කිරි දෙනුන්න් හිඟයට විද්‍යාත්මක පිළියමක් By None // 2012 නොවැ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උසස් ආරේ කිරිදෙනුන් බෝකිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සමත් විය. ඇමෙරිකාවේ කොලරාඩෝ සරසවිය සමග සිදු කළ පරීක්ෂණයක් අනුව ගැහැනු පිරිමි බව කලින් නිර්ණය කළ ශුක්‍රාණු ජෛව තාක්ෂණයෙන් එළදෙනකගේ ගැබෙහි තැන්පත් කරීමෙන් පසු පළමු පැටවා බිහිකර ගැනීමට ඔවුහු සමත් වූහ. කිරි වැඩියෙන් ලබා ගත හැකි එළදෙනුන්ගේ අඩුව මකා ගැනීමට මේ ක්‍රමය උපකාරිවෙතියි පර්යේෂණය මෙහෙය වූ අභිජනන විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් කියයි. ඇමෙරිකාවෙන් ගෙන් වූ එම ශුක්‍රණු කෘත්‍රිම සිංචනය මගින් එළදෙනකුගේ ගැබෙහි තැන්පත් කිරීමෙන් පළමු පැටවා නුවරඑළියේදී බිහි විය. ‘ලක්ෂ්මී‘ යනුවෙන් ඒ පැටවාට නම තබා ඇත. කේ.එම්. මුත්තුසාමි කිරි ගොවියාගේ ‘රාණි‘ නම් ප්‍රිෂියන් එළදෙනගේ කුසින් බිහිවූ ‘ලක්ෂ්මි‘ දෙමුහුන් ජර්සි පැටවෙකි. ආචාර්ය අලෙක්සැන්ඩර් පැවැසුයේ මෙවැනි පැටවකු පිටරටින් ගෙන්වීමට රුපියල් ගලක්ෂ 3-5 අතර මුදලක් වැය වන බවයි. එහෙත් තම පර්යේෂණය අනුව වැය වනුයේ රුපියල් 6000 - 8000 අතර මුදලක් බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ස්වභාවිකව හා කෘතිම සිංචනයෙන් ලබා ගන්නා පැටවුන්ගෙන් සියයට පනහක් පිරිමි සතුන් වීමයි ගැහැනු පිරිම බව ශුක්‍රාණුවලින් කලින් වෙක් කර ගැනීමේ පර්යේෂණ නිසා එළදෙනුන් වැඩියෙන් බිහිකර ගැනීමේ අවස්ථාව සැලසෙන බවයි. වසර දෙකක් පමණ වන විට තනිකරම අපේම පර්යේෂණවලින් ගැහැනු සතුන් බෝකරගත හැකිවෙතියි ඔහු විශ්වාසය පළ කරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත