ඇය නර්තන තාරුකාවක්. ඇය කරළියේ දක්වන නර්තන කුසලතාව පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට තරම් සමත්ය. පසුගියදා නිමාවූ දෙරණ ”සිටි ඔෆ් ඩාන්ස්” අවසන් මහා තරගාවලියේ අනුශූරතාව දිනාගත්තේ ඇයයි. මීට පෙර ”සිරස ඩාන්සින් ස්ටාර්” තරගයේ ශූරතාව හිමිකරගත් දුෂ්‍යන්ත්ගේ
|
|
සහායිකාව ලෙස නර්තනයෙන් දස්කම් පෑවේද ඇයයි. ඇය හෂිනි ගෝනගල.
රුවැත්තියක් වන හෂිනිට අද දවසේදී කාගේත් අවධානය යොමුවී තිබේ. ඒ ඇයගේ නර්තන හැකියාව නිසාවෙනි. නමුත් ඇය නර්තනයට අමතරව රංගන ශිල්පිනියක් ලෙසින්ද අප හමුවට ඇවිත් සිටින්නීය. ”උත්තරා, ඩාන්ස් ස්ටාර්” යන චිත‍්‍රපටවල ප‍්‍රධාන භූමිකාව රඟපෑ හෂිනි මේ දිනවල ”මහරජ අජාසන්ත” චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට එක්වී සිටින්නීය. රූගත කිරීම් මධ්‍යයේ වුවද ඇය කතාබහට එක්වීමට තරම් නිහතමානී වූවාය. හෂිනිට ක්‍ෂේත‍්‍රයේ හා ක්‍ෂේත‍්‍රයෙන් පිට එන අමුතු යෝජනා ගැන ඇය පැවසුවේ මේ විදිහටය.
”නර්තන තරගාවලිය අවසන් වූ හින්දා මේ දවස්වල හැමෝම කතාබහ කරනවා. හැමෝම කිව්වෙ එදා මා හොඳට නර්තනය ඉදිරිපත් කළා කියලයි. මට ඕනෑ වුණේ කිරුළට වඩා මගේ නායකයො සමග හොඳ ”ඇක්ට්” එකක් ඉදිරිපත් කරන්නයි. ඒක සාර්ථක වුණා කියලයි අදත් මට හිතෙන්නේ. හැමෝම මට කිරුළ හිමිවෙයි කියලයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ අය මට හමුවුණාම ඒ ගැන කියලා දුක්වෙනවා. ඒ අතරේ දුරකථන ඇමතුම් දෙනවා.
ඉතින් හෂිනි ඔය අතරේ ඔයත් එක්ක යාළුවෙන්නත් සමහරු කතාකරනවා ඇති නේද?
”ඒ වගේ ඒවා නම් එනවා. සමහරු ආදරය ප‍්‍රකාශ කරනවා. සමහරු යාළුවෙක් විදියට ඉන්න ඉඩ දෙනවාද කියලා අහනවා. ඉතින් මම ඔවුන්ට කියන්නේ හොඳ යාළුවෙක් හැටියට කතා කරන්න කියලයි. මගේ රසිකයෝ ඔවුන් හින්දා මා ඒ අයට බනින්නේ නෑ. මගේ අම්මාත් කියලා තිබෙන්නේ රසිකයන්ට හොඳින් කතා කරන්න කියලයි. ඉතින් මම ඔවුන් සමග සුහදව කතා කරනවා.
ආදරය ඉල්ලගෙනම කරදර කළොත් ඔයා ඒ වෙලාවට මොකද කරන්නේ?
ඇත්තටම ඒ වෙලාවට මම ෂේප් එකේ උත්තර දෙන්නේ. මොකද මා බොරු පොරොන්දු දෙන්න කැමැති නෑ. ඒ වෙලාවට මා ඔවුන්ට කියන්නේ අපි යාළුවෝ වගේ ආශ‍්‍රය කරමු කියලයි. මගේ අම්මයි තාත්තයි මට නිදහස දීලා තිබෙන්නේ. නමුත් එයින් මා අයුතු ප‍්‍රයෝජන ගන්නේ නෑ. මා කැමැති යාළුවෝ විදිහට ඒ ආශ‍්‍රය තබාගන්නයි.
වෙන අමුතු යෝජනා ආවේ නැද්ද?
එහෙම නෑ. හැබැයි ඉතින් ත්‍්ජැ ඊදදන එකේ නම් එවැනි යෝජනා තිබෙනවා. මම ත්‍්ජැ ඊදදන එකේ වෙනම ේබ ච්ටැ එකක් හදාගෙන ඉන්නේ. එහිදී මා රසිකයන් එක්ක කතා කරනවා. යාළුවෝ හැටියටයි එහිදිත් මා කතාකරන්නේ. විවාහ යෝජනා, වෙන අමුතු යෝජනා එහිදී කරන අය ඉන්නවා. ඔවුන් සමග සුහදව කතා කරලා ප‍්‍රශ්න විසඳගන්නවා.
ක්‍ෂේත‍්‍රයේ අයගෙන් ඔයාට ආදර යෝජනා එහෙම එන්න ඇති නේද?
තවම නම් ආවේ නෑ. ගොඩක් අය මම නර්තනයට දක්ෂ කෙනෙක් කියලා දන්නවා. ඒ වගේම මා බොහොම සුහදව යාළුවෙක් වගේ කතා කරන කෙනෙක් බවත් දන්නවා. එ හින්දා යාළුවෙන්නවත් වෙන බලපෑම් කරන්නවත් ආවේ නෑ.
ඇත්තද ඔයාගේ සිහින කුමාරයා රන්ධීර් කපූර් කියන්නේ?
ඔව්. ඔයා කොහොමද දන්නේ. මා කැමැති රන්ධීර් කපූර් වගේ පේ‍්‍රමවන්තයකුටයි. රන්ධීර් තමයි මගේ ෘරු්ප ඉදහ. ඔහු ලංකාවට ඇවිල්ලත් මට බලාගන්න බැරිවුණා. මගේ යාළුවෝ ඔහු ගැන නිතරම දේවල් කියනවා. ඇත්තටම ඒ ගැන නම් මම හරිම දුකෙන් හිටියේ. පුදුම අප්සට් එකකින් තමයි හිටියේ. තවම මට පේ‍්‍රමවන්තයෙක් නෑ. අනෙක ඒ ගැන මම තවම හිතලාවත් නෑ. රන්ධීර් වගේ කෙනෙකුට නම් කැමතියි.
සමහරු කියනවා ඔයා දැන් දුෂ්‍යන්ත් වීරමන් එක්ක තරහාවෙලා කියලා. ඇත්තද ඒ කතාව.
අනේ නෑ. කිසිම තරහක් නෑ. හැමෝම දන්නවා දුෂ්‍යන්ත් සිංදු කියන බව. මා ඔහුගේ ගීතවලට නර්තනය ඉදිරිපත් කළා විතරයි. මට එහිදී වැටහුණා මම හිරවෙලා ඉන්න බවක්. අනෙක නර්තනය මට තව ඉගෙන ගන්න ඕනෑ. ඉතින් ඔහුට ගීත ගයන්න ඉඩ දීලා මා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න හිතා ගත්තා. ඒක සමහරු වැරදියට තේරුම් අරන්.
අපි අදටත් තරහා වෙලා නෑ. මගේ නර්තන කටයුතුවලදිත් උපදෙස් ලබාදෙනවා. උදවු කරනවා. අපි දෙන්නා හොඳ යාළුවෝ විදියට ආශ‍්‍රය කරන්නේ. මා නර්තන තරගයට ආවෙත් ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඕනෑ කියලා හිතාගෙනයි. අම්මයි, තාත්තයි මට එහිදී උදව් කළා. දුෂ්‍යන්ත් එක්ක නටලා අවුරුදු 4 කට පස්සේ තමයි ස්වාධීනව නර්තන ශිල්පිනියක් ලෙස මෙවර මා තරග වැදුනේ. ඒ මාගේ හැකියාව මුවහත් කර ගන්නයි.
නර්තයේදී ඔයාගේ ඇඳුම් විලාසිතා ගැනත් සමහරු කතාකරනවා. ඇඟ පසඟ පෙන්වමින් නර්තනය ඉදිරිපත් කිරීමෙන් වැරදියට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?
මගේ යාළුවෝ මා ගැන දන්නවා. මොකද මා ඉගෙන ගත් පරිසරය, සංස්කෘතිය වෙනස්. එහිදී කොට ඇඳුම් ඇන්දාට, ඇඟ පොඞ්ඩක් පෙන්නුවාට ප‍්‍රශ්නයක් නෑ. වැරදියට බලන්නෙත් නෑ. මා ගැන වැරදි චිත‍්‍රයක් හදාගත්තෙත් නෑ.
අද වන විට අපේ කල්චර් එක වෙනස් වෙලා. දැන් කොටට අඳින එක විලාසිතාවක් වෙලා. ඒක ”පැෂන් ටේරන්ඞ්” එකක්. හැමෝම කියන්නේ මට ඒ ඇඳුම් ඇන්දාම ලස්සනයි කියලයි. ඒ වුණත් අද මා ඇඳුම් ඇඳීමේදී පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. අද බොහෝ විට ඇක්ට් එකේදි විතරයි එවැනි ඇඳුම් අඳින්නේ.
මේ ඇඳුම් හින්දා මා ගැන වැරදියට තේරුම් අරන් නෑ කියලයි හිතන්නේ. මම හරිම හොඳයි කියලයි හැමෝම කියන්නේ. මොකද නරක නාමයකට ගෑවෙන්න විදිහේ වැඩ කටයුතු මා කරලා නෑ. කරන්නෙත් නෑ. මගේ ක්‍ෂේත‍්‍රයේ අලූතින් ඉන්න අයත් හරිම ෆේ‍්‍රන්ඞ්ලි. අකලංක, සාරංග, පුබුදු මගේ හොඳ යාළුවෝ. එහෙම මා ගැන ආදරයටවත් වැරදි විදිහටවත් අමුතු යෝජනාවක් කරලා නෑ. ඒ අපි ෆ්‍රෙන්ඞ්ලි හින්දා.

.jpg)
