රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් හා යෞවනියන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.
|
යුවතියකගේ කොණ්ඩය සකස් කළ අයුරු |
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලක්වාසී බොදු බැති ජනතාව පරහිතකාමීව සිදුකරන බොහෝ දේ අතර විවිධ දන්සල් සංවිධානය කිරීමද එදා මෙදාතුර අඛණ්ඩව සිදුවෙයි.
බොහෝ දන්සල්වලින් සිදු කෙරෙන්නේ ආහාර පානවලින් ජනතාවට සංග‍්‍රහ කිරීමය. මෙම දන්සල් අතරට එක්වූ සුවිශේෂී දන්සලක් මෙම වෙසක් පුන් පොහෝදින (14 දා) දහවල් නිට්ටඹුව නගරයේදී පැවැත්විණි. ජනතාවගේ කොණ්ඩා හා රැවුල් නොමිලේ කැපීම මෙම දන්සලේ සුවිශේෂය විය.
|
තරුණයකුගේ කොණ්ඩය කැපූ අවස්ථාව |
|
පෝලිමේ උන් වැඩිහිටියන් පිරිසක් |
නිට්ටඹුව, ශාන්ත අන්තෝනි මාවතේ ”ඇසිර සැලොන්” ආයතනයේ කළමනාකරු කොණ්ඩා සැකසුම් ශිල්පී ධමිත් සමරනායක මහතා විසින් මෙම අපූරු දන්සල සංවිධානය කර තිබුණි. ළමා, තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි දෙපක්ෂයේම කොණ්ඩා කැපීම හා පිරිමින්ගේ රැුවුල කැපීම මෙම දන්සලේදී සිදු කෙරුණි.
සෙසු දන්සල් මෙන්ම මෙම දන්සල පිිළිබඳවද සිදු කරන ලද පූර්ව දැනුම්දීමකට අනුව නොමිලේ කොණ්ඩා හා රැුවුල් කපා ගැනීම සඳහා කාන්තා හා පිරිමි දෙපක්ෂයම පෙරවරු 9, 10 වන විට දන්සල අසල පෙළගැසී තම වාරය පැමිණෙන තුරු රැඳී සිටින්නට වූහ.
රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස්වලට මෙම දන්සලේදී එයාකාරයෙන්ම නොමිලයේම කොණ්ඩා කපා ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. තරුණ කාන්තාවන් රැුසක්ද මෙම දන්සලේ තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැුඳීසිට තම තමන්ට රිසි පරිදි කොණ්ඩා සකසා ගන්නා අයුරු දක්නට ලැබුණි.
මෙම සමාජ සත්කාරය සංවිධානය කළ ධමිත් සමරනායක මහතා මේ සඳහා ප‍්‍රවීණ කොණ්ඩා සැකසුම් ශිල්පීන් පස් දෙනෙකු යොදවා තිබිණි. ගාමිණී ජයලත්, ලක්මාල් ඒකනායක, රංජන් ප‍්‍රසන්න වික‍්‍රමනායක, සංජය විජය පතිරත්න, උපුල් ප‍්‍රියදර්ශන එම ශිල්පීහු පස්දෙනා වූහ.
මේ පිළිබඳව ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ සංවිධායක ධමිත් සමරනායක මහතා මෙසේ පැවසීය. මෙම කොණ්ඩා හා රැුවුල් කැපීමේ දන්සල සංවිධානය කළේ මා යටතේ සේවය කරන ගාමිණී ජයලත් ජ්‍යෙෂ්ඨ ශිල්පියාගේ අදහසකට අනුවයි. 200 ත් 250 ත් අතර පිරිසකගේ කොණ්ඩා හා රැුවුල් කැපීම සිදුකළා. කාලවේලාව පිළිබඳව ගැටලූ මතුවුණු නිසා දන්සලට පැමිණි තවත් සැලකිය යුතු පිරිසකට අපගේ සේවය ලබාදිය නොහැකි වුණා. ඒ පිළිබඳව අපි කනගාටුවෙනවා කියාය.
|
තරුණියකගේ කොණ්ඩය සැකසූ අවස්ථාවේදී |

