ටයිටැනික් සියවස සපුරයි By None // 2012 ජන 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නිව්යෝර්ක් නුවර බලා තම මංගල ගමන ඇරැුඹූ ආර්.එම්.එස්. ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් මස 15 වැනි දින රාත‍්‍රි 11.40ට අත්ලාන්තික් සාගරයේ අයිස් කන්දක ගැටීමෙන් පැය 2කුත් විනාඩි 40කදී මුහුදු බත් විය. මගීන් 1523 දෙනෙක් මියගියහ. 800ක් දෙනා දිවි බේරා ගත්හ. මේ ඛේදවාචකයේ සියවස සපිරෙන දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ටයිටැනික් නැවෙන් ගොඩගත් භාණ්ඩ 5500ක් වෙන්දේසි කරයි. මීටර 4000ක් ගැඹුරු මුහුදු පතුලේ ඇති ටයිටැනික් නැවේ භාණ්ඩ ගොඩගැනීම 1987-2004 දක්වා කාලසීමාවේදී සිදුවිය. ඒ ආකාරයට ගොඩගත් භාණ්ඩ සුළු ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා 2007 වර්ෂයේදී නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකින් ඉපැයූ ආදායම ඩොලර් දහ අටකෝටි අනූ ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 2097කි. කෑම වට්ටෝරු, රෙදිපිළි, රන් බඩු, වයින් බෝතල්, තොප්පි, මගීන් විසින් ලියැවුණු ලියුම් ආදිය එසේ වෙන්දේසි කැරණි. ටයිටැනික් සමාන ඛේදවාචකයක් ඉතාලියේදී සිදුවිය. කොස්ටා කොන්කෝඩියා නැව ඉකුත් 14දා මුහුදු බත් විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත