මම මහා පුදුම කරදරයකට ඩොක්ටර් මුහුණපාලා තියෙන්නේ. අවුරුදු දෙකක විතර කාලයක ඉඳන් භූතයෙක් පස්සෙන් එනවා. මම හමුදාවේ සේවයකරන සෙබළෙක්. මං පුහුණුවීම් කරන කාලයෙත් මේ භූතයා මාත් එක්ක ඇවිත් මා පුහුණු වෙන විදිහටම පුහුණුවීම් කරනවා. මාච් පාර්ස් පවා කරනවා.
ව්‍යායාම කරනවා. මට මේක ලොකු හිරිහැරයක්. මේ භූතයා හින්දා මට මගේ රස්සාව කරගන්නත් නැහැ. මගේ ඉදිරියේ පෙනී ඉන්නේ මීට අවුරුදු 100කට විතර කලින් මිය ගිය මීමුත්තෙක් කියා සාස්තරකාරයෝ කීප දෙනෙක් කියා තියනවා.
මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ ප්‍රධානී මනෝ වෛද්‍ය ආචාර්ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ මහතා හමුවීමට පැමිණි හමුදා සෙබළෙක් තමන් මුහුණපා ඇති ගැටලූව එලෙස පවසා ඇත. මේ භූත කරදරයෙන් තමා මුදාගන්නා ලෙස ඉල්ලීමක් කරමිනි.
විසිඅට හැවිරිදිවියේ පසුවන මෙම හමුදා සෙබළා නිකවැරටිය ප්‍රදේශයේ ගම්මානයක පදිංචි අයෙකි.
- මනෝ වෛද්‍යවරයා : භූතයා පෙනෙන්නේ කොයි ආකාරයටද? කොච්චර කාලයක ඉඳලාද මේ භූත කරදරේ තියෙන්නේ?
- හමුදා සෙබලා : අවුරුදු දෙකක විතර කාලයක ඉඳලා මේ භූත කරදරේ තියෙනවා. ඒ කියන්නේ හමුදාවට බැඳෙන්නත් කලින් ඉඳලා මුහුණ පුරා සුදුම සුදු රැුවුලක් තියෙන සුදු සරමක් ඇඳ ගත්තු උඩුකය නිරුවත්ව ඉන්න කෙනෙක් තමා මට පේන්නේ. සුදු සරම වටා රතුපාට පටියක්ද බැඳගෙන ඉන්නවා. මුහුණ එච්චර පැහැදිලි නැහැ. අවුරුදු 60 ක විතර පෙනුමක් තියෙනවා.
- මනෝ වෛද්‍යවරයා : මේ භූතයා කරන කියන දේවල් මට විස්තර කරන්න.
- හමුදා සෙබළා : මම කෑම කන්න ගියාම මගේ ළඟින්ම මේසේ වාඩිවෙනවා. කෑම කනවා. නිදාගෙන ඉද්දී සමහර දවස්වලට ඇඳෙන් බිමට ඇදලා දානවා. කොහේ ගියත් මගේ ඉස්සරහින්ම ගමන් කරනවා.
හමුදාවට බැඳුනාට පස්සේ මේ භූතයාගේ කරදරය ඉවරවෙයි කියලා හිතුවා. අනේ ඒ්ත් භූත කරදරේ ඉවරවුණේ නැහැ. හමුදා සෙබලකු විදිහට පුහුණුවීම් කරද්දී මගේ ඉස්සරහට වෙලා මම ලබන හැම පුහුණුවක්ම භූතයාත් කරනවා. අපේ පුහුණුවීමට කිලෝ මීටර් 10 ක් විතර කැලෑවේ දුවන්න තියනවා.
භූතයාත් මාත් එක්ක ඒ කිලෝ මීටර් 10 ම දිව්වා. මම අවි පුහුණුවීම් ලබද්දී භූතයාත් අවි පුහුණුව ලැබුවා. උදේට නැගිටලා ශාරීරික ව්‍යායාම කරද්දීත් මගේ ඉස්සරට වෙලා භූතයාත් ශාරීරික ව්‍යායාම කළා. ඉලක්කයට වෙඩි තියන්න පුහුණු වෙද්දීත් භූතයා ඉලක්කයට මම වගේම වෙඩි තිබ්බා.
හමුදා සෙබළා මනෝ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පවසා ඇත.
දේවාල කිහිපයකට ගිහින් සාස්තර ඇසුවා. එක දේවාලයකින් කිව්වා මට නිතරම පෙනෙන්නේ මීට අවුරුදු 100කට විතර කළින් මිය ගිය මීමුත්තෙක් කියලා. මේ මීමුත්තා මාව ආරක්ෂා කරගන්න තමා මේ විදිහට ළඟටම වෙලා ඉන්නේ කියා.
මට විතරයි මේ විදිහට භූතයා පෙනෙන්නේ. ගෙදර වෙනකාටවත් පෙනෙන්නේ නැහැ. භූතයා පන්නා දමන්න බලිතොවිල් කිහිපයක් කළා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. තොවිල් කරන කොට විතරයි. ටික දවසකට පස්සේ ආයෙත් භූතයා මා පස්සෙන්ම එනවා.
තව දේවාල දෙක තුනකට ගිය වෙලාවේ කිව්වා මේ භූතයාගෙන් ඔයාට කරදරයක් හිරි හැරයක් නැහැ. ඔයාගේ ආරක්ෂාවටයි ඔය විදිහට පස්සෙන් එන්නේ. ඒ හින්දා කිසිම බයක් වෙන්න එපා කියා. ඊට පස්සේ භූතයාට මගේ හිතේ තිබුණ බය නැතිව ගියා. ගෙදර අය විතරයි මේ කතාව දන්නේ. හමුදාවේ ඉන්න කිසිම යහළුවකුට මේ ගැන කියන්නට ගියේ නැහැ. කෑම්ප් එකේ ඉඳලා ගෙදර එන්නේ කෝච්චියෙන්. ගමේ බස් එකේ හරි භූතයාත් එතකොට මගෙත් එක්ක එක සීට් එකේ වාඩිවෙලා එනවා.
මම ගැහැණු ළමයෙක් එක්ක මාස තුනක විතර කාලයක ඉඳලා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. දෙපැත්තෙන්ම මව් පියන්ගේ ආශීර්වාදය කැමැත්ත අපේ පේ‍්‍රම සම්බන්ධයට ලැබී තිබෙනවා. මේ අවුරුද්දේ විවාහවෙන්න සූදානමින් ඉන්නේ.
විවාහයටත් මේ භූතයාගේ කරදරයක් වෙයි කියා මට ලොකු බයක් දැනුණා. භූතයා නිසා අපේ විවාහය වැඩි කාලයක් යන්නට මත්තෙන් කඩාකප්පල් වෙයි කියා නිතරම කල්පනා වුණා. මේ හින්දා පෙම්වතියට මේ භූත කරදරය ගැන අකුරක් නෑර විස්තරය කිව්වා. මේ කථාව අහලා එයාගේ හිත ගැස්සුනා.
- මනෝ වෛද්‍යවරයා : ඔබේ පෙම්වතිය ඊට පස්සේ මොනවාද කිව්වේ?
- හමුදා සෙබළා : ඩොක්ර් එයා ඉරිදා ලංකාදීපයේ යන භූත කතන්දර හැමදාම නොවරදවාම කියවනවා. ඒ නිසා එයා කිව්වා මේක භූත සිද්ධියක් නොවේ. මොකක් හරි මානසික ප්‍රශ්නයක් විය හැකි බවත් පෙම්වතියගේ කීමට තමා මම මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න තීරණය කළේ.
තම පවුලේ ඥාතීන් කිහිප දෙනෙක්ම යන්ත්‍ර මන්තර ගුරුකම් හා දේවාල කරන බවත් හමුදා සෙබළා කීවේ මනෝ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙය භූතදෝශයක් නොවන බව මනෝ වෛද්‍යවරයා කරුණු කාරණා සහිතව හමුදා සෙබළාට පහදා දුන්නේ බුද්ධිමත්ව කටයුතු කිරීම ගැන ඔහුගේ පෙම්වතියට ද ස්තුතිය පුද කරමින්ය. මනෝ වෛද්‍යවරයාගේ කතාව මේ සමග වෙනම විස්තර කර ඇත.





