ජංගම දුරකථනය මගින් හාදවී සතියක් ගතවීමට පෙර නොදුටු පෙම්වතා සොයා පැමිණි දාහතර හැවිරිදි පාසල් සිසුවියක් නගරයේ රාති‍්‍රයේ අතරමංවී සිටියදී රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂණ අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් ඇය බේරාගැනීමට හැකිවීමේ පුවතක් පෙරේදා (22) දින රක්වාන පොලීසියෙන් වාර්තා වේ.
මෙම තරුණියගේ මව විදේශ රටක රැකියාවකය. මිත්තනිය භාරයේ පසුවන ඇය උසස් පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන්නීය. ඇය සිය ජංගම දුරකථනයේ සටහන් වූ වැරදි අංකයකට පිළිතුරු දීමට ගොස් රක්වානේ පදිංචි තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය.
පෙම් සබඳතාවයට සතියක් ගතවීමටත් පෙර නුදුටු පෙම්වතාගෙන් ආරාධනාවක් ඇයට ලැබිණි. ඒ පෙම්වතාගේ නිවසට පැමිණ කතාබස් කර දෙදෙනාට දෙදෙනා හඳුනාගනිමු කියාය. පෙම්වතාගේ ආරාධනාව පිළිගත් පෙම්වතිය පෙරේදා (22) පෙරවරුවේ ගලේවෙල සිට රක්වාන නගරයට ළඟා වන විට රාතී‍්‍ර 8.00 ට පමණ ඇත. දුරකථනයෙන් කලින් කථාබස් කරගත් පරිදි තමා පිළිගැනීමට පෙම්වතා නගරයට පැමිණ සිටියේ නැත.
ඒ අසල ඇති දුරකථන කුටියකට ගොස් පෙම්වතාට කථා කරමින් සිටියදී ඇයගේ බියපත් හැසිරීම ගැන විමසිල්ලෙන් නිරීක්‍ෂණය කරමින් සිටි තී‍්‍රරෝද රථ රියදුරෙක්, ඒ ගැන පොලීසියට දැන්වීය. ඒ අනුව පොලීසිය පැමිණ තරුණියව පොලීසියට කැඳවාගෙන ගොස් සිදුකළ විමසීමේදී ඉහත සඳහන් කරුණු අනාරණය විය.
රක්වාන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 30102 තරංග, 17728 නිශාන්ත යන නිලධාරීහු මේ සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පවත්වති.

