිරූපණය කරනවා. කොහෙන්ද මේක පටන් ගත්තේ?
දැනට කි‍්‍රයාත්මක වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු රාශියක් තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්ලෑන් එකනේ. ප්ලෑන් එක වැරදුණොත් රට කඩාගෙන වැටෙනවා. 1978 මේ ව්‍යවස්ථාව ගේන කොට එදා හිටපු වාමාංශික නායකයො පාරට බැහැලා මේකට විරුද්ධ වුණේ. එදා ඉඳලා හැමෝම කිව්වට දැන් තමයි මේකෙ භයානකකම වැඩිවෙලා තියෙන්නේ. මේක පිළිකාවක්. විධායක ජනාධිපති ක‍්‍රමය කියන මේ පිළිකාව සමාජ දේහයම වෙළාගෙන ඉවරයි දැන්. රාජ්‍ය පරිපාලනය, පොලිසිය, අධිකරණය, අල්ලස් හා දූෂණ විමර්ශනය, මැතිවරණ කොමසාරිස්වරයා දක්වා මේ පිළිකාව බලපාලා තියෙනවා. ඉතින් මේ රටටම වින කරන පිළිකාව අයින් කරන්න ඕනැ. මේ සඳහා පක්ෂ, පාට ආගම් නොසලකා සියලූ දෙනාට එකතුවෙන්න කියලා තමයි අපි කිව්වේ. දැන් මේ සඳහා විවිධ පාර්ශ්වයන් එකතුවෙමින් ඉන්නවා. දැන් ඒක නවත්වන්න බෑ.
අද අපිට පේනවා මේ ජනාධිපතිවරණය සිද්ධ වෙන හැටි. ජනාධිපතිවරයා සියලූ දේවල් තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට පාවිච්චි කරනවා. අනෙක් අයට රැස්වීමක් තියන්න පිට්ටනියක් ලබාගන්න බෑ. කොහේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය? හැම තැනම විධායක බලයෙන් තමන්ට අවශ්‍ය හැටියට හසුරුවනවා. මෙන්න මේ තත්ත්වය අපට තවත් ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ සඳහා අපි කාලයක් තිස්සෙ හඬ නැගුවා. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් එක්ක මේක නැවත ඉස්මතු වුණා. ඒ සඳහා සාකච්ඡුාවෙ අපි දිගින් දිගටම හිටියා.
ඔබ වහන්සේගෙ සටනට උර දෙන්න මෛත‍්‍රිපාල සිරිසේන පැමිණීම කොයි වගේ තීරණාත්මකද?
මම මුල ඉඳලාම අවුරුදු ගාණක් තිස්සේ ජනාධිපතිතුමාට කිව්වා තුනෙන් දෙකේ බලයක් තියෙද්දි විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඒක නොකරන්නේ කියලා. එතුමා පා ගමන් ගියා මේක අහෝසි කරන්න කියලා. එතුමාගේ මහින්ද චින්තනයේ මේක අහෝසි කරනවා කියලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ එක්ක එතුමා ගිවිසුම් අත්සන් කළා මේක අහෝසි කරනවා කියලා. හෙළ උරුමය එක්ක ගිවිසුම් ගැහුවා මේක අහෝසි කරනවා කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේක ඕනැ හැටියෙ කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් ජනතාවට, පක්ෂවලට වෙච්ච ඒ පොරොන්දුව ඉෂ්ට කළේ නෑ. ඒ ගැන උනන්දුවක්වත් දක්වන්නේ නෑ. අපි කියලා කියලා බැරිම තැන පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතාබහට මේ සිද්ධිය ආවා. අපි පොදු අපේක්ෂකයෙක් සෙව්වා. හොඳ වෙලාවට මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවෙන් එළියට බැහැලා මේ වැඬේට ආවා. ඒක නිසා ශක්තිමත් පොදු අපේක්ෂකයෙක් දැන් අපට ඉන්නවා අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න. දැන් මේක විශාල ජාතික බලවේගයක් වශයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ඒකෙ ප‍්‍රතිඵලය තනි පුද්ගලයෙකුට දෙන්නෙකුට නෙවෙයි මුළු රටටමයි.
මෛත‍්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් එළියට එන්නෙ ඔබේ අනුදැනුම යටතෙද?
නෑ, මම එතුමා ආණ්ඩුවෙන් එනතුරු දන්නෙ නෑ. එළියට එන එක එතුමගේ තීරණයක් උඩ කරපු දෙයක්. ඒකට අපේ කිසිම බලපෑමක් තිබුණෙ නෑ.
ආණ්ඩුව පැත්තෙන් නම් කියන්නේ මේක ද්‍රෝහිකමක් කියලා.?
ඕනැ පුද්ගලයෙකුට ස්වාධීන තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා. රටට ආදරය කරන කෙනෙක් නම් රට ගැන හිතන්න ඕනැ. දූෂිත පාලනයකට හවුල්වෙලා ඉන්න එකද, ඒකට තිත තියන්න ආණ්ඩුවෙන් එළියට ආපු එකද වඩා වැදගත් සහ යහපත් තීන්දුව කියලා රටේ ජනතාව තීරණය කරාවි. අද රටේ සිද්ධවෙන අසාධාරණය පොඩි එකක්ද? ජනාධිපතිතුමාට දවසකට යන වියදම කෝටි දෙක හමාරකට වැඩියි. අවුරුද්දකට වියදම කෝටි 998 යි. සාමාන්‍ය මිනිස්සු තුන්වේල කන්න නැතුව ඉන්නකොට එක පුද්ගලයෙකුට දවසකට කෝටි දෙකක් වියදම් කරන එක රටකට උහුලන්න පුළුවන්ද? නියම ද්‍රෝහිකම මේ ක‍්‍රමයට තවත් උල්පන්දම් දීගෙන සහයෝගය දීගෙන ඉන්න එක නෙවෙයිද?
අද සාමාන්‍ය මිනිස්සු පාවිච්චියට ගන්න හැම බඩුවකටම හිතාගන්න බැරි තරමට බදු ගහනවා. ඒත් ලැම්බෝගිනිවල බදු අහෝසි කරනවා. ජේම්ස් පැකර්ට කැසිනෝ දාන්න කිසිම බද්දක් නෑ. මේ ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නෑ. ඒකනේ ගිය සැරේ අයවැයෙන් බල්ලන්ගෙ කෑමවල බදු අඩු කළේ. ඒකෙන් වාසි වුණේ කොළඹ හතේ බල්ලන්ට. ගමේ හදන බල්ලන්ට බලූ කෑම දෙනවද?
ඔබ වහන්සේ කියන්නේ මේ ආණ්ඩුව බල්ලන් ගැන හිතන තරම්වත් මහජනතාව ගැන හිතන්නේ නෑ කියලද?
ඔව්, එහෙම තමයි වෙලා තියෙන්නේ, අනිත් එක අද කුඩු, එතනෝල් වසංගතයක්නේ. කවුද මේවා පිටිපස්සෙ ඉන්නේ? ආණ්ඩුවෙ ඇමැතිවරුම කියන්නේ මේ ජාවාරම් කරන්නේ ආණ්ඩුවෙම සමහර මැති ඇමැතිවරු කියලා. අද ස්කාගාර තියෙන්නෙ ඇමැතිවරුන්ට. අපි ඡුන්දෙ දීලා බලයට පත්කරන අය අපිට වහ පොවනවා. මේවා නවත්තන්න ඕනැ. මේකට වෙනසක් අවශ්‍යයි.
ඔබ වහන්සේලා අපේක්ෂා කරන වෙනස යථාර්ථයක් වෙයිද ඉදිරියේදී?
බරපතළ අසාධාරණයන් මැතිවරණයේදී සිදුවුණේ නැත්නම් ඒකට බාධාවක් නෑ.
මෛත‍්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන් ඉදිරිපත් වුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එක්ක ඔබ එකඟද?
ඒකෙ අන්තර්ගතය එක්ක අපි එකඟයි. තවත් එකතුවෙන්න දේවල් තියෙනවා. මම ඒක අධ්‍යයනය කළා. අද රටේ ප‍්‍රශ්න රාශියක් උද්ගතවෙලා තියෙනවා. ඒ හැම එකටම මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පිළිතුරු දෙන්න බෑ.
තියෙන මුදල් ප‍්‍රමාණය අනුව ඕනැ වියදම් කරන්න. එක පුද්ගලයෙකුට දෙන්නෙකුට කෝටි ගණන් වියදම් කරන එක නැවැත්තුවොත් විශාල ප‍්‍රශ්න ප‍්‍රමාණයක් ගැන සලකා බලන්න පුළුවන්. මේක කි‍්‍රයාත්මක කිරීම බොහොම කල්පනාකාරීව, සූක්ෂ්මව කරන්න ඕනැ දෙයක්. අපි කියන්නෙ නෑ සුමානෙන් දෙකෙන් ඔක්කොම ප‍්‍රශ්න විසඳන්න කියලා. හැබැයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් කරලා තියෙන දේවල් කි‍්‍රයාත්මක වුණොත් රටේ බරපතල ප‍්‍රශ්න ටික විසඳෙයි. ඒක ගැන අපට සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා.
ආණ්ඩුව නම් කියන්නේ මේක ආණ්ඩුව ඉදිරිපත් කරපු අය වැයේ ෆොටෝ කොපියක් කියලා.
එයාලට ඉතිං මොනව කියන්න බැරිද? ඒ අයගෙ මොළේ හොඳ නෑනේ මේ දවස්වල. ඒක නිසා ඒ කියන ඒවා ගණන් ගන්න ඕනැ නෑ.
ඔබ වහන්සේ දිගින් දිගටම ඉල්ලා හිටියේ විධායක ක‍්‍රමය අහෝසි කිරීම. මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ඒ හීනය සැබෑවෙයිද?
දින සීයකින් මේක පූර්ණ වශයෙන් අහෝසි කරන්න බැරිවෙයි. ව්‍යවස්ථානුකූලව විධායක ක‍්‍රමය එහෙම පිටින්ම එකපාරට අහෝසි කරන්න අමාරුයි. මොකද විධායක ජනාධිපති වෙන්නෙ මහජන ඡන්දෙකින්. ඒක නිසා ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි. නමුත් ඒකට ඉක්මන් ආරම්භයක් ගන්න ඕනැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනැ. ඔහුට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි. ඔහු නීතියට යටත් විය යුතුයි. මේ මූලික සංශෝධන ටික ඉතා ඉක්මනින් ගේනවා. ඊළඟට මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් කරන්න ඕනැ. ඒකටත් පුළුල් සංවාදයක් අවශ්‍යයි. අලූත් පාර්ලිමේන්තුවක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ හීනය යථාර්ථයක් කර ගැනීමට පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනැ.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළොත් ඒ පාලනය තුළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ භූමිකාව කොයි වගේ එකක්ද?
අපට වෙච්ච පොරොන්දු ඉටු කරනවද කියලා අපි බලාගෙන ඉන්නවා. ඉෂ්ට කරන්නෙ නැත්නම් මේ වගේ අරගලයක් ආපහු කරන්න වෙනවා. අපි පත් කරනවා වගේම අපි කියපු දේවල් කරන්නෙ නැත්නම් ඒකටත් පියවර ගන්න වෙනවා. අපි එහෙම අසුබවාදී තැනක ඉන්න හොඳ නෑ. අපි එකතුවෙලා මේ ජයග‍්‍රහණ රටට දිනා දිය යුතුයි. අපට වෙන භූමිකාවක් නෑ මේ තුළ.
බැරිවෙලාවත් ඔබලගෙ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වුණොත්...
දැන් නම් එහෙම කරන්න බෑ. මේක දැන් නොකර බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මුල් කරගෙනම තියන මැතිවරණයක් මේක. ඒක නිසා මේ අවස්ථාවෙ මග අරින්න බෑ.
මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛ පිරිසට ආණ්ඩුව පැත්තෙන් එල්ලවෙන චෝදනාවක් තමයි මේක අශුද්ධ සන්ධානයක් කියන එක.
එතකොට ඒ ගොල්ලන්ගෙ සන්ධානේ බොහොම ශුද්ධ එකක්ද? එච්චරයි අපට අහන්න තියෙන්නේ. දෙයියනේ ඒ ගොල්ලො එක්ක ඉඳලා ආපු අයනේ මෙතන වැඩිපුර ඉන්නේ. මේ අය අශුද්ධ වුණේ ආණ්ඩුවෙන් එළියට ආපු හැටියෙද?
එන්න එන්නම ඡන්ද උණුසුම වැඩිවෙනවා. ගෝරිවල අඩුවකුත් නෑ. ඉදිරි දින ටිකේ මොකකින් මොකක් වෙයිද කියලයි මිනිස්සු අහන්නේ...
අපි මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයට කියන්නේ නම වගේම මෛත‍්‍රියෙන් කටයුතු කරන්න කියලා. ගැහුවත් ගහන්න එපා, මෛත‍්‍රිය විතරක් පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙනුත් ඉල්ලනවා. පළිගැනීමේ දේශපාලනය නතර කරන්නත් අපි කි‍්‍රයාකරනවා. අලූත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇති කරන්න ඕනැ. ඒක මේ ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා දිනුවට පස්සේ අපි ඇතිකරනවා.
හැබැයි මෛත‍්‍රිපාල සිරිසේන ඡුන්දෙන් දිනුවත් ජනාධිපතිවරයා අයින් වෙන්නෙ නෑ කියලත් රාවයක් යනව.
කතාවට හොඳවට ඔහොම කතා කියනවා ඇති. මහජන මතයට හිස නමන්නෙ නැතුුව කාටවත් ඉන්න බෑ. වෙන රටවල පාලකයො එළියට ඇදල දැම්ම මහජනතාව එකතුවෙලා. මම හිතන්නේ අපේ රටේ ජනතාවට එහෙම කරන්න ඕනැ වෙන එකක් නැතිවෙයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඔබ වහන්සේගෙ ආරවුල පටන් ගන්නේ කොතනින්ද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ මගේ කිසිම ආරවුලක් නෑ. විධායක ජනාධිපතිධුරය එක්කයි අපට තියෙන ගැටලූව. විධායක ජනාධිපති ක‍්‍රමය කවුරු ගත්තත් ඔච්චර තමයි. බාස්ගෙ නෙවෙයි අවුල. ප්ලෑන් එකේ තමයි අවුල. අපි කියන්නේ මේක වෙනස් වෙන්න ඕනැ කියලා. දැන් ඉන්න බාසුන්නැහේ ප්ලෑන් එක වෙනස් කරන්නෙ නැත්නම් අලූත් බාසුන්නැහේ කෙනෙක් ලව්වා ප්ලෑන් එක වෙනස් කරගන්න ඕනෑ. ඒකට ජනතාවට අයිතියක් තියෙනවා.
ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ ඔබ වහන්සේට පහර දුන්නා කියලා කියනවා. සමහරු අහනවා එහෙව් එකේ දැන් කොහොමද යූ.එන්.පියත් එක්ක ඔබ වහන්සේ ගනුදෙනු කරන්නේ කියලා?
මේක පක්ෂයක් එක්ක තියෙන ආරෝවක් නෙවෙයිනේ. අපි රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. මේක පුද්ගලික කාරණා ඉස්සරහට දාලා මඟ අරින්න පුළුවන් වෙලාවක් නෙවෙයි. අපට එහෙම ප‍්‍රශ්න ඔළුවෙ තියාගන්න අවශ්‍ය නෑ.
ඔබ වහන්සේගෙ මේ දේශපාලන මැදිහත්වීම නිසාම ජීවිතයට බලපෑම් එහෙම තියෙනවද?
අපොයි තියෙනවා. දැනුත් නොයෙකුත් බලපෑම් තියෙනවා.
මරණ තර්ජන එහෙමත් තියෙනවද?
එහෙම ඒවත් නැත්තෙම නෑ. දුරකථන ඇමතුම් එනවා. බණිනවා. අපහාස කරනවා. ගුවන් විදුලි සංස්ථාවෙන් උදේ ඉඳලා ? වෙනකම් මට බණිනවා. ඉස්සරහට තව වැඩිවෙයි. ඒත් අපි ඒවට මූණ දෙනවා. මොකද අපට රකින්න දේවල් නෑනේ. රට වෙනුවෙන් මළත් ඒක වටිනවා.
පසුගිය දවස්වල ආණ්ඩු ප‍්‍රබලයෝ ඔබ වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා හිත වෙනස් කරන්න හැදුවලූ නේද?
කොයි කෙනා ඇවිත් මොන දේ කිව්වත් මම මගේ ස්ථාවරය කියනවා. ඒක වෙනස් කරන්නෙ නෑ මොන හේතුවටවත්. ඕනැ කෙනෙකුට මාව ඇවිල්ලා මුණ ගැහිලා සාකච්ඡුා කරන්න පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවෙ කි‍්‍රයා කරන්නෙ ස්වාධීනව. ඇයි ඔවුන් මේ වැඬේට හවුල් කරගන්න උත්සාහ නොකළේ?
ඒ අයත් පැහැදිලිවම කියන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ඕනැ කියලා. මේ පාලනයට තිත තියන්න ඕනැ කියලා. අඩු වැඩි වශයෙන් අපේ අදහසට බොහෝ දුරට සමානයි ඔවුන්ගේ අදහස. ඉතින් කොතනින් පටන්ගෙන කොහොම ගැලූවත් යන්නෙ එකම මුහුදට නම් ප‍්‍රශ්නයක් නෑනේ.
මැතිවරණය කෙසේ වෙතත් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පවා සාධාරණ නෑ කියලා පක්ෂ නායකයෝ මැතිවරණ කොමසාරිස්ට නිතරම පැමිණිලි කරනවා.
මේ තියන්න හදන්නෙ මැතිවරණයක් නෙවෙයි, මංකොල්ලයක් වගේ තමයි අපට පේන්නෙ. අපේක්ෂකයින් සෑම දෙනාටම සම අවස්ථා හිමි විය යුතුයි කියලා කිව්වට ජනාධිපතිතුමා එතුමට ඕනැ ඕනැ හැටියට වැඬේ කරනවා. අනෙක් අයට අඩුම තරමෙ රැස්වීමක් තියා ගන්නවත් ඉඩක් නෑ. මැතිවරණ කොමසාරිසුත් අසරණයි.
ජනාධිපතිතුමා ඉල්ලන්නෙ ඡුන්දෙදි එතුමට කළගුණ සලකන්න කියලා.
එතුමා එහෙම කියන්නේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. එතකොට සරත් ෆොන්සේකාට කළගුණ සලකපු හැටි හොඳද? ශිරාණි බණ්ඩාරනායකට කළගුණ සැලකුව හැටි හරිද? මේවා තමයි අපට අහන්න වෙන්නේ. දුටුගැමුණු රජතුමා යුද්දෙන් පස්සේ තමන්ගෙ දස මහ යෝදයින්ට වස්තුව, ඉඩකඩම් බොහෝ දේවල් දුන්නා. අපේ රටේ මොකද වුණේ. යුද්ධය ඉවර කරන්න වැඩිම බරක් ඇදපු සරත් ෆොන්සේකට ජම්පරේ අන්දලා හිරේ දැම්මා. කොහොමද ඒ කළගුණ සැලකීම. මේ ජනාධිපතිතුමාට කළගුණ සැලකීම ගැන කතා කරන්න සදාචාරාත්මකව පුළුවන්ද කියලයි අපිට හිතෙන්නේ.
ඔබවහන්සේ මූලිකවෙලා පිහිටුවන ඊළඟ ආණ්ඩුවත් හරි පාරේ නොගියොත් ඒකත් ආණ්ඩුමට්ටු කරන රාජකාරිය අතට ගන්නවද?
අනිවාර්යෙන්ම ඒක කරනවා. ඉතිහාසය පුරාම මම එහෙම කළා. ඉදිරිය ගැනත් අපි හොඳ සෝදිසියෙන් බලාගෙනයි ඉන්නේ.






