තමාගේම දියණියන් දුෂණය කළ තිරිසනාට දුන් දඬුවම


 

මීට මසකට පෙර ළමා අපයෝජන සිද්ධීන් සහ ත‍්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහාම ස්ථාපිත කෙරුනු අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී පසුගිය 30 වැනිදා විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ දිග හැරුණේ කාගේත් හදවත් කම්පා කරවන අනුවේදනීය කථා පුවතකි. මෙම නඩුවේ විත්තිකරු වූයේ හොරොව්පතාන කපුගොල්ලෑව පදිංචි 40 හැවිරිදි තිදරු පියෙකි. ඔහුගේම ලෙයින් මසින්ම මෙලොවට බිහිකළ ඔහුගේම දියණියන් දෙදෙනා සම්බන්ධ නඩුවකි.

චෝදනාව වූයේ ඔහු තම ලෙයින් මසින් උපන් මල් කැකුළු වන් මේ දියණියන් දෙදෙනා වරින් වර බරපතළ ලෙස දුෂණය කිරීමය. පසුගිය කාලය පුරාම මේ රටේ විවිධ ප‍්‍රදේශවලින් මල් කැකුළු වන් කිරි දරුවන් මෙන්ම 85 වියැති කිරි අම්මාවරුන්ද දුෂණය වීමේ සිදුවීම් වාර්තා විය.

ගොවිතැන් කටයුතුවල නියැලූනු මෙම තැනැත්තා සිවිල් ආරක්ෂක භටයකු ලෙසද කටයුතු කළේය.

අපි මෙම සැකකරු පියදාස යැයි නම් කරමු.

සිවිල් ආරක්ෂක සේවයට යන පියදාස වැඩ අවසන්ව ගෙදර එනවිට මත්පැන් පානය කර ඒමට පුරුදු විය. මේ වන විට මල් කැකුළු ලෙසින් වැඩෙමින් සිටි වැඩිමල් දියණියට වයස අවුරුදු 13 ක් වූ අතර දෙවැන්නියට අවුරුදු 11 ක් විය. මත්පැන් පානය කර පැමිණි එක් රාත‍්‍රියක වයස අවුරුදු 11 ක්වූ තවම වැඩිවියට වත් නොපැමිණි බාල දියණිය මේ පාපතර පියාගේ ග‍්‍රහණයට හසුවිය.

තම ලෙයින් මසින් උපන් මේ පුංචි දියණිය තම පහත් ආශාවන් සන්තර්පණය කරගන්නට යොදා ගනිමින් පියදාසගේ මේ තිරිසන් ක‍්‍රියාව සිදුවන විට මව සහ අක්කා තද නින්දේ පසුවූහ. පසුදා අක්කා නගෝ දෙදෙනා එකට පාසල් ගියද පියා විසින් පෙර දින රාත‍්‍රියේදී තමන්ට සිදුකළ ක‍්‍රියාව අක්කට පවසන්නට තරම් දැනුමක් මේ පුංචි දියණියට නොවීය. එදින ඈ පාසලේ ගත කළේද අපහසුවෙනි. එයින් දින කීපයකට පසුව අම්මා නිවසේ නොමැති අවස්ථාවක තම අක්කාටද පියා විසින් ලිංගික අතවර කරනු මේ අවාසනාවන්ත නැගණිය දෑසින් දුටුවාය.

ඉන් පසු මේ පාපතර තිරිසනා අවස්ථා කිහිපයක්ම දැරියන් දෙදෙනා බිලිගත්තේය. අක්කාට හිරිහැර කරනු නංගීද නංගීට හිරිහැර කරනු අක්කාද දුටුවහ. පියාගේ වද හිංසා එන්න එන්නම වැඩිවෙත් දී මේ දියණියන් දෙදෙනා තමන්ට වැටහෙන පරිද්දෙන් පියා විසින් සිදුකළ හිරිහැර සම්බන්ධයෙන් මවට පැවසුවෝය.

දියණියන්ගේ කතාවලින් හිස ගිනිගත් අම්මා පියදාස වැඩ ඇරී නිවසට පැමිණි පසු මේ පිළිබඳව ඔහුගෙන් විමසුවේ දෙස් දෙවොල් තියමිනි. එදිනද බීමත්ව පැමිණ සිටි පියදාස බිරිය බිමදමා පාගමින් බිම දිග ඇදගෙන යමින් පහර දුන්නේය. පියා විසින් තම මවට බිම දමා පාගමින් අමානුෂික ලෙස පහර දෙන අයුරු කාමරයේ මුල්ලකට වී ගුලිගැහී බලා සිටි මේ අක්කා නගෝ දෙදෙනා මින් පසු පියාගෙන් කුමන හිරිහැරයක් වුවද අම්මාට නොපවසා සිටින්නට තීරණය කළේ පියා විසින් මේ ආකාරයෙන් පහරදී තම මව මරා දමාවි යැයි බියවූ නිසාය.

රාත‍්‍රි සේවයේ යෙදී නිවසට පැමිණෙන මෙම පාපතර මිනිසා මග රැුක සිට පාසල් යන දියණියන් දෙදෙනාට පාසල් යන්නට නොදී හේනේ පැලට ගෙන ගොස් ඔවුන් ¥ෂණය කළේය. මේ ආකාරයට සතියකට තුන් වතාවක් පමණ වෙන් වෙන්ව මේ අවාසනාවන්ත අක්කා නගෝ දෙදෙනා මේ පාපතර මිනිසාගේ පහත් තිරිසන් ආශාවන් සන්තර්පණය කර ගැනීමට යොදාගත් බව මේ අහිංසක අසරණ දියණියන් දෙදෙනා විසින් අධිකරණයට ලබාදී ඇති කටඋත්තරවලින් හෙළිවී ඇත. දිනක් බාල දියණිය වන ශෂිකලාට හේනේ පැලට යන්නට මේ පාපතර මිනිසා කතා කර ඇත. පියාගේ මේ වද හිංසාවලට තවදුරටත් ලක්වීමට නොහැකි වූ මේ අහිංසක දියණිය ක්ෂණයකින් ඔහුගෙන් ගැලවී දිව ගොස් අසල්වැසි නිවසක ඇඳක් යටට රිංගා ගත්තේ එම නිවසේ ගෙහිමියන්ටද නොදැනෙන පරිදිය.
මේ පාපතරයාගෙන් ගැලවෙන්නට මේ පුංචි දියණිය දින දෙකක් පුරාම කෑම හා වතුර නොමැතිව ඇඳ යටට වී සැඟවී සිටිනු එම ගෙදර නිවැසියන් දැන සිටියේ ද නැත. දින දෙකක් දියණිය ගෙදර නොපැමිණීම නිසා පියදාස සිය දියණිය අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් හොරොව්පතාන පොලිසියේ පැමිණිලි පොතේ සටහන් කළේය.

පසුව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ නියෝග මත වහාම ක‍්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා එම නිවසට පැමිණියේය. තම නිවසට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඇති බවට ඇඳයට දින දෙකක් තිස්සේ සැඟවී සිටි දැරියට දැන ගන්නට ලැබුනේ එම නිවැසියන්ගේ කතා බහෙනි. වහාම ඇඳ යටින් එළියට පැමිණි ඇය තම නිවසේ සිටි පොලිස් නිලධාරීන් ළඟට දිව්වේ කඳුළු වගුරුවමිනි. දින දෙකක් තිස්සේ මව පියා සහ පවුලේ සෙසු අයත් මග හැර ගොස් සිටියේ කොහේදැයි පොලිස් නිලධාරීහු දැරියගෙන් විමසූහ. ඉන් පසු දැරිය තමන්ටත් තම අක්කාටත් තාත්තා සිදුකළ අතවර හඬමින් පැවසුවාය.

වහාම ක‍්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීන් පියා අත්අඩංගුවට ගෙන විමර්ශන මෙහෙයවීය. හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා සුමනාවතී මහත්මිය දියණියන් දෙදෙනාගෙන්, පියාගෙන් සිදුවූ සියලූ අතවර එකිනෙක විමසුවාය. තමනට පියා විසින් කලක් තිස්සේ කළ කී දෑ සියල්ල දියණියෝ දෙදෙනා පොලිස් පරීක්ෂිකා සුමනාවතී මහත්මියට පැවසූහ.

පසුව පියදාස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙරුණි. මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි මේ පාපතර මිනිසා ඇප මත නිදහස් වූ අතර නඩු විභාගය කඩිනමින් අවසන් කිරීම සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණයට යොමු කෙරුණි.

ඇප මත නිදහස්ව පැමිණි මේ පාපතරයා නිදහස්ව පැමිණි දින සහ ඉන් පසුවද තම දියණියන් දෙදෙනා දුෂණය කළ බවට මේ නඩුව විභාග කෙරුණු අතරතුරදී අධිකරණයේදී අනාවරණය විය. පසුගිය කාලය පුරා විභාග කෙරුණු නඩුව පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දින විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ යළි කැඳවිණි. එහිදී තමාගේම ජාතක දියණියන් දෙදෙනා කලක් තිස්සේ වරින් වර බරපතළ ලෙස දුෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකාර පියාට එරෙහිව නගා තිබූ අධිචෝදනාවලට ඔහු විශේෂ මහාධිකරණය හමුවේ වරද පිළිගනු ලැබීය. මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මෙම නඩුවට අදාළව ලබාදුන් තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් වනු නොඅනුමානය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියන් අධිකරණයට කියා සිටියේ විත්තිකරු බරපතළ ලෙස දුෂණය කර ඇත්තේ ද අපයෝජනය කර ඇත්තේද තමාගේම දියණියන් දෙදෙනා බවයි. එසේ හෙයින් විත්තිකරුට නීතියේ ප‍්‍රතිපාදන මත ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසද රජයේ නීතිඥවරියෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥ ප‍්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු සියලූ චෝදනාවන්ට වරද පිළිගන්නා බවත් ඉදිරියේදී යහපත් අයකු ලෙස සමාජ ගතවීමට හැකි වන පරිදි ඔහුට අවම දඬුවමක් ලබාදෙන ලෙසය. විනිසුරුවරිය අධිකරණය අමතමින් කියා සිටියේ තමා විසින් පෝෂණය කළ යුතු තමා යටතේ රැුකවරණය ලබමින් සිටි තමාගේම ජාතක දියණියන් දෙදෙනා විත්තිකරු විසින් බරපතළ ලෙස දුෂණය කර මෙන්ම අපයෝජනය කර ඇති බවයි.

විත්තිකරුට සහනයක් ලබාදීමට තරම් කිසිදු සාධාරණ සහ යුක්ති සහගත හේතුවක් නැති බවද කියා සිටි විනිසුරුවරිය විත්තිකරුට එරෙහිව පවතින චෝදනා සියල්ලට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බවද කීවාය. ඒ අනුව විත්තිකරුට එරෙහිව පවතින වැඩිමහල් දියණිය දුෂණය කර අපයෝජනය කිරීමේ පළමු නඩුවේ චෝදනා තුනට වෙන් වෙන්ව වසර විස්ස බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව කියා සිටි විනිසුරුවරිය එම සියලූ දන්ඩනයන් වෙන් වෙන් වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කරන බවද සඳහන් කළාය.

විත්තිකරුට එරෙහිව ඇති දෙවැනි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එම අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී සිටි විත්තිකරු විසින් බරපතළ ලෙස කෙලෙසා ඇති දියණියන් දෙදෙනා ඇමතූ විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය එම දියණියන් දෙදෙනාගෙන් විමසුවේ පියා ගෙදර ඒමට අවශ්‍යද කියාය.
එවිට විත්තිකරුගේ දියණියන් දෙදෙනාම එක වරම තම පියා ගෙදර රැගෙන යාමට අවශ්‍ය නැති බව විනිසුරුවරියට දැනුම් දුන්හ. පසුව විත්තිකරුට එරෙහිව තිබූ දෙවැනි නඩුවේ තීන්දුවද ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ වයස අවුරුදු 13 ක් පමණ වන තමාගේම බාල දියණිය වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව පවතින චෝදනා තුනටද වෙන් වෙන් වශයෙන් වසර විස්ස (20) බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් විත්තිකරුට නියම කරන බවයි.

එම සිර දඬුවම්ද වෙන් වෙන්ව ගෙවී යා යුතු බවට නියෝග කරන බවද විනිසුරුවරිය කීවාය. පසුව යළිත් විත්තිකරු විසින් කෙලෙසා ඇති ඔහුගේ දියණියන් දෙදෙනා සහ මව විවෘත අධිකරණයේදී ඇමතූ විනිසුරුවරිය එම දියණියන් දෙදෙනාට කියා සිටියේ දැන් කරදර සියල්ල අවසන් බවයි. දැන් ගෙදර ගිහින් අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නැයිද එම දියණියන්ට දැනුම් දුන් විනිසුරුවරිය වයස අවුරුදු 16 හැවිරිදි දියණියට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප‍්‍රමාණවත් නැති බවත් ලබන වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට  පෙනී සිටීම සඳහා හොඳින් සූදානම් වන ලෙසත් දැන්වූවාය.
දැන් අතීතයේ සියලූ සිදුවීම් අමතක කර හොඳින් ඉගෙන ගෙන මව හොඳින් රැුක බලා ගන්නා ලෙසද දියණියන්ගෙන් ඉල්ලා සිටි විනිසුරුවරිය යළි කිසිදු දිනයක දියණියන්ගේ තාත්තා ගෙදර නොඑන බවද කීවාය. විත්තිකරුට දඬුවම් නියම කිරීමෙන් පසුව විත්තිකරුගේ බිරිඳ සහ ඔහුගේ දියණියෝ දෙදෙනා ඔහු දෙස නොබලාම විවෘත අධිකරණයෙන් පිටව ගියහ.