ඉකුත් 02 වැනි දින උදේ 11.45 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ අම්පාර පුවත්පත් අලෙවිසැලේ හිමිකරු රෝහණ මහතා ගෙනි. වසන්ත අයියේ ෆිනෑන්ස් එකේ ගින්නක් යැයි ඔහු පැවසීය. කැමරා ආම්පන්න ද රැුගෙන ඉතා සුලූ මොහොතකදී මම එම ස්ථානයට ළඟා උනෙමි. ඒ වන විටද විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
ඒ වෙන විටත් එම ස්ථානය ඉතා කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි. අදාළ ෆිනෑන්ස් ආයතනයේ පහළ මහල ගින්නෙන් විනාශ වී තිබුණි. ඒ වෙන විටත් අවට පිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටියහ.
ගින්නට හේතුව කුමක්දැයි සොයා බැලීමේදී එම ස්ථානයට රැුස්ව සිටි පිරිසකගෙන් විමසීමේදී දැනගන්නට හැකි උනේ මෙම ආයතනය ඇතුළට පැමිණි පුද්ගලයෙක් පෙට්ට‍්‍රල් දමා තම සිරුරට ගිනි තබාගත් බවයි. ඔහු අම්පාර මහ රෝහලට ඇතුළත් කළ බවද ඒ අවට සිටි පිරිස පැවසූහ.
මා අම්පාර මහ රෝහලට යන අවස්ථාවේදී අම්පාර මහ රෝහලේ ප‍්‍රාථමික ප‍්‍රතිකාර ඒකකයේදී ඉහත සඳහන් ගිනි තබාගත් අයට වෛද්‍යවරුන් ඇතුලූ හෙද කාර්ය මණ්ඩලය ක්ෂණික ප‍්‍රතිකාර ලබාදෙමින් සිටියහ. උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මලී රූපසිංහ මහත්මිය සහ නිර්වින්දන විශේෂඥ, වෛද්‍ය එස්. සිවරූපන් මහතා සහ අනෙක් වෛද්‍ය හෙද කාර්යය මණ්ඩලය සහය කාර්ය මණ්ඩලය ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කටයුතු කරන ආකාරය දැකගන්නට හැකිවිය. අධික ලෙස පිළිස්සී තිබුණු ඔහුට ලබා දිය යුතු ප‍්‍රතිකාර ලබාදී ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුදින අලූයම මිය ගියේය.
අම්පාර දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරාන පැරණිගම පදිංචි සරත් ගුණරත්න නොහොත් මනෝ දෙදරු පියෙකි. වෘත්තියෙන් රියදුරකු වූ ඔහු කොළඹ අම්පාර බස් රථවල රියදුරෙකු වශයෙන් ද සේවය කළේය. පසුව ඔහු රියදුරු රැුකියාව සඳහා විදේශ ගතවිය. අවුරුදු 05 ක් විදේශ ගතව සිට පැමිණ තමන්ටම කියා ටිපර් රථයක් මිලදී ගත්තේය. එම ටිපර් රථයේ රියදුරු ලෙසම වැඩ කර පසුව ඔහු නැවත වරක් විදේශ ගතවී වසර දෙකක් සේවය කර නැවතත් පැමිණ ඇත.
විදේශයේ සිට පැමිණි ඔහු ප‍්‍රවාහන සේවය වැඩිදියුණු කිරීමට කටයුතු කළේය. තව ටිපර් රථයක්, බස් රථයක්, කැබ් රථයක් ලීසිං කර ලබාගත් ඔහු තම ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කිරීමට උත්සාහ කළේය. ඔහු ඒ සඳහා අම්පාර ෆිනෑන්ස් ආයතනයකින් මෙම වාහන මිලදී ගැනීමට කටයුතු කළේය. මීට අමතරව අම්පාර කල්මුනේ පාරේ කුඩා හෝටලයක්ද ආරම්භ කරනු ලැබීය. කලක් සාර්ථකව මෙම කටයුතු කරගෙන යන අවස්ථාවේ විවිධ හේතූන් මත ඔහු ලබාගත් වාහනවල ලීසිං කටයුතු ගෙවීම අත පසු විය. පසුව ඔහු තමන්ගේ එක් කැබ් රථයක් අදාළ ෆිනෑන්ස් ආයතනයට භාරදීමට කටයුතු කළේය. පසුව ඔහුට එම ආයතනයෙන් ගත් ටිපර් රථ දෙක පමණක් ඉතිරිවිය.
පසුව ඔහු එම මූල්‍ය ආයතනයට ගොස් තමන්ට සිදුවී ඇති අපහසුතාවය පිළිබඳ පැහැදිලි කිරීමෙන් පසුව ඉතා ඉක්මනින් ව්‍යාපාර කටයුත්ත කර වාහන දෙකේ හිඟ මුදල් ගෙවන ලෙසට තම පියාට උපදෙස් දුන් බව මියගිය සරත් ගුණරත්නගේ වැඩිමහල් පුතා වන ඉන්දික ප‍්‍රභාත් ගුණරත්න පවසයි.
ඉකුත් 02 වැනි දින උදේ 1130 ට පමණ සරත් ගුණරත්න අම්පාර නගර මධ්‍යයේ පිහිටි අදාළ ෆිනෑන්ස් ආයතනය වෙත පැමිනියේය එහිදී සිදුවූ දේ පිළිබඳව එම සිදුවීමට මුහුණ දුන් ෆිනෑන්ස් ආයතනයේ සේවක සේවිකාවන් මෙසේ පැවැසූහ.
ඉන්දික ප‍්‍රභාත් ගුණරත්න (මියගිය සරත් ගුණරත්නගේ පුතා) : ”අපේ තාත්තගේ වාහන ඇරියස් උණා. පසුව තාත්තා එක වාහනයක් ගිහින් භාර දුන්නා. තවත් ටිපර් දෙකක් තිබුණා. තාත්තා ගිහින් කතා කරපුවාම ඒ ආයතනයෙන් කියල තියෙනවා. වාහනේට ටයර් දාගෙන දුවන්න කියලා. ඒක හින්දා තාත්තා රුපියල් ලක්ෂ දෙකක් ණය වෙලා ටයර් දාලා එක දවසයි ගල් ඇද්දේ. දෙවෙනි දවසේ වාහනය ඉස්සුවා. තාත්තා ඒකට හිතේ අමාරුවෙන් හිටියේ. දවස් දෙකක් විතර කෑම කෑවේ නැහැ. කල්පනා කර කර හිටියා. තාත්තා උත්සාහ කළේ ඒ උස්සපු ටිපර් එකෙන් වැඩ කරලා මේ ණය අඩුකර ගන්න. තාත්තා කැමැති නැහැ වාහන උස්සනවට. ඒක තමයි කලින් වාහනය ගිහින් භාර දුන්නේ. ඒ අය කිව්ව නිසා තමයි ලක්ෂ දෙකක් ණය වෙලා ටයර් දාලා දුවන්න පටන් ගත්තේ. නැතිනම් කීයටවත් ණයට ටයර් දාන්නේ නැහැ. වාහනය භාර දෙනවා. අපේ තාත්තා මේ වගේ තත්ත්වයට පත් කළේ මේ ආයතනය කියල මම චෝදනා කරනවා.
ප‍්‍රභාත් අස්මඩල ප‍්‍රාදේශීය කළමනාකරු : ”මේ මියගිය අය අපේ පාරිභෝගිකයෙක්. අපි මෙයාට වාහන තුනකට ලීසිං පහසුකම් අරන් දීලා තියෙනවා. ටිපර් දෙකකට සහ ටාටා කැබ් එකකට තමයි ලීසිං දීලා තියෙන්නේ. මේ වාහන තුනේම වාරික 06 කට වැඩිය ඇරියස් තිබුණා. නමුත් අපි ඒවා ගත්තේ නැහැ. නමුත් එක කැබ් එකක් එයා ගෙනත් දුන්නා. නමුත් වාරික ගෙවීම සිදුවුණේ නැති නිසා අපි මේ වාහනය අත්පත්කරගත්තා. අපි මහ බැංකුවේ ලියා පදිංචි ආයතනයක්. අපි මහජන මුදලින් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. මේ මුදල්වලට අපි වග කියන්න ඕනේ. මේ පාරිභෝගිකයාට අපි වාහන තුනටම විශාල සහන දීලා තියෙනවා. මේ වාහන තුනේම ඇරියස් එක ලක්ෂ 12 ක් විතර වෙනවා. අපි අවුරුද්දක ඉඳන් මේ පාරිභෝගිකයාට පහසුකම් දුන්නා. බැරි තැන තමයි අපි එක වාහනයක් ගත්තේ. තව එක ටිපර් එකක් තියෙනවා ඒක අපි ගත්තේ නැහැ. ඊළඟ කාරණේ තමයි අපි ටයර් දාලා දුවන්න කියලා කිව්වේ නැහැ. අපේ කිසිම නිලධාරියෙක් කිව්වේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා.”
ශි‍්‍රයාණි ස්වර්ණලතා බිරිඳ : ”උදේ අටට විතර මහත්තයා ගෙදර ආවා. ඇවිත් නිදිය ගන්න ඕනෑ කිව්වා. මට එකොළහට විතර කතා කරන්න කිව්වා. මම බත් කන්න ගෙනත් දුන්නා කෑවේ නැහැ. පස්සේ මම තේ එකක් ගෙනත් දුන්නා. තේ එක බිව්වේ නැහැ. මට විනාඩි 10 ක් නිදාගන්න දෙන්න කිව්වා. මම නිදිය ගන්න දුන්නා. එයා නිදිය ගත්තා. පස්සේ එයාගේ පෝන් එකට කෝල් එකක් ආවා. එයා ඇහැරුණා. මට කිව්වා මම ෆිනෑන්ස් එකට යන්න ඕන කියලා ගියා. ඊට පස්සේ 12.30 ට විතර කෝල් එකක් ඇවිල්ලා තිබ්බා. නංගීගේ පෝන් එකට මනෝ අයියා ගිනි තියා ගත්තා කියලා. ඇඬු කඳුළින් පැවසුවාය.
අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකා තිලක ජයසිංහ මහතා : ”අම්පාර නගරයේ ගින්නක් හටගෙන කියල අපිට තොරතුරු ලැබුණා. අපි ඉතා ඉක්මණින් ඒ ස්ථානයට ගිලන් රථ යැව්වා. ඒ වෙන විට බරපතල ලෙස පිච්චුණු රෝගියෙක් රෝහලට අරගෙන ආවා. එම අවස්ථාවේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අපේ කාර්ය මණ්ඩලය මෙම රෝගියාට ප‍්‍රතිකාර ලබා දුන්නා. පසුව ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. මේ තැනැත්තාගේ සිරුර සියයට අසූවක් විතර බරපතල ලෙස පිච්චිලා තිබුණා. පසුදා අලූයම එම පුද්ගලයා මියගියා.”
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව මැදවත්ත මහතා : ”ඇත්තටම අම්පාර පෞද්ගලික මූල්‍ය ආයතනයේ උන සිදුවීම වැරදි පුර්වාදර්ශයක්. මැරුණු පුද්ගලයාට වාහන 06 ක් තියෙනවා. තමන්ට නඩත්තු කරන්න පුළුවන් නම් වාහන ඕනෑ තරම් ගත්තට කමක් නැහැ. හැබැයි අපි දැන ගන්න ඕනේ අපිට මේ වැඬේ කරන්න පුළුවන්ද කියලා. තමන්ට හැකි ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒ පුද්ගලයා ගිනි තියාගෙන මැරුණා කියලා ප‍්‍රශ්නය විසඳගන්න බැහැ. තව ප‍්‍රශ්න වැඩිවෙනවා. මේ ගින්නට අහුවෙලා තව කීප දෙනෙක් හරි මැරුණා නම් ඇති වෙන තත්ත්වය ඉතා භයානකයි. මේ පුද්ගලයා කරපු වැඬේ කාටවත් අනුමත කරන්න බැහැ. ඊළඟ කාරණය රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ණය ගත්තාම ගෙවන්න වෙනවා. නැත්නම් නඩු දානවා. ඒ ආයතනවල අය කරන්නෙත් රැුකියාවක්. කාටවත් ඇඟිල්ල දිග් කරන්න ඉඩ තියන්නේ නැතිව කටයුතු කිරීම තමන්ගේ වගකීමක්.” යැයි අම්පාර ප‍්‍රජා සේවකයන් හමුවකදී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව මැදවත්ත මහතා පැවැසීය.
කවුරුවත් නොසිතූ පරිදි තවත් ජීවිතයක් නොසිතූ විදිහට අහිමිවී ගියේය. නොසිතූ විලස සිදුවූ මෙම ඛේදවාචකය පවුලේ ඥාතීන් මෙන්ම යාලූ හිත මිත‍්‍රාදීන් දැඩි කම්පාවකට ලක්ව ඇත. මෙම සිදුවීම සමගම සරත් ගුණරත්න ගේ පවුල ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. ඔහු මියගියත් ඔහු සතුව ඇති අනෙක් වාහනයද මාස කීපයකට වාරික මුදල් ගෙවීමට තිබේ. එය ගෙවා ගැනීමට නොහැකි වුවොත් එම ටිපර් රථයද එම ආයතනයට දීමට බිරිඳට සිදුවේ. එවිට සිදුවන්නේ තමන්ට දුන් මුදලත් මෙතෙක් ගෙවන ලද වාරිකත් දඩ පොලියත් සියල්ල අහිමිවීමයි.


