රටවල් 53ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට හරියටම ඇත්තේ තවත් දින විස්සකි. නොවැම්බර් මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මේ සමුළුව වෙනුවෙන් කොළඹ නගරය ලහි ලහියේ කළඑළි වෙමින් තිබේ. රට රකින්නට කැපවුණු රණවිරුවෝ සේම කම්කරුවෝ දිවා රාත‍්‍රි දෙකෙහිම මෙම ඉදි කිරීම්වල කොටස්කරුවෝ වී සිටිති. නගර සභාව හා ආරක්ෂක අමාත්‍යාංශය එහි නියමුවෝය.
මේ ව්‍යාපෘති අතර කොළඹ නගර සභාව ආශ‍්‍රිත මහා මාර්ග නවීකරණය හා විහාරමහා දේවි උද්‍යානය සම්පූර්ණයෙන්ම නවීකරණය වීම ප‍්‍රධාන තැනක් ගනී.
එම මහා මාර්ග දෙපස පදික වේදිකා විශේෂිත ගල් වර්ගයක් අතුරා අලංකාර කිරීම නිසා මාර්ගවලට නව එළියක් එකතුවී ඇත. නගර ශාලාව අවට මාර්ග වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත හා නෙළුම් පොකුණ පාර යන මාර්ග නවීකරණයත්, විහාරමහා දේවි උද්‍යානයත් නවීකරණය වන ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘‘පුරහල චතුරස‍්‍රය’’ නමිනි. එම ව්‍යාපෘතිය බාර ප‍්‍රධාන නිලධාරියා වන්නේ එස්.යූ.බී. දොළපිහිල්ල මහතාය. අපි ඔහුගෙන් ඒ ගැන විමසමු.

”අපි මෙම ව්‍යපෘතිය සැලසුම් කළේ 2011 වසරේ. 2012 අගෝස්තුවල වැඩ ආරම්භ කළා. මේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 308ක් වැය වෙනවා. ඒ මුදල් ලෝක බැංකු ආධාර යටතේ සැපයෙනවා. මේ මුදල් ලබා ගන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයයි. අඩු පොලියකට, දිගු කාලයකින් ගෙවා නිමාකළ හැකි ණයක් ලෙස මේ මුදල් ලබා ගන්නවා. නගර සභාව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනවා. ලබන මාසයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් අපි මෙම ඉදි කිරීම් කඩිනම් කළා. මේ සමුළුවෙන් පසුවත් තවත් වසර 10ක් ඉදිරියට යන තුරු නියමිත ප‍්‍රමිතියට පවතින්නට මේ ඉදි කිරීම් විධිමත්ව කරනවා.
”නගර සභා ගොඩනැගිල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් ඉදි කළ ගෘහ නිර්මාණ ශිල්පවලට කිසිදු අයුරකින් හානියක් නොවන ආකාරයට අලූත්වැඩියා කිරීම් වෙනවා. කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ඕනෑම අයකුට ආකර්ශනීය වන ආකාරයකට මෙම නවීකරණය කිරීම් කරනවා.” ඒ දොළපිහිල්ල මහතාගේ පැහැදිලි කිරීමයි.
කොළඹ නගරයට හදවතක් බඳු වූ කාගේත් ගිමන් නිවූ සොඳුරු ‘‘විහාරමහා දේවි උද්‍යානය’’ ද පෙර තිබූ තත්ත්වයට හාත්පසින්ම වෙනස් වූ අයුරින් ප‍්‍රතිනිර්මාණය වෙයි. මෙය කලින් පටන් ගත් ව්‍යාපෘතියක් වුව ද එළැඹෙන රාජ්‍ය නායක සමුළුවට පෙරාතුව නිම කිරීමට එහි නියැළෙන සේවකයෝ පැය 24 පුරාම වෙහෙස මහන්සි වෙති. එහි ඉදි කිරීම් කටයුතු කරනුයේ එස්.එම්.ඒ. කන්ස්ට‍්‍රක්ෂන් සමාගමයි. මේ එහි ව්‍යාපෘති කළමනාකාර ප‍්‍රදීප් හේමකුමාර හේරත් මහතාය.
”විහාරමහා දේවි උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් වෙන්නෙ නගර සභාවත්, ආරක්ෂක අමාත්‍යාංශයත් අතින්. අපට ඉදි කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර වෙනවා. ඒ අනුව මාස 9කින් මෙහි සම්පූර්ණ ඉදි කිරීම් නිම කිරීමට කටයුතු කරන්නෙ එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙරාතුව ඒවා අවසන් කළ යුතු නිසයි.
”මේ ව්‍යපෘතිය සඳහා රුපියල් මිලියන 253ක් වැය වෙනවා. කලින් තිබුණු උද්‍යානයට වඩා සියයට සියයක්ම වෙනස් වූ සැලසුමකට අනුවයි මෙහි ඉදි කිරීම් සිද්ධ වෙන්නෙ. අක්කර 49ක මේ උද්‍යාන භූමිය කලාප 13කට වෙන් කරලා ඉදි කිරීම් කරනවා. මේ උද්‍යානය වටා තාප්ප නැහැ. සම්පූර්ණයෙන්ම විවෘතයි. එය වටා බයිසිකල් ධාවනය කිරීමට විශේෂ මං තීරුවක් සකස් කර තිබෙනවා. උද්‍යානයේ තිබෙන බුදු පිළිමයට අලංකාර මල් ආසනයක් සකසනවා. අලූතින් පොකුණු දෙකක් ඉදි වෙනවා. විදුලි බුබුළු 300කින් පමණ උද්‍යාන භූමිය ආලෝකමත් වෙනවා. දරුවන්ට විනෝද වීමට චීනයෙන් ගෙන්වූ අලූත්ම උපකරණ සවි කරනවා. පැරැුණි පාලම නවීකරණය කළා. වැව වටා ඉතාම අලංකාර ලෙස ‘පික්නික් හට්’ ඉදි කරනවා. ඒ වගේම නවීන පන්නයේ වැසිකිළි පද්ධතියකුත් ඉදි වෙනවා. පැය 24 පුරාම පැමිණෙන්නන්ට උද්‍යානය විවෘත කිරීමටත් අදහස් කර තිබෙනවා.”නෙළුම් පොකුණ අසලින් රාජගිරිය දක්වා විහිදෙන හෝර්ටන් පෙදෙස, කාසල් වීදිය මාර්ග අලූතින් කාපට් කෙරෙන අතර දෙපස පදික වේදිකා ද තණ පිඩලි අල්ලා විශේෂිත අලංකාර සිමෙන්ති ගල් අල්ලා නවීකරණය කිරීමට රට සුරැුකීමට දහදිය රුහිරු වැගිරූ රණවිරුවන් ඉදිරිපත් වීම ද අගය කළ යුතුය. බොරැල්ල ආයුර්වේද වටරවුමත් වැලිකඩ මංසන්ධියේ වටරවුමත් දර්ශනීය ආකාරයෙන් ඉදි වෙමින් තිබේ. රාජගිරිය පසු කර පාර්ලිමේන්තු පාර හරහා පැලවත්ත දක්වා දිවෙන මහා මාර්ගවල ද නවීකරණ කටයුතු කෙරෙයි. පාර්ලිමේන්තුවට ප‍්‍රවිෂ්ට වන ප‍්‍රවේශ මාර්ගය ද ලහි ලහියේ නවීකරණය වෙමින් තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් අලූතින්ම ප‍්‍රතිනිර්මාණය වන අනෙක් ව්‍යාපෘතිය බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියයි. රාජ්‍ය නායකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සාම්ප‍්‍රදායික ගමක ලක්‍ෂණ විදහා දැක්වෙන අයුරින් මානා ඉලූක් සෙවිලි කළ පැල්පත් ලෙස අපේ රටේ සාම්ප‍්‍රදායික දේශීය නිර්මාණකරුවන්ගේ නිර්මාණ අලෙවි වන අලෙවි කුටි 57ක් ඒ භූමියේ ඉදි වෙයි. ඊට අමතරව ලක්සල අලෙවි ශාඛාවක් ද එහි ඉදි වේ.
එම භූමියේම කෙළවරක තවත් අපූරු ව්‍යාපෘතියක් ඉදි වෙමින් තිබෙන අතර ඒ කුඩා සත්වෝද්‍යානයකි. රුපියල් මිලියන 10ක වියදමින් ඉදි වන මෙම ව්‍යපෘතිය බාරව කටයුතු කරනුයේ ව්‍යාපෘති ඉංජිනේරු විපුල වික‍්‍රමසිංහ මහතාය. මේ ඒ ගැන කරන ඔහුගේ පැහැදිලි කිරීමයි.
”මේ සත්වෝද්‍යානය ජනකලා කේන්ද්‍ර භූමියේ කෙළවරක අක්කර තුනහමාරක භූමි භාගයක් පුරා ඉදි වෙනවා. දියබල්ලා, ඉත්තෑවා, කුරුල්ලන්, මුවන් සහ අලින් මේ උද්‍යානයට ගෙනෙනවා. ඉබ්බන්, මාළුවන් වර්ග යෙ¥ පොකුණුත් මෙහි ඉදි වෙනවා. මීට අමතරව මේ භූමියට සංක‍්‍රමණික කුරුල්ලන්, සමනළයින් වැනි සතුන් ආකර්ශනය කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔවුන් ආකර්ශනය වන ගස් වර්ග යොදා ගැනීමටත් අදහස් කෙරෙනවා.
”උද්භිද විද්‍යාත්මක හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයෙන් තමයි මෙයට මුදල් අනුමත වෙන්නෙ. ඒ සඳහා නිමල් ලන්සා අමාත්‍යවරයාගේ පූර්ණ දායකත්වය ලැබෙනවා. කාලය පුරා ඇවිද යා හැකි ලීවලින් සකස් කළ මං තීරුවක් ද මෙහි ඉදි වෙනවා. පැමිණෙන අයට විවේකී සුවය උපරිමයෙන් වින්දනය කිරීමට අපි ඉඩකඩ සලසනවා. ඔවුන්ට කුරුලූ සන්දර්ශන නැරඹීමේ හැකියාවන් උදා වෙනවා. මේ සමුළුවෙන් පසුවත් මේවා අඛණ්ඩව නඩත්තු වන ක‍්‍රමවේදයකුත් සකස් වෙනවා. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදි කිරීම් කටයුතු බාරව ක‍්‍රියා කරනවා.”
සැබවින්ම මේ සියලූ ඉදි කිරීම් කොළඹ නගරයට ගෙන එන්නේ අපූරු ආලෝකයක්ය. හෙට දවසේ මෙහි පැමිණෙන රටවල් 53ක රාජ්‍ය නායකයන්ගේ සිත් සතන්හි සුන්දර රාජ්‍යයක සුවිශේෂී මතක සටහන් තැන්පත් වීම නියත බව මෙම අපූර්ව ඉදි කිරීම් දෙස බලද්දී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් බව කිව යුතුමය.

