ජනපතිතුමනි, ජනතාවට වෙච්ච බාරේ ඔප්පු කරන්න


232

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනපති ගේ හා රනිල් වික‍්‍රමසිංහ අගමැතිගේ දින සියයේ වැඩපිළිවෙළ හා ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය ගැන පොදු අපේක්ෂකයකු සොයන්නට මුල්වූ කෝට්ටේ නාග විහාරාධිපති සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිගෙන් අපි මෙසේ විමසීමු.

   21-Page-8-M-head 

 
button ප‍්‍රශ්නය-: ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යන මූලික අඩිතාලම දැම්මේ ඔබහන්සේ. මෛත‍්‍රී පොදු අපේක්ෂක ලෙස තෝරා ගන්න ඔහු සමග කොහොමද සාකච්ඡුා කළේ?
පිළිතුර-:
මේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු  ඕනෑ කියා අපි කිව්වේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනපති ක‍්‍රමය අහෝසි කරන්නයි. එය මහින්ද රාජපක්ෂ මහතා මගින් කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. ඉන් පසු පොදු අපේක්ෂකයකු කෙරෙහි අවධානය යොමු කරද්දි කවුරුවත් ඉදිරිපත් වුණේ නැතිනම් මා ඉදිරිපත් වනවාය කියන මතයේ හිටියේ. ඒ ගැන සියලූ පක්ෂ සමග සාකච්ඡුා කළා. අවසාන මොහොතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වුණා. ඔහු ඉදිරිපත් වන්න පෙර මා ඒ ගැන ඔහු සමග සාකච්ඡුා කර තිබුණේ නෑ. වෙන වෙන පුද්ගලයන් හරහා ඔහු ඉදිරිපත් වන බව දැනගෙන හිටියා.

 


button ප‍්‍රශ්නය:- මහින්ද පරදා මෛත‍්‍රී ජනාධිපති කළේ ඇයි?
පිළිතුර:-
අපි උත්සාහ කළේ මහින්ද පුටුවෙන් ඇද දමා මෛත‍්‍රී වාඩිකර වීමට නෙමේ. අලූත් ප‍්‍රතිපත්ති වාඩිකර වීමට. අපි අපේක්ෂා කළේ පුද්ගල මාරුවක් නොවෙයි. ප‍්‍රතිපත්ති මාරුවකුයි අපේක්ෂා කළේ.

 


button ප‍්‍රශ්නය-: මේකට සම්බන්ධ වෙද්දි රාජපක්ෂවරුන්ගෙන් තර්ජන ආවද?
පිළිතුර:-
නෑ එහෙම කෙලින්ම ආවේ නෑ. විවිධ පුද්ගලයන්ගෙන් පණිවුඩ නම් ආවා.

1


button ප‍්‍රශ්නය-: මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම ගැන සමාජයේ විවිධ මත තිබෙනවා. ඔහු ඉවත් කළ ක‍්‍රමය හරිද?
පිළිතුර:-
ඔහු නීත්‍යනුකූලව පත්වුණු කෙනෙක් නොවෙයි. ඔහුගේ පත්වීම වැරදියි එය පිළිගන්නේ නෑ කියා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය දෙවරක් දැනුම් දී තිබෙනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළ විදිය වැරැුදියි. ඇය අයින් කරලා නෑ. ගිය මාසයේ තමයි ඇය විශ‍්‍රාම ගියේ. මොහාන් පීරිස් මහතා හිටපු එක වැරදි. ඔහු දුන්නු තීන්දුත් වැරදි එහෙනම්.

 


button ප‍්‍රශ්නය-: ඔබවහන්සේ මුල ඉඳන්ම හිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න  ඕනෑ කියන මතයේ. නමුත් හෙළ උරුමය ඉන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර ඇතැම් බලතල අඩු කළ යුතුයි කියන මතයේ. මෙතන පටලැවිල්ලක් තිබෙනවා නේද?
පිළිතුර-:
අපි හැමවිටම නම්‍යශීලීයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන එක තමයි අපේ ප‍්‍රතිපත්තිය. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ දින සියයක වැඩ පිළිවෙළක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ජනමත විචාරණයකට කල් මදි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන්න පුළුවන්.  අපි යෝජනා කරනවා එහෙම නම් 17 සංශෝධනය නැවත ක‍්‍රියාත්මක කරන්න. මේ ගමන මෙතනින් අවසන් වෙන්නේ නෑ. අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් එනවනේ අනාගතේ. ඒකෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දමා නාමමාත‍්‍රික ජනාධිපති කෙනෙක් තියමු.  

 


button ප‍්‍රශ්නය: පසුගිය ආණ්ඩුවේ විවිධ පුද්ගලයන්ට දූෂණ චෝදනා එල්ල වූ බව කිව්වත් මේ ආණ්ඩුවෙන් තවම ඒවා හරි හැටි හොයන්න පටන් අරගෙන නෑ නේද? ඇයි හොරු අල්ලන්න මන්දගාමී?
පිළිතුර:-
ඒකේ දුර්වලකමක් තියෙනවා. මන්දගාමියි. නමුත් මැතිවරණයේ දී 2ප‍්‍රධානම මාතෘකාව ඒක. අපේ මහා ධනස්කන්ධය කොල්ල කාලා, අපේ සල්ලි උදුරගෙන තියෙනවා, මංකොල්ල කාලා තියෙනවා කියා තමයි මිනිස්සු නැගිට්ටේ. මිනිස්සු ඡුන්දය දුන්නේ ඒකටයි. ඒ නිසා මේක මන්දගාමී ස්වභාවයෙන් යන්න දෙන්න එපා. අපට වාහන නෑ, අපට නිලධාරීන් නෑ, අපට කාර්යාල පහසුකම් මදි කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අය කියනවා. ඒකයි මේවා හොයන්න කල්යන්නේ කියනවා. පහුගිය කාලේ පාවිච්චි කරපු වාහන මහ පාරේ ගොඩ ගහලා තියෙනවා දකිනවානේ. ඒවා මේකට දෙන්න. රස්සාවල් ඉල්ලන සුදුස්සො ඉන්නවා. විශ‍්‍රාම ගිය උසස් නිලධාරීන්ට අඩ ගැහුවොත් ඔයාලා එන්න අපට උදව් කරන්න කියලා පඩි නැතුව එනවා. රජය මීට වඩා වැඩි අවධානයක් මේකට යොමු කරන්න  ඕනෑ. මෙහෙම ගියොත් හොරු පැනලා යනවා. ෆයිල් ඔක්කොම අතුරුදන් වේවි. තිබිච්ච කුඩු වාෂ්ප වෙලා යාවි. ලෙඩා මැරෙන්න කලින් මේක කරන්න. මේකට ප‍්‍රමුඛස්ථානය දෙන්න.

 


button ප‍්‍රශ්නය-: ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අතුරු අයවැය ගැන සෑහිමකට පත් විය නොහැකි බව සමහරුන් කියනවා. ඔබ සෑහීමකට පත්වෙනවාද?
පිළිතුර:
ඇත්තටම තවම ගත වුණේ මාසෙකුයි දවස් කිහිපයයිනේ. තෙල් මිල අඩුවුණා. කිරිපිටි මිල අඩුවුණා. ආහාර ද්‍රව්‍ය රැුසක මිල අඩුවුණා. වීවල සහතික මිල රුපියල් 50ට නැග්ගා. තේ නිෂ්පාදකයන්ට මිලක් නියම කළා. හිතුවට වඩා හුඟක් දේවල් සිද්ධ වුණා. මේවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමේ දී යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා හදා ගන්න  ඕනෑ. නමුත් මේ සහන නිසා මාසෙකට රුපියල් පන් දහසක පමණ ඉතිරියක් තිබෙනවා මිනිහෙකුට.

 


buttonප‍්‍රශ්නය-: දින සියයේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? එය හරියට වෙනවද?
පිළිතුර-
අපේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළේ හය මාසයක් තුළ මෙය ඉෂ්ට කරන්න කියලයි.  හය මාසයක් කල් දුන්නේ. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම කිව්වා හයමාසයක් දෙන්න බෑ මේකට. අපි දින සියයෙන් කරන බව.  අපි කිව්වා දවස් සියයකින් නොවෙයි දවස් දෙකකින් කරන්න තිබුණත් අපි කැමතියි කියා. කරන්න බැරි කමයි අපි කතා කළේ. දවස් සියයකින් කරන්න පුළුවන් නම්, ඔවුන් වටා අපට වඩා නීති විශාරදයෝ ඉන්නවානේ. ඔවුන් කියනවා නම් හරි අපි එකඟ වෙන්නම්. එය හරි දුෂ්කර වැඩක්.

 


button ප‍්‍රශ්නය-: මැතිවරණ ක‍්‍රමය දින සියය තුළ වෙනස් කරයිද?
පිළිතුර:-
ඒක තමා ඔවුන් කියන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න දින සියය තුළ කල් මදි කියලා. ආසනවලට භූමි සීමා තීරණය කරන්න  ඕනෑ. ජනගහන සීමා හදන්න  ඕනෑ. ඒක තමයි අපි කිව්වේ හය 3මාසයක් ගන්න කියලා. දැන් මදි කියන කතාව කියන්න එපා. මේක දෙයියන්ට වුණු බාරයක් වගෙයි. විහාරමහා දේවි උද්‍යානයට  ඕගොල්ලෝ අපි රැුස්වෙලා දේශපාලන පක්ෂ, කණ්ඩායම් 49ක් එතැන මුළු මහත් ජනතාවට බාරයක් වුණා. අපි දින සියයක් ඇතුළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා, දින සියය ඇතුළේ 17 වැනි සංශෝධනය නැවත ක‍්‍රියාවට නංවනවා, අපි දින සියයක් ඇතුළේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කර අලූත් මැතිවරණ ක‍්‍රමයකට යනවා කියා ජනතාවට බාරයක් වුණා. මේක දෙයියන්ට වුණු බාරයක් වගෙයි. ඒ බාරේ ඔප්පු කරන්න හරියටම දින සියයයි තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා වෙච්ච බාරේ ඔප්පු කරන්න හරියට.
දෙයියන්ට බාර වෙලා, නිකන් කුණු ඇපල් ගෙඩියකුයි කුණු අන්නාසි ගෙඩියකුයි දීලා දෙයියෝ රවට්ටන්න එපා. ජනතාව රවට්ටන්න එපා. බාරේ හරියට ඔප්පු කරන්න.

 


button ප‍්‍රශ්නය-: ඉදිරි මැතිවරණය පැවැත්විය යුත්තේ පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ ද?
පිළිතුර-
: අපි නොවෙයි එතුමා පොරොන්දු වුණානේ අලූත් ඡුන්ද ක‍්‍රමයක් යටතේ තියෙනවා කියා. කියපු දේ කරන්න.

 


button ප‍්‍රශ්නය:- 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් මොකද කියන්නේ?
පිළිතුර-:
මේ සංශෝධන ටික එන්නේ 19 වැනි සංශෝධනය යටතේයි.

 


button ප‍්‍රශ්නය:- ශ‍්‍රීලනිපයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කර ගත්තා. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද ද? නිමල් සිරිපාල ද? අලූත් කෙනෙක් ද?
පිළිතුර:
මේක මහත්තයෝ මෙලෝ මිනිහෙකුට තේරුම් ගන්න බැරි තත්ත්වෙක ඉන්නේ. දැන් අන්ධ මන්ද වෙලා අපි ඔක්කොම ඉන්නේ.  ජනාධිපතිතුමා සිරිසේන මහත්මයා ලබන ඡුන්දෙදි රැුස්වීම්වලට යනවා ද? ගියහම යූඇන්පී එකට බණිනවාද? එතකොට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයට විරුද්ධව වැඩ කරනවද කියා ප‍්‍රශ්නයක් එනවා. ඊළඟ මැතිවරණය පක්ෂ වශයෙන් තරඟ කරනවා ද?

 


button ප‍්‍රශ්නය:- ඉදිරි මැතිවරණයේ දි සිදුවිය යුත්තේ කුමක් ද?
පිළිතුර:
අපි අදහස් කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ස්වාධීනව සිටිය යුතුයි. එතුමාට පුළුවන්නම් ආරාධනා කරන්න ඔක්කොම පක්ෂවලට පොදු සන්ධානයක් හදන්න, පක්ෂ න්‍යාය පත‍්‍ර වෙනම තියා ගන්න. නෙල්සන් මැන්ඩෙලා කළා වගේ ඔක්කොම එකතු වෙන්න. දෙමළ, මුස්ලිම් හැමෝමත් එකතු කරගෙන අවුරුදු පහක් හොඳට ආණ්ඩුව කරන්න. ව්‍යවස්ථා සංශෝධන කරන්න. එතකොට මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්තරීතර මනුස්සයෙක් වෙනවා.

 


button ප‍්‍රශ්නය:- මේ පක්ෂ වෙන වෙනම ඉල්ලූවොත් ඔබවහන්සේගේ සහයෝගය ලැබෙන්නේ කාටද?
පිළිතුර:
කිසිම පක්ෂයකට මගේ සහයෝගය ලැබෙන්නේ නෑ. මා කිසිම පක්ෂයකට අයිතිත් නෑ. පක්ෂ දේශපාලනයට සහයෝගය දෙන්නෙත් නෑ.

 

m