අපලෙන් මිදෙන්න නැව් සමාගම නම වෙනස් කරයි By None // 2012 මාර් 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිෂෙල්ස් දූපත ආසන්න මුහුදේ දී අනතුරට පත් කොස්තා අලේග්‍රා ඉතාලි මගී නැව දින හතරකට පසු මාහේ වික්ටෝරියා වරායට ගෙනවුත් ඇත. සිෂෙල්ස් දූපතේ සිට කිලෝමීටර් 390ක් ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ නැව වික්ටෝරියා වරායට ඇදගෙන ඒමට පැය 30කට වඩා වැඩි කාලයක් ගතවීය. දින හතර පුරා හෙලිකොප්ටර් යානා මගින් සැපැයුණු පාන් ආහාරයට ගනිමින් කුසගින්න නිවාගත් බවත් වැසිකිලි පද්ධතිය අවහිර වීමෙන් මහත් අපහසුවට පත් වූ බවත් මගීහු පවසති. විදුලි ජනන යන්ත්‍රවල හටගත් ගින්නකින් නැව අනතුරට පත් වන විට රටවල් 62ක් මගීහු 627 දෙනෙක් එහි වූහ. ඉන් මගින් 251 දෙනකු නැවත සිය රටවල් බලා පිටත් වූ අතර 379 දෙනෙක් තව දින 10ක් සිෂෙල්ස් දූපතේ තම නිවාඩුව ගත කරති. ඔවුන් සදහා අධි සුඛෝපභෝගී හෝටල් කිහිපයක් තම වියදමින් වෙන් කළ බවත් සිය රටවලට ගිය මගීන් සඳහා විශේෂ ගුවන් යානා හතරක් සපයා දුන් බව කොස්තා කොර්වේරා නැව් සමාගම පවසයි. මාස දෙකකදී නාවික අනතුරු දෙකක් සිදු වීමත් සමග කොස්තා කොර්වේරා සමාගමේ නම වෙනස් කිරීමට ඇමෙරිකා කර්නවාල් නාවික සමාගම සැරසෙයි. කොස්තා කොර්වෙරා සමාගම ඉතාලියට අයත් වුවද එහි වැඩි කොටස් අයිතිය ඇමෙරිකා කර්නවාල් නාවික සමාගමට හිමිය. කොස්තා කොර්වෙරා සමාගමට අයත් සුඛෝපභෝගී මගී නැව් 15ක් රට රටවල ධනවතුන්ගේ චාරිකා සඳහා යොදවා ඇත. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්