|
ජේනා බුෂ් හාගර් |
|
ඇය පැමිණෙන බව දත් සියල්ලෝම නොඉවසිල්ලෙන් බලා සිටිති. ඇය කුමන ආකාරයට පැමිණෙනු ඇත්දැයි ඔවුහු පසුවන්නේ කුතුහලයෙනි. දැන් ඇමෙරිකාවේ තරුණ තරුණියන් අතර ප‍්‍රසිද්ධියට පත්ව ඇති ඇය දශකයේ සරාගී කතුන් තිදෙනා අතරට එක්ව සිටින්නීය.
|
ලොව සරාගීම කතුන් තුන්දෙනා අතරට |
|
ජනපති බුෂ් සමග.. |
වරෙක ඇමෙරිකාවේ ජනාධිපතිවරයා සමග එකට ගමන් බිමන් ගිය මේ තරුණිය අන්කවරකු හෝ නොව ඇමෙරිකාවේ ජනාධිපති කනිෂ්ඨ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ දියණියයි. නැතිනම් ඇමෙරිකාවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මිනිපිරිය වන ජේනා බුෂින්.
ඇය ලෝකයට ආදර්ශවත් චරිතයක් වනු ඇතැයි ඇමෙරිකාවේ බොහෝ දෙනා සිතා සිටින්නට ඇත. ආදර්ශය කෙසේ වෙතත් දැන් ඇය ආකර්ශනීය චරිතයක්වී සිටියි.
නිව්යෝර්ක් සරසවියේ පැවැත්වෙන මේ විලාසිතා දැක්මට ඇමෙරිකන් හිටපු ජනාධිපතිවරයාගේ දියණිය පැමිණියේ පාපන්දු කී‍්‍රඩකයකුගේ ඇඳුමකින් සැරසීගෙනය. බොහෝ දෙනකු එදින අපේක්ෂා කළ පරිදිම ඇය තවත් වෙනස් දෙයක් කළේ ඒ ආකාරයෙනි.
ඇය ජේනා බුෂ් හාගර් ය. 1981 නොවැම්බර් මස 25 දින උපන් ඇය ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ලෝරා බුෂ් මැතිනියගේ නිවුන් දියණියන් දෙදෙනාගෙන් කෙනෙකි. ඇගේ සීයා ඇමෙරිකාවේ 41 වැනි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වන අතර අත්තම්මා බර්බරා බුෂ් ය. ඇගේ නිවුන් සොහොයුරිය බර්බරා ලෙස නම් කැර තිබේ. මේ දෙදෙනාගේ විශේෂත්වයක් ද තිබේ. ඒ එදා මෙදාතුර ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුට දාව උපත ලැබූ ප‍්‍රථම නිවුන් දරු යුගලය වීමයි.
පාසල් කිහිපයකින්ම ප‍්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලැබූ මේ නිවුන් සොහොයුරියන් ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඩලාස්හි ඇති පි‍්‍රස්ටන් හැලොව් පාසලෙන් හා පසුව හෝකඬේ පාසලේ ඉගෙනුම ලැබීය. 1994 දී ටෙක්සාස් රාජ්‍ය ඡුන්දයෙන් සිය පියා ජය ලැබීමෙන් අනතුරුව ඔස්ටින් වෙත ගිය ඔවුන් ශාන්ත ඇන්ඩෲ පාසලට ඇතුළත්ව 1996 වසරේ පාසල් අධ්‍යාපනය අවසන් කළේය. අවසානයේ සිය උපාධිය අවසන් කිරීමට ඔවුන් තෝරාගන්නා ලද්දේ ද ඔස්ටින් උසස් පාසලයි.
පාසල් යන කාලයේ දී පාසල ඇතුළේ දී මත්ද්‍රව්‍ය ගෙන අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් මේ දෙදෙනා සති පහක් ඇතුළත දෙවතාවක් අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන්ම වයස අවුරුදු 21ට අඩු අයකුට ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය කිසිවක් මිලදී ගත නොහැකි වුව ද මේ දෙදෙනා සිය මිත්තණියකගේ නමක් යොදා ව්‍යාජ හැඳුනුම්පතක් සකස්කැර මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට කටයුතු කළහ.
නමුත් එය නීතියෙන් ස`ගවා ගන්නට මේ දෙදෙනාට නොහැකි වීමේ ප‍්‍රතිඵලය වූයේ ජේනා පොලිස් අත්අඩංගුවට පත්වීමයි.
පාසල් වියේදී හා විශ්වවිද්‍යාල උපාධිය හදාරමින් සිටියදී නොමනා හා අශෝභන හැසිරීම හේතුවෙන් අවස්ථා ගණනාවක් පොලිස් අත්අඩංගුවට පත්වූ මේ නිවුන් සොහොයුරියන් දෙදෙනා එරට ජාතික පුවත්පත් ගණනාවක කතුවැකි කිහිපයකටම හේතු සාධක සපයා තිබිණි.
මේ සියලූ හැලහැප්පීම් මධ්‍යයේ ඇය ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළාය.
ජේනා යළි කරලියට පැමිණෙන්නේ 2004 වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණ සටනේ දී ය. ඇය විසිවැනි වියේ පසුවෙද්දී සිය පියාට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස කියා සිටිය ද 2003 ශීත ඍතුව වනවිට තම පියාට සහය වීමට තීරණය කළාය.
ජේනා සිය පියාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ගොඩවූ අතර අනෙක් අපේක්ෂකයන්ගේ දියණියන් ද මැතිවරණ සටනට උරදීම හේතුවෙන් එය හඳුන්වන ලද්දේ ¥වරුන්ගේ තරගයක් ලෙසිනි.
මේ සටන අතරතුර මැතිවරණ වේදිකාවේ දී ඇය වරක් දිව ඇද්දාය. පුවත්පතකින් පැමිණි කැමරා ශිල්පියකුගේ කැමරාවක මෙය සටහන්වී තිබිණි. පසුදින පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තලය වූයේ ඇගේ දිව ඇදීමයි.
පියා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූයේය. ඇය 2006 දී වොෂිංටනයට යාමට පෙර වසර එකහමාරක කාලයක් ගුරුවරියක ලෙස කටයුතු කළාය. එමෙන්ම යුනිසෙෆ් සංවිධානයේ අධ්‍යාපනික අංශයට අනුබද්ධව විවිධ සේවාවන් ඉටුකැර තිබේ.
රොබට් බී. බර්නට් නමැති කතුවරයකු ද සමග ඇය 2007 වසරේ දී ලේඛන කලාවට පිවිසියාය.
‘‘ඇනාගේ කතාව : බලාපොරොත්තුවක මාවත’’ යනුවෙන් ලියූ එය සැප්තැම්බර් මස 28 වැනිදා එලිදැක්වූවාය. මාධ්‍ය වාර්තා පවසන්නේ මේ පොතේ පිටපත් ලක්ෂ පහක් පමණ අළෙවිවී ඇති බවයි. එම ග‍්‍රන්ථයෙන් ලැබූ ලාභයෙන් කොටසක් ඇය යුනිසෙෆ් ආයතනයේ ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කැර ඇත. 2008 අපේ‍්‍රල් මාසයේ දී ඇය සිය දෙවැනි ග‍්‍රන්ථය වූ ‘‘ සියලූ දේ කියවන්න’’ නමැති ළමා කෘතිය එළිදැක්වූවාය.
2009 දී එන්.බී.සී. මාධ්‍ය ජාලයේ වාර්තාකාරිණියක ලෙස සේවයට බැඳුණු ඇය 2010 අපේ‍්‍රල් 19 දින හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සමග සම්මුඛ සාකච්ඡුාවක් ද පැවැත්වූයේ ආන්දෝලනාත්මක ප‍්‍රශ්න රැුසක් ඔහුගෙන් අසමිනි.
ඉන් අනතුරුව 2012 නොවැම්බර් 26 දින ඇය ‘‘සදර්න් ලිවින්’’ නමැති සගරාවේ කතුවරයා ලෙස පත්වීම් භාර ගත්තේ ලේඛන කලාවෙන් තවත් ඉදිරියට යාමේ අපේක්ෂාවෙනි.
|
නිවුන් දියණියන් සහ ජනපති බුෂ් |
|
සාදයකදී මත්වෙලා |
ආන්දෝලනාත්මක හා දගකාර යුවතියක් වූ ජේන් 2004 ජනාධිපතිවරණ සටනේ දී දුටු හෙන්රි වේස් හාර්ගර් 2007 අගෝස්තු මස 15 දින සිය ආදරය ප‍්‍රකාශ කළාය. ඔහු වර්ජිනියාවේ හිටපු රිපබ්ලිකන් පක්ෂ නායක ජෝන් එච්. හාර්ගර්ගේ පුත‍්‍රයාය. ජනාධිපති දියණිය ඔහු හා පෙමින් බැඳිණි. ඒ සම්බන්ධතාව හෙළි වූයේ ද රාජකීය හමුවක දී ය. චාර්ල්ස් කුමරු ඇමෙරිකාවට පැමිණි අවස්ථාවක ධවල මන්දිරයේ පැවති සාදයක දී මේ සම්බන්ධතාව ගැන මුලින්ම මාධ්‍ය දැන ගත්තේය.
වර්ජිනියා සරසවියේ උගත් හෙන්රි හාර්ගර් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ උපාධිධාරියෙකි. 2008 ජුනි මස 21 වැනි දින ඔවුන් ටෙක්සාස්හි බුෂ්ගේ පුද්ගලික වත්තක දී විවාහ වූහ. දැන් මේ යුවලට මාර්ග‍්‍රට් ලෝරා හාර්ගර් නමැති දියණියක් සිටියි.
ඇමෙරිකා මාධ්‍ය වාර්තා කරන්නේ ජේනා වරක් ගුවන් හමුදාවට එක් වූ බවයි. නමුත් ඇය ගුවනට නැගුණේ සිය නිවාඩුව ගත කිරීමට පමණක් බව ද ඇයට ඇති එක් චෝදනාවකි. ජේනා පවසන්නේ තමන් කෙළිලොල් ජීවිතයක් ගත කළ ද අධ්‍යාපනයට දැඩි උනන්දුවක් දැක්වූ බවයි. තමන් ඉංගී‍්‍රසි උපාධිය ලබාගනිද්දී සිය නිවුන් සොහොයුරිය සමාජ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ බවත් ඇය පවසයි.
ඇමෙරිකාවේ ප‍්‍රසිද්ධ හුස්ට්ලර් ස`ගරාවේ පුවත්පත් කලාවේදියකු වන ලැරී ෆ්ලින්ට් වරක් ජනපති දියණිය බාර්බරා බුෂ්ගේ නිරුවත් වීඩියෝවක් පටිගතකැර තිබේ. ඔහු පවසන්නේ මේ නිවුන් සොහොයුරියන් දෙදෙනාම නිරුවත් සාදවලට සහභාගි වන බවයි.
යාලේ ප‍්‍රදේශයේ නිරුවත් සාද සම්ප‍්‍රදායක් තිබේ. ඔවුන් සිය වැදගත් උත්සව අවස්ථාවන් හි දී වසා දමා තිබෙන කාමරවලටවී ඇ`ගලා සිටින සියලූම කමිස, ටී ෂර්ට්, කලිසම් පමණක් නොව මේස් හා යට ඇඳුම් ද ඉවත් කැර ් මුළුමනින්ම නිරුවත් වේ. ඉන්පසු ප‍්‍රධාන ශාලාවට ඇතුළු වෙති. සාදයට සහභාගි වන සියලූ දෙනා නිරුවතිනි. ජේනා සහ බාබරා මෙවැනි නිරුවත් සාදවලට සහභාගි වූ බවට ඇමෙරිකාවේ බොහෝ දෙනෙක් සිතා සිටිති. ජේනා සිය කලින් පෙම්වතා වූ කූපර් මින්නිස් සමග වසන්ත නිවාඩුව එක්ව ගත කැර ඇතැයි ද යන්න ඇයට නගන තවත් චෝදනාවක්වී ඇත.
පාසල් වියේ සිටම කෙළිලොල් හා ද`ගකාරී චරිතයක් බවට පත්ව සිටි ජේනා සහ බර්බරා අක්ක නගෝ ඇමෙරිකාවේ තරුණයන් කුල්මත් කරන දෙදෙනකි. ඔවුහු ගමනේදීත්, සාදයේදීත් සාකච්ඡුාවේදී පමණක් නොව නිවසේ සිටියදී පවා පුවත් මවන්නෝවී සිටිති.
|
අක්කයි නංගියි |
|
.jpg)

