බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා අවසන්ය. ඒ නිසාවෙන්ම මේ පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ඒ පක්ෂ විසින් මේ දිනවල මෙම පළාත් සභා සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම ලහි ලහියේ සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ මේ දිනවල තම තමන්ගේ පක්ෂ මූලස්ථානවල පැවැත්වේ. මෙවර පළාත් සභා දෙක සඳහා මැති ඇමැතිවරුන්ගේ දු පුතුන් වගේම ජනප‍්‍රිය සිනමා තාරකාවන්, ගායිකාවන් හා රූ රැජිනියන් අපේක්ෂකත්වය ඉල්ලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙති. බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මේ තාරකාවන් දෙසය. ඒ නිසාවෙන්ම ඔවුන් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයිද? යන්න දැන ගැනීමට අපි ඔවුන් හමුවීමු.
|
|
|
මම ප‍්‍රසංග වේදිකාවේ සිටින ගායිකාවක්. එතැනත් තිබෙනවා වෙනසක්. මම අවුරුදු 12ක් ප‍්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මම මිනිසුන් එක්ක හරිම සමීපව ගැවසෙන කෙනෙක්. සරල භාෂාවෙන් මා කතා කරන්නේ. මම ප‍්‍රසංග වේදිකාවට නැගලා යමක් කරලා තමයි එතනින් යන්නේ. මම ඒ පිරිසට දැනෙන්න යමක් කරලයි යන්නේ. මම පළමු ෂෝ එක කළ විදිහටමයි, 4 වැනි ෂෝ එක කරන්නෙත්. ඒක මම ජනතාවට දැනෙන්න ඉඩ තියන්නේ නෑ. මේ මගේ 4 වැනි ෂෝ එක කියලා. පළමු ෂෝ එකේ ජවයෙන්මයි මා කරන්නේ. මට තමයි ලොකුම අභියෝගය තිබෙන්නේ. නළු නිළියන් කැමරාව ඉදිරිපිට ඉන්න අය. මම ඡුන්දෙ ඉල්ලලා දිනුවත් ආපහු යන්නේ ප‍්‍රසංග වේදිකාවට. මාව මිනිස්සු නිතරම දකිනවා. නළු නිළියන් පස්සේ යන්නේ කැමරාවක් ඉදිරියටයි. ලොකුම අභියෝගය මටයි. මම සයුරක් වගේ ජනතාවට මා සමග ඕනෑම වෙලාවකට ඇවිත් කතා කරන්න පුළුවන්. බස්නාහිර පළාතේ ප‍්‍රසංගවලට මම ඕනෑතරම් යනවා. මට බොරු කරන්න බැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට පුළුවන් හින්දා තමයි මම මේක භාරගත්තේ. මම බය නෑ. මම මිනිස්සු සතුටු කරනවා. ඇයි ඒක නැති කරගන්නේ?
|
|
.jpg)

මුලින්ම හමුවුණේ දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි, ප‍්‍රවීණ සිනමා නිළි, චිත‍්‍රපට නිෂ්පාදිකා ගීතා සමන්මලී කුමාරසිංහය
ඇයි ඔබ මෙවර දකුණු පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න ඉදිරිපත් වුණේ?
ඊළඟට අපට හමුවූයේ දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටින ජනප‍්‍රිය රංගන ශිල්පිනියක හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන නදීෂා හේමමාලිය.
න්දෙ ඉල්ලන්න මා බලාපොරොත්තු වෙන්නේ?
ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන රුවන්ති මංගලාද මෙවර බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි තවත් තාරකාවකි.
ඊළඟට හමුවුණේ ප‍්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් වන ජින්ජර් වයිට්ය. ගායිකාවක් ඡුන්දෙට ඉල්ලන ප‍්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගැනීමට ජින්ජර්ද එක්වූවාය..jpg)
රංගන ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවක මෙන්ම ලෝක රූ රැජින තරගවලදී මෙරටට කීර්තියක් අත්කරදුන් ගයේෂා පෙරේරාද මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටියාය.
එයට එන්න හිතුණේ දැන් තිබෙන දේශපාලනය ගැන මිනිසුන්ගේ තිබෙන කලකිරීම හින්දයි. ජාත්‍යන්තර තලයේ තරග වලින් දිනපු කෙනෙක් විදිහට, මට හිතෙනවා ලොකු වෙනසක් මේ තුළින් කළ හැකියි කියා. දේශපාලනය ගැන මිනිසුන්ට මීට වඩා හොඳ ආකල්පයක් ඇතිකරන්න මට පුළුවන් වෙයි කියා මා තුළ විශ්වාසයක් තිබෙනවා. බලයක් මට ලැබෙනවා නම් ජනතාවට දැනෙන්න යමක් මට කළ හැකියි. ඒ අරමුණ ඔස්සේ තමයි මා මෙවර ඉදිරිපත් වුණේ.
