ඉන්දියානු ආරක්ෂක උපදේශක ලංකාවට ආවේ මොකටද?


 

7pg-17da--main-pgs

 

කලාපයේ ආරක්ෂාව සඳහා චීන සබ්මැරීන ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම ගැන දැඩි අවධානයෙන් පසුවන ඉන්දියාව මෙම ගමන් ගැන නොසතුටින් පසුවන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

 

ශ්‍රී ලංකාවේ අසල්වැසියා ඉන්දියාවයි. දේශපාලන සබඳතා, අසල්වැසියා වීම හා ආර්ථික සබඳතා ඇතුළු විවිධ හේතු මත ශ්‍රී ලංකාවට ඉන්දියාවේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් යති-එති. ඉතාමත් මෑත කාලයේ එනම් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානුවා වූයේ එරට ආරක්ෂක උපදේශක ආචාර්ය අජිත් කුමාර දෝවල් මහතාය. ශ්‍රී ලංකා රජයේ ආරාධනය මත විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ආචාර්ය දෝවල් මෙරටට පැමිණ ඇත. මෙය ආචාර්ය දෝවල්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි.


ඉන්දියානු පොලිස් සේවයේ හා එහි ජාතික රහස් තොරතුරු සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් දීර්ඝ කාලීන පළපුරුද්දක් ලබා සිටි ඔහු විශ‍්‍රාම ලැබීමෙන් පසු ඉන්දියානු රජයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් සේවය කරයි.


ගාල්ල, ලයිට් හවුස් හෝටලයේ පැවැති ජාත්‍යන්තර නාවික සමුළුව, ගාල්ල කථිකාව - 2014 සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ ආචාර්ය දෝවල්ය.
ආචාර්ය දෝවල් තම දේශනය කරමින් ශ්‍රී ලංකාවට කිසියම් අනතුරු ඇඟවීමක් කළ ද යන සැකය මේ වනවිට ඇති වී තිබේ.


එහිදී ඔහු ප‍්‍රකාශ කරනු ලැබ ඇත්තේ චීන සබ්මැරීන් යානා පැමිණීම පිළිබඳව ඉන්දියාව නොසතුටින් සිටිනා බවයි. වර්ෂ 1971 දී පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ඉන්දියානු කලාපය සාම කලාපයක් කරන ලෙසට ශ්‍රී ලංකාව කරන ලද යෝජනාව ටැන්සානියාව විසින් ස්ථිර කරනු ලැබූ බව ද මෙම සමුළුවේදී ආචාර්ය දෝවල් ශ්‍රී ලංකාවේ මතකය අලූත් කර ඇත.


ඉන්දියානු සාගරයෙන් මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය හුවමාරුව, මුහුදු මංකොල්ලකෑම් ආදිය තුරන්කර ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇති බව ද ඔහු සඳහන් කර ඇත.


කලාපයේ ආරක්ෂාව සඳහා චීන සබ්මැරීන ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම ගැන දැඩි අවධානයෙන් පසුවන ඉන්දියාව මෙම සංචාර ගැන නොසතුටින් පසුවන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.


ආචාර්ය දෝවල්ගේ මෙම ප‍්‍රකාශයට මූලික වී ඇත්තේ චීන ජනාධිපති ෂී ජින් පිංග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව චීන න්‍යෂ්ටික සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ රඳවා තැබීම විය හැකිය.


ඉන් පසුවත් ෂැන්ග්ෂෙන් x 2 නම් තවත් න්‍යෂ්ටික සබ්මැරීනයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තැබීමට රජය අවසර ලබාදී ඇති බව ද කියැවේ.


මෙම සිදුවීම අරඹයා ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි කිසියම් අප‍්‍රසාදයකින් පසුවන බව ආචාර්ය දෝවල්ගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඉන්දියානු සාගරයේ චීන බලය ව්‍යාප්තවීම වැළැක්වීම ඉන්දියාවේ අරමුණ විය හැකිය.


කෙසේ වෙතත් ආචාර්ය දෝවල් ශ්‍රී ලංකාවට නොකියාxකියා ඇත්තේ චීන සබ්මැරීන් මින් ඉදිරියට නොපැමිණිය යුතු බව විය හැකිය.


මෙම දේශනයෙන් පසු ආචාර්ය දෝවල් කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත. එහිදී දෙරටේ දේශපාලන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡුා වී ඇත. චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණීම පිළිබඳව ආචාර්ය දෝවල් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ද අප‍්‍රසාදය පළකර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සුබපතා ඇති දෝවල් මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත‍්‍රත්වය රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද ප‍්‍රකාශ කර ඇති බව ද සඳහන් වේ.


මෙම අවස්ථාවට විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනවිරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සින්නා යන මහත්ම මහත්මීන් ද සහභාගී වී ඇත.


මීට අමතරව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන යන මන්ත‍්‍රීවරුන් ද හමුවී ඇති ආචාර්ය දෝවල්, දෙරටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කර ඇති බව පැවසේ. මෙම හමුවීම කොළඹ හෝටලයකදී සිදුවී ඇත.


ආචාර්ය දෝවල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී පිරිසක් ද හමුවී සාකච්ඡා කර තිබිණි. එහිදී දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳී නැති බව මන්ත‍්‍රීවරුන් ආචාර්ය දෝවල් හමුවේ ප‍්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.

 

 

dayasili-liyanage